EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Run Rabbit Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Daina Reid, Dean Fay, Nathan Croft, Sam Hewison
Cast
Go Full Cast PageRun Rabbit Run (2023) | පළිගත් භූතාත්මය.
Netflix ඔස්සෙ පසුගිය මාසෙ 28 වෙනි දා විකාශය අරඹපු මනෝවිද්‍යත්මක ත්‍රාසයෙන් යුතු කතාවක්. එහෙනම් වැඩි හෑලි නැතුව අපි කෙලින් ම යමු කතාවට.
සේරා කියල කියන්නෙ එක් දරු මවක්. එයාගෙ සැමිය දික් කසාද වෙලා වෙන කෙනෙක් එක්ක පවුල් ජීවිතයක් ගත කරනව. සේරා ගෙ ළමය ගෙ නම තමයි මියා කියල කියන්නෙ.මියා හිටි හැටියේ ම හරි ම වෙනස් හැසිරීම් රටා පෙන්නුම් කරනව. එයා නිතරම සේරා ගෙ අතුරුදහන් වෙලා ගියපු සහෝදරියක් වෙන “ඇලිස්” වගේ හැසිරින්න උත්සහ කරනව. නම පවා කියන්නෙ “මගෙ නම ඇලිස්” කියල. මේ ගැන කරුණු කාරනා හොයද්දි සේරා ට තේරෙනව මේ තමංගෙ දුව මියා සහ එයා ගේ නැති වුන සහෝදරිය අතර මොකක් ම හරි සම්බන්ධතාවයක් තියෙන වග. ඔන්න ඔය විදියට තමා ඉතිං කතාව ගලාගෙන යන්නෙ.
මේකෙ නළුවරනය දිහාට හැරුනොත්,ප්‍රදාන චරිතය රඟ දක්වන්නෙ sara snook. ඊට අමතරව Lilly la torre | Greta scatchi | Shabana Azeez යන අය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනව. මේ වෙද්දි චිත්‍රපට imdb 5.6 ක අගයක් ලබාගෙන ඇති අතර, 36% ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙනව.











