CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1904 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 01, 2016India122 Min.
Your rating: 0
8 1 vote
Appa (2016) | තාත්තා

“පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී. “

කියලා අපි අහලා තිබෙනවා. ඒ නිසා වෙන්නැති පිය සෙනෙහස අළලා මෙවැනි නිර්මාණ පවා බිහිවෙන්නේ. මා මීට කලින් ඇරන් ආව අම්මා කණක්කු චිත්‍රපටයට නොදෙවෙනි චිත්‍රපටයක් අද ඇරන් ආවා. “අප්පා (තාත්තා) “ . එම ලිපියෙහි මා මේ චිත්‍රපටය ගැන සඳහනකුත් කරලා ඇති. දමිළ සිනමාව අද එක්තරා වාණිජමය රාමුවකට කොටුවෙලා තියන යුගයක, මෙවැනි හොඳ නිර්මාණ වලට උපසිරැසි ලබාදීම බයිකෝප් වෙඩ් අඩවියේ යුතුකමක් ලෙස සළකලා තමයි අද මේ උපසිරැසිය ඇරන් එන්නේ. මංද..මෙවැනි චිත්‍රපටි වලට උපසිරැසි කිරීමට අද කිසි කෙනෙක් උනන්දු වෙලා නැති බව අම්මා කණක්කු හා අප්පා යන චිත්‍රපටි දෙකටම ඉංග්‍රිසි උපසිරැසියක් නොලැබීමෙන් අපට පැහැදිළි වෙනවා. ඉතින් ඒ නිසාමයි මේ මා මෙය තෝරාගන්නේ.

තම දරුවා සමාජයේ හොඳ මිනිසෙක් කරන්න කැපවුණු ආදරණීය තාත්තා කෙනෙක් ගැන කතාවක්. ඔහු අනිත් පියවරුන්ටත් ආදර්ශයක් වුණා. සැබෑ තාත්තෙක් සහ සැමියෙක් යනු කවරෙක්ද යන්න අන් අයටත් පෙන්වා දුන්නා. ඇත්තටම මේකේ කතාව මොකද්ද කියලා පැහැදිලි කරන්න මට තේරෙන්නෑ. ඒ කියන්නේ මේකට කතාවක් නැහැ කියන එක නෙවෙයි..මේ කතාව මට වචන දෙක තුනකට ගොනු කරන්න තේරෙන්නේ නෑ. සමාවෙන්න ඕන. මං එහෙම කරන්න ගියොත්, මම සමුද්‍රගනීට අසාධාරණයක් කළා වෙනවා. ඔහුගේ පණිවුඩය ඔයාලා මුල සිටම වටහා ගත යුතුයි. නමුත් අවසානයේ මං මෙහෙම දෙයක් කියන්නම්..සැබෑම තාත්තා යනු කවරෙක්ද කියලා ඔහු ලෝකෙටම පෙන්නුවා.

පසුගිය සතියේ කබාලි චිත්‍රපටය තිරගත වුණා. දැනට වාර්තා පිට වාර්තා බිහිකළ සිනමා පටය. මේ ආකාරයට කාගෙවත් නමක් යොදලා එයට වීරත්වය මුසු කරලා කැකෑරෙන සංගීතයක් සමඟ “නෙරුප්පු ඩා..“ කියලා දාලා දිවෙවුවාම “පට්ට ෆිල්ම් එක බං“ කියන සමාජයක් අද. කබාලි චිත්‍රපටයට ටිකට් එකක් ලැබුන්නෑ කියලා එදා සිනමාශාලාව ඉස්සරහා විරෝධතා පවත්වපු මිනිස්සු කියපු දේවල් අහපුවාම හිතෙනවා..“යකෝ මුන් ඇයි රජිනිට ඔච්චර මැරෙන්න හදන්නේ..ඔය කෑ ගහන උන් අඩුම තරමේ තමන්ගේ අම්මා තාත්තා ගැන ඔය විදියට වද වෙලා තියනවද..“ කියලා.. මෙවැනි උමතු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ බය නැතුව මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා ලොකුවට “අප්පා (තාත්තා)“ කියලා කටවුට් එක ගහලා එළිදක්වන්න තරම් සමුද්‍රගනීගේ හිත හයිය වුණු එකට මගේ උත්තමාචාරය. මොකද වෙනත් නමක් දැම්මානම් චිත්‍රපටිය අගේට දුවවන්න තිබුණා. ෆිලුම බලද්දි ඔයාලට තේරෙයි මේක වාණිජමය අරමුණකින් කොහෙත්ම කරලා නැති බව. මේ චිත්‍රපටය ළමා පරපුරට ඔහු දුන් දායාදයක් වගේම, වැඩිහිටියන්ට කියා දුන් පාඩමක්. එහෙමයි IMDB වෙබ් අඩවිය සඳහන් කරලා තිබුණේ. එහි මෙය ලබාගෙන තිබෙන රේටින් එක 9/10 ක්. වෙන මොන කතාද !

සමුද්‍රගනී, අපි කවුරුත් දන්න අසහාය නළුවෙක්. මේ චිත්‍රපටයේ පිටපත, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය සමුද්‍රගනී. එයාගේ රඟපෑමනම්…කියන්න වචන නෑ. තව තම්බි රාමයියා මෙහි සීරියස් චරිතයක් කරනවා. සාමාන්‍යෙන් ඔහු විකට නළුවෙක්. මෙයාලගේ බිරින්දෑවරුන්ගේ චරිත කරන දෙන්නා අති විශිෂ්ටයි. විශේෂයෙන්ම සමුද්‍රගනීගේ බිරිඳ. ඒ වගේමයි ළමා නළු නිළි කැල..කියන්න තරම් වරදක් නැහැ. අම්මා කණක්කු එකේ අභින්‍යා නංගිත් ඉන්නවා. වෙට්ට්‍රිවේල් චිත්‍රපටියේ සසිකුමාර් ආරාධිත රංගනයක නියත වෙනවා. සංගීතය ඉලෛයරාජාගෙන්. මේ හැමෝම එකතු වෙලා ලෝකයට දුන්නු මේ උතුම් පණිවිඩය..අපි සියළු දෙනාටම දැනෙන්න හරින්න ඕන. ඒකට ගත්තු උත්සාහයක් තමයි මගේ උපසිරැසිය. එහෙනම් අනිවාර්යෙන් බලන්න කියලා ඉල්ලීමක් කරන ගමන්..ලිපිය නවත්තනවා. ජයවේවා!

ඔබේ මාර්ගයෙන් මේ ලෝකයට පැමිණි පිරිසිදු ආත්මයන් හදන්න යන්න එපා.. ඔසවා තබන්න.

– හිතවත් සමුද්‍රගනී.

Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර (Baiscopelk)
IMDb 7.9 /10 1,399 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Thambi Ramaiah isSingamperumal
Singamperumal
Namo Narayanan isNadunilaiyan
Nadunilaiyan
Vinodhini Vaidyanathan isSingamperumal's wife
Singamperumal's wife
Vignesh isVetrieeswaran
Vetrieeswaran
Pa. Vijay isSpecial appearance
Special appearance
Yuvasri Lakshmi isNeelanandhini
Neelanandhini
Gabriella Charlton isRashitha Banu
Rashitha Banu

Similar titles

Petta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big Bull (2021) Sinhala Subtitles
Hours (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heights (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published