EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJustice League: Warworld (2023) | යුධ ලෝකයේ සිරකරුවන්
මේක තමයි DC රසිකයො බලන් හිටපු DCAMU (DC Animated Movie Universe) එකේ Tomorrowverse කියන Continuity එකේ අවසාන ඇනිමේෂන් චිත්‍රපටය. පහුගිය ජූලි 25 වෙනිදා අන්තර්ජාලෙට මේකෙ වීඩියෝ පිටපත් නිකුත් වුනා. IMDB අගය 5.1 ක් ලබාගෙන තියෙනවා.
ඒ වගේම මේක PG-13 වලින් නිකුත් වෙන්න තිබුනත් පස්සේ R-rated කාණ්ඩයෙන් තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටිය ගැන කතා කරොත් Justice League කණ්ඩායමේ බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර්වුමන් කියන චරිත තුන තමයි මුළු චිත්‍රපටියෙම දිවෙන්නේ. බැට්මෑන් චරිතයට හඬ කැවීම් කරලා තියෙන්නේ ~Jensen Ackles~ විසින්. Stana Katic වොන්ඩර් වුමන් චරිතයටත් Darren Criss සුපර්මෑන් චරිතයටත් හඬ මුසු කරලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester විසින්.
කතාවට හැරුනොත් (Spoiler Alert): වොන්ඩර් වුමන්, බැට්මෑන්, සුපර්මෑන් වීරයෝ තුන් දෙනා වෝ(ර්) වර්ල්ඩ් (යුධ ලෝකය) එකේ විශ්වයන් තුනක ගමන් කරනවා. එයාලට අතීතය අමතක වෙලා තියෙන්නේ. සුපර්මෑන් පෙනී ඉන්නේ 1950 ගණන්වල කළු-සුදු ලෝකයක ඒලියන්(පිටසක්වල) ආක්‍රමණයක් විමර්ශනය කරන ගමනුයි. එතකොට බැට්මෑන් ජීවත් වෙන්නේ ස්කටාරිස් කියන ගෝත්‍රය ජීවත් වෙන තවත් මානයක.
වොන්ඩර් වුමන් බටහිර නගරයකට මැදිවෙලා ඉන්නවා.
කොහොමින් හරි මේ සේරම පාලනය වෙන්නේ වෝ(ර්) වර්ල්ඩ් කියන අඟහරු ජීවින් නිර්මාණය කරපු
විශ්වයක් තුලයි. ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. මෙතනින් එහා කිව්වොත් මුළු කතාවම වගේ කියන්න වෙන නිසා ඇනිමේෂන් එක බලලම සිද්ධිය දැනගන්න.






