CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5400 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 11, 2010United States104 Min.
Your rating: 6
8.9 19 votes
She’s Out of My League (2010) | ඔයා තමයි මට මැවූ කෙනා. |18+

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ ලස්සනටයි අර බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි. වර්ණනා කෙරුවා වැඩිද මන්දා!

කතාව මේකයි, Kirk කියන්නෙ ගවන්තොටුපළක සේවය කරන නිලධාරියෙක්. ඔහු ඉතා කෙට්ටු සහ කෙසඟ ශරීරයක් සහිත කෙනෙක්. වැඩිය කවුරුත් එක්ක කතා නැති . කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නෙ නැති කොල්ලෙක්. හැබැයි එයාට නියම යාළුවො සෙට් එකක් ඉන්නවා. නියම ගැන්සිය. ඒ වගේම එයගෙ පවුලෙ කට්ටියත් මරු. හරි, කොහොම හරි අර මම මුලින් කියුව ලස්සනම ලස්සන Alice Eve ගුවන් තොටුපලට පැමිණෙනවා හදිස්සියෙම, Kirk වැඩ කරන ගුවන් තොටුපලට. Molly ගේ ලස්සන නිසාම එයා ගුවන් තොටුපලට පැමිණෙනවත් එක්කම මුලු ගුවන් තොටුපළම ෆුල් හොල්මන් වෙලා යනවා. ඒ අතර ඉතින් දන්නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කහම ඉතින් කොල්ලො එහෙම ඉතින් පොඩි බයිට් එකක් දානවනෙ. හැබැයි මෙතනදි නම් මේ බයිට් එක දාන්නෙ ටිකක් වයසක ගුවන් තොටුපලේ සේවයේ නියැලෙන නිලධාරියෙක්, ඩයල් එකක්. නමුත් Kirk ඉතින් සැමට පිහිට කියලා හිතායෙන මේ Molly ට එතනින් ඉක්මනින්ම ගුවන් යානය වෙත ගමන් කිරීමට උදවු කරනවා. කොහොමහරි මේ Molly සහ Kirk අතර පොඩි ආදර හැඟීමක් ඇති වෙනවා. නමුත් Kirk ට මේ ගැන හිතා ගන්නත් ටිකක් අමාරුයි. කතාව මෙහෙම කියුනකොට අර සම්ප්‍රදායික තේමවක් වගේ කියල හිතුණට, ඇසි පිය නොගහ බලන්න පුළුවන් නියම කතාවක්. Kirk ගේ යාළුවො සෙට් එකයි, Kirk ගෙ අයියයි කරන වැඩ වලට බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමේට Kirk ට මේ සුන්දර Molly ගේ පෙම්වතා වෙන්න පුළුවන්ද? සිත ඇත්නම් පත කුඩාද! ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ. ඒ නිසා මේකත් ඉතින් වෙන්ඩ පුළුවන් කතාවක්. කට්ටිය එහෙනම් මම කියනවට බාගෙන බලන්න. බලලා කමෙන්ට් පාරකුත් දාලම යන්න.

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6.4 /10 140,687 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jay Baruchel isKirk Kettner
Kirk Kettner
Alice Eve isMolly McCleish
Molly McCleish
Kyle Bornheimer isDylan Kettner
Dylan Kettner
Jessica St. Clair isDebbie Kettner
Debbie Kettner
Debra Jo Rupp isMrs. Kettner
Mrs. Kettner

Similar titles

Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Is the Warmest Colour (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G – Zombie (2021) Sinhala Subtitles
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumesh & Ramesh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 19, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published