CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2046 Views

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ No Ads]
  • Player 04 480p [ No Ads]
  • Player 04 720p [ No Ads]
Antrum (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Antrum (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 14, 2018Canada95 Min.
Your rating: 0
8.4 8 votes
Antrum (2018) | අපාය සහ යක්ශයා

” සිනමාවේ ආර්ම්භයේ සිටම , මම අපාය සහ යක්ශයා පිලිබඳව චිත්‍රපට නිර්මාණය කරලා තියනවා..”

” එය චිත්‍රපටියක් පමණක් ම වූ නිසා ආරක්ෂිත එකක් වුනා”

“නමුත් ‘Antrum’ ආරක්ෂිත එකක් නොවේ!”

 

 

 

මාතෘකාවයි උඩ දෙබස් ටිකයි දැක්කම ටිකක් අමුතුයි කියලා හිතුනද? නැත්තං සමහර Horror ,ෆිල්ම්ස් වල වගේම ෆිල්ම් එකේ යම් සිද්ධින් නිසා මේකට මම මරණයේ චිත්‍රපටිය කිව්වද.. ප්‍රශ්නයක් නේ.. මේක ඇත්තටම ලොව පුරා සිටින මිනිසුන් 70කට අධික ( වාර්තා වන අගය ) ගනණක් බිලිගත්ත චිත්‍රපයටක් කිව්වොත් ඔබ මාව පිලිගනීවිද? දැන්ම කට්ටිය Google කරන්න ගන්නවත් ඇති.. කෙසේ වෙතත් මේකේ පිටිපස්සේ තියන කතාව අහලම Film එක බලන්න කියලා ඉල්ලනවා..

චිත්‍රපටය නැරඹීමෙන් වන කිසිදු හානියට කායිකව හෝ මානසිකව වේවා කිසිම අයුරකින් මම හෝ අපේ කණ්ඩායම වග කියන්නේ නෑ කියලත් මතක් කරනවා. මේ අවවාදය මේ වගේම විත්‍රපටය පටන් ගන්න කලිනුත් නිශ්පාදන කණ්ඩායම දෙන නිසා අපිත් මේක Downloads කර ගන්න කලින්ම ඔයාලට කියන්න හිතුවා.. ( මම නම් බලලා දවස් ගානක් ගියා මට ⁣නම් මොනාත් වුනේ නෑ හැබැයි – _ – )

ෆිල්ම් එක ගත්තොත් 70 දශකයේ නිර්මාණය වුන හොල්මන් ෆිල්ම් එකක්..නමුත් මේ ෆිල්ම් එක පිටිපස්සේ තියන කතාවත් ඇත්තම හොල්මන් එකක් වගේ කිව්වොත් මම හරි. බලන බලන කෙනාට මරණය අත් වෙන කුමන හෝ බලවේගයක් මෙය තුල අන්තර්ගතයි කියලා ලොව පුරා ඉන්න විද්වතුන් , මහාචාර්ය වරැන් , නිශ්පාදකවරැන් විශ්වාස කරනවා. මේ චිත්‍රපටය හරි හැටි තිරගත වූ කාලයක් අපිට හොයා ගන්න ලැබෙන්නේ නෑ. . මට ලැබුන තොරතුරු අනුව මේක 1979 දී මුල් පිටපත තිරගත වුනා කියලයි වාර්ථා වෙන්නේ. . මුලින් කිව්වා වගේම මෙය බලන කෙනෙක්ට මානසිකව හෝ කායිකව පීඩාවක් කරන නැතිනම් මරණය දක්වා ගෙන යන චිත්‍රපටියක්.. මේක ගැන සම්පූර්ණ විස්තරයක් මේ විත්‍රපටිය රස විදින්න කලින් දකින්න පුලුවන් වෙයි. ඒවටත් මම Sub කරලා තියනවා. විනාඩි 8 පමණ Documentry එකක්.. සහ අවසානයේ දී ත් ඔබ විත්‍රපටිය තුල දැකපු රෑප රාමු ආශ්‍රයෙන් ඔබට පැහැදිලි කිරීමක් බලාගන්න පුලුවන් වෙයි.. මෙච්චරටම මේක ශාපලත් එකක් වුනේ ඇයි කියලා සහ නොවිසිදුන ගැටලු කිහිපයකුත් සමග. බටහිර රටවල් වල ඇති ආගමික විශ්වාසයන් හා අදුරැ ඇදිහිලි ආදිය මේක ශාපලත් එකක් වෙන්න තදින්ම බලපාලා තියනවා කියලා බලාගෙන යද්දි තේරෙනවා.. ඇත්තටම මේක බලද්දි නම් හිතෙයි මොන කෙහෙල්මලක් ද මේ..මේකට බය හිතෙන්නෑ කියලා.. ඒත් ඔයා මේ අදුරැ දේවල් ගැන හොයන කෙනෙක් නම් , ඒවා දන්න කෙනෙක්ම නම් ඔයාට චිත්‍රපටිය ඉතා සියුම් ලෙස බැලුවොත් තේරෙනවා මේකේ සමහර රෑප රාමු හා ඒවගේ දැක්වෙන සංකේත වල තියන බරපතලකම. මේක ගැන අදහසක් නැති අය චිත්‍රපටය අවසානයේ තියනවා විනාඩි ගණනක පුංචි Documentry එකත් බලන්න අමතක කරන්න එපා.

