EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Veeran (2023) | “දෙවියෙක් නොවූ වීරයෙක්”

(Veeran (2023) Sinhala Subtitles) (Veeran (2023) Sinhala Subtitle) (Veeran (2023) Sinhala Sub) (Veeran Sinhala Subtitle)

Veeran | Tamil | 2023

Veeran (2023) – IMDb

IMDb 6.4/10

Super hero film

2 hrs 35 min

“දෙවියෙකු නොවූ වීරයෙක්..”

ඔන්න තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක තිරගත වුණේ ජූලි 2 වන දා.. දමිල ගායක, සංගීත අධ්‍යක්ෂක වගේම සුපිරි නලුවෙක් ද වන ” හිපොප් තමිලා – ආදී “ ගේ තවත් සුපිරි චිත්‍රපටයක් තමා “වීරන්” කියන්නෙ..

මෙහි කතාව හා අධ්‍යක්ෂණය ARK Saravan වෙනවා… නිෂ්පාදනය T. G. Thyagarajan, Sendhil Thyagarajan හා Arjun Thyagarajan වෙනවා.. මෙහි සංගීත අධ්‍යක්ෂය වගේම ප්‍රධාන චරිත නිරූපණය හිපොප් තමිලා නොහොත් ආදි ය… සෙසු චරිත අතරට,

✧ Vinay Rai

✧ Athira Raj

✧ Munishkanth

✧ Kaali Venkat

✧ Nakkalites Sassi Selvaraj

✧ R. Badree

✧ Jenson Diwakar

✧ Bose Venkat

✧ Jeeva Ravi අය වෙනවා…

මෙහි කතාව ගැන කිව්වොත්, අවු.15දී කුමරන්ට අකුණු සැරක් වැදී බොහෝ සේ ආසාධ්‍ය වෙලා සිංගප්පූරු රෝහලක් වෙත රැගෙන යනවා. පසුව අවු. ගානකට පස්සෙ ගමට එනවා. කුඩා කල සිටි යාලුවෝ දෙන්නා නැවත හමු වීමත් සමග ඔවුන් අතීත කතා කියන අතර කුමරන්ට වූ දෙය ගැන ඇත්තම විස්තරේ කතා වෙනවා. කුමරන්ට හරි අපූරු බලයක් ලැබෙනවා එදා ඒ අකුණු සැර වැදීමත් සමග… වීරන් නමැති මනඃකල්පිත දෙවි කෙනෙක් අදහන ගමේ උදවිය දේවාලයක් සාදා එහි පුද පූජා කරනවා. පසුව ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් මේ දේවාලය කඩා දමා එතනින් විදුලි නල පද්ධතියක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැරසෙනවා.. පසුව වීරන් නැමැති දෙවියන් පැමිණ මේ මහා ව්‍යසනයෙන් ගම හා ගමේ උදවිය බේරා ගන්න ආකාරය තමා මෙහි ගලා ගෙන යන කතාව වෙන්නෙ…

ලස්සන කතාවක්.. හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ චිත්‍රපටයක්.. ගීත 3ක් ඇතුලත් වෙනවා. එහි ගායනා හිපොප් තමිලා වගේම අනිරුද් ද සිදු කරනවා. ලංකාවේ වගේම ප්‍රංශයේද මෙය තිරගත වුණා.. පසුව Amazon Prime Video හරහා අන්තර්ජාලට නිකුත් වුණා..

ලස්සන කතාවක්. බලන්න කියලා ආරාධනා කරනවා…
– නිත්‍යා රූපසිංහ ෴

Comments

July 11, 2023

aluth kramaya hariyanne na. adblock nathi bowser eketh adblock kiyala watenawa

    Cinesubz July 11, 2023

    ok. parana widihama damma