CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2003 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 08, 2014United States90 Min.
Your rating: 0
7 3 votes
Deepsea Challenge (2014) AKA James Cameron’s Deepsea Challenge 3D | ගැඹුරු සයුරේ අභියෝගය

පෘථිවියෙන් පිට විවිධ ග්‍රහලෝක මන්දාකිණි ගැන ගවේෂණය කරන මිනිස්සු තමන් ජීවත්වෙන පෘථිවියේ ගැඹුරුතම සාගර පතුල් ගැන දන්නේ මොනවද? ඇත්ත වශයෙන්ම ගැඹුරු සාගරයේ තවමත් ගවේෂණය නොකෙරුණු ස්ථාන බොහොමයක් තියෙනවා. අදටත් අපි සාගරය ගැන දන්නා දේ ඉතා අල්පයි. එයට හේතුව එතරම් ගැඹුරකට මිනිසුන් ගෙන යා හැකි යාත්‍රා නිපදවීම අතිශය වියදම් සහගත දුෂ්කර කාර්යයක් වන නිසා යි. මගේ හැට හතරවන උපසිරැසි නිර්මාණය ලෙස අද මම ඔබ වෙත ගෙන එන වාර්තා වැඩසටහන එවැනි එක් ප්‍රයත්නයක් ගැන කියවෙන්නක්. ඒ ජේම්ස් කැමරන් විසින් නිෂ්පාදනය කෙරුණු Deepsea Challenege (2014). කුඩා කාලයේ පටන් ගැඹුරු සාගර ගවේෂකයෙක් වී පෘථිවියේ ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන්නට සිහින දුටු ජේම්ස් කැමරන් තම සිහිනය සැබෑ කරගන්නට ක්‍රියා කළ ආකාරය, ඔහු එහිදී මුහුණදුන් අතිශය බිහිසුණු අභියෝගයන් සහ ඔහුගේ ගවේෂණයෙන් ලද තොරතුරු විශ්ලේෂණයක් අතිශය විචිත්‍රවත් ලෙස ඉදිරිපත් වෙනවා. 2014 අගෝස්තු 08 වැනිදා මුල්වරට නිකුත් කෙරුණු Deepsea challenge වාර්තා වැඩසටහන IMDb දර්ශකයේ 6.8/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. ඔබ තුලත් කුතුහලයෙන් පිරුණු ගවේෂකයෙක් සිටියි නම් ගෙදර සැපපහසු ආසනයක සිටම පෘථිවියේ ගැඹුරුම ස්ථානයට ගවේෂණයක නිරත වන්නට මේ Deepsea Challenger වාර්තා වැඩසටහන උපකාරී වේවි.

ජේම්ස් කැමරන් කිමිදුමට යොදාගත් ‘ගැඹුරු මුහුදේ අභියෝගකරු’ ගිල්ලුම් යාත්‍රාව

ඇත්තටම චැලෙන්ජර්ස් ඩීප් වෙත මුලින්ම කිමිදුණේ කවුද? 1960 වසරේ ජැක්ස් පිකාඩ් සහ ඩොන් වොල්ෂ් දෙදෙනා Bathyscaphe Trieste ගිල්ලුම් යානයෙන් සාර්ථකව, සාගර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 11ක් ගැඹුර චැලෙන්ජර්ස් ඩීප් වෙත සාර්ථකව කිමිදුණා. ඒ තමයි වාර්තාගත මුල්ම චැලෙන්ජර් ඩීප් ගවේෂණය. කුඩා කල රූපවාහිනියෙන් ඒ කිමිදුම නරඹපු දරුවෙක් වුණු ජේම්ස් කැමරන් සිහින දුටුවේ තමන්ගේම යානයක් නිර්මාණය කරගෙන එම ස්ථානයට යළිත් ගවේෂණයක නිරත වෙන හැටියි. පනස් දෙවසරකට පසු, 2012 මාර්තු 26 වැනිදා, චැලෙන්ජර්ස් ඩීප් වෙත තනිව කිමිදුණු පළමුවැන්නා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, ඔහු කෙසේ හෝ එම සිහිනය සැබෑ කරගත්තා. 2012දී ජේම්ස් කැමරන් විසින්ම නිපදවාගත් ‘ගැඹුරු සයුරේ අභියෝගකරු’ හෙවත් Deepsea Challenger යාත්‍රාවෙන් චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන තුරු වෙනත් කිසිම ගවේෂකයෙක් එතැනට ලඟා වුණේ නැහැ. එය එතරම්ම අභියෝගකාරියි. ගැඹුරු සාගරයේ කිමිදෙන්නෙකුට මරණයට පත්විය හැකි බිහිසුණු ආකාර ගණනාවක් තිබෙනවා. ඒ සෑම දෙයකින්ම ආරක්ෂිතව පෘථිවි සාගර පතුළ සාර්ථකව ගවේෂණය කිරීම සුළු පටු අභියෝගයක් නෙවෙයි. කැමරන් කොහොමද මේ අභියෝගය ජයගත්තේ? මේ වාර්තා වැඩසටහනෙන් කැමරන් ඔබට ඒ සියල්ල විස්තර කරාවි. ටයිටැනික් නැව ගිලුණු ගැඹුර මෙන් තුන් ගුණයක් ගැඹුර චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන්නට ගිල්ලුම් යාත්‍රාවක් නිෂ්පාදනය කරද්දී සැළකිය යුතු කරුණු කාරණා මොනවද? එවැනි අතිගැඹුරක කිමිදෙනවිට ඊට ඉහළින් ඇති අතිවිශාල ජල කඳේ බර දැරිය හැකි අන්දමින් ගිල්ලුම් යාත්‍රාවේ බඳ නිර්මාණය කළ නොහැකි වුණොත් මොකද වෙන්නේ? පහුගිය දිනයක ටයිටැනික් නෞකාවශේෂය නැරඹීමට කිමිදුණු Titan යානයට වුණු දේ ඔබ හොඳින් දන්නවා ඇති. යානය අන්තර් විදාරණය (Implosion) වීම වැළක්වීම සඳහා එවැනි සාර්ථක කිමිදුම් යානා නිපදවූවන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මෙහි ඉතා සවිස්තරව ඉදිරිපත් වෙනවා.

1960දී ඩොන් වොල්ෂ් සහ ජැක්ස් පිකාඩ් විසින් චැලෙන්ජර්ස් ඩීප් හි කිමිදුමට යොදාගත් Triesty යානය

එසේ නම් ජේම්ස් කැමරන්ගේ Deepsea Challenge (2014) Sinhala Subtitles සහිතව රසවිඳිය හැකියි.
මේක නම් බලන්නම වටිනා වාර්තා වැඩසටහනක්!

Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepsea Challenge 3D (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.8 /10 2,108 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Bruno
Director

Cast

Frank Lotito isGiuseppe Buono
Giuseppe Buono
Lachlan Woods isJacques Piccard
Jacques Piccard
Paul Henri isDon Walsh
Don Walsh

Similar titles

Superman (1978) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
God’s Country (2022) Sinhala Subtitles
Upgrade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Star Wars: Episode 5 – The Empire Strikes Back (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fear Footage (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek Forever After (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
The Famous Five and the Valley of Dinosaurs (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Back to the Future (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reservoir Dogs (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published