මීට අමතරව මේ වගේ මතයකුත් සමහර අය කියනවා , ඒ තමයි මේක ඇත්තටම 70 දශකයේ තිරගත කල හෝ නිශ්පාදනය කල චිත්‍රපටියක් නොව 2000 හෝ ඊට ආසන්න කාලයකදී නිශ්පාදනය කර මේකට මේ පරන ඉෆෙක්ට් එකක් දාලා පරණ කරලා මේකේ ආදායම ⁣නිශ්පාදකවරැනට කවර් කරගන්න බැරි වුනාම හොල්මන් සහ අදුරැ බලවේග ගැන චිත්‍රපටියට ගැන බොරැවට කටකතා හදලා මේක ප්‍රොමෝට් කරගන්න හැදුවා කියලත් කට්ටියක් කියනවා. කෙසේ වෙතත් මේ හන්ගේරියා වේ ගිනිගත්ත සිනමා ශාලාව ගැන හන්ගේරියා ඩේලි නිවුස් කියලා වෙබ් එකකින් මට හම්බවුනා වගේම තමා මෙහෙම චිත්‍රපටියක් 2000 දශකයේ නිර්මාණය වුනා කියලා කිසිම තොරතුරක් නම් මට නම් හොයාගන්න බැරි වුනා.. මේකේ ඇත්ත නැත්ත ගැන බලන එක ඔබට මම බාර කරනවා.

එහෙනම් අපි කතාව පැත්තට ගියොත් මේ කතාවේ මූලික චරිත දෙකක් දකින්න පුලුවන් ඔරලි සහ නේතන. මේ අක්කා මල්ලෝ දෙන්නා මල්ලිගේ මිය ගිය බලු පැටියා අපායෙන් ගලවගන්න කියලා හිතාගෙන එයාලගේ ගෙවල් අසල තියන මිනිස්සු සියදිවි නසා ගැනීමට ප්‍රසිද්ධ වනාන්තරකට ඇතුලු වෙනවා.. ⁣ ඊටවඩා කතාව ගැන කියන්න බෑ ඉතින්.. කතාව බලලාම තීරණය කරන්න හොදයි ද කියලා..

තව දෙයක් ආයෙත් මතක් කරනවා ඔයාට යම් මානසික ආතතීන් වගේ දේවල් තියනවා නම් මේක නොබලා හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ කියලත්..

මේක දැන⁣ට IMDB දරශකයේ 4.9 රේටින් එකක් ලබාගෙන තියනවා සහ කුනුතත්කාලි 79% වෙනකම් ගිහින් තියනවා කියලත් මතක් කරනවා.

ඉතින් තවත් මේ වගේම ෆිල්ම් එකක් අරන් එනකම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ෆිල්ම් එක බලලා පැය 24කට පස්සේ කමෙන්ට් එකකුත් දාන්න ඈ.. ජීවත් වෙනවද කියලා අපිට බලාගන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Baiscope)
IMDb 4.9 /10 3,725 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Amito
Director

Cast

Similar titles

The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pinocchio (2022) Sinhala Subtitles
Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The System (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Archenemy (2020) With Sinhala Subtitles

(4) comments

  • chanaka July 15, 2023 Reply

    super bro

  • thushan July 15, 2023 Reply

    baya karanna epa yako

  • Prasadi July 16, 2023 Reply

    Meka balala jeevath wela inna aya kiyanna meka baluwata kamak nadda kiyala🙄
    Bayai wagee….

  • sahan July 20, 2023 Reply

    Aulk na shape

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published