EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cynthia Balfour, Gene Stupnitsky, George Lambert, J. Alex Finch
Cast
Go Full Cast PageNo Hard Feelings (2023) | දවසකට කරන ආදරේ! 18+
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් නොයිවසිල්ලෙක් බලාගෙන හිටපු ජෙනිෆර් ලෝරන්ස්ගේ අළුත්ම ෆිල්ම් එක, No Hard Feelings. ජෙනිෆර් ලෝරන්ස් කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ, ඔව් එයා තමයි The Hunger Games (2012), Red Sparrow (2018), Passengers (2016), Mother!(2017) වගේ සෑහෙන්න ජනප්‍රියට පත් චිත්‍රපට වල රඟපෑවේ. ඒ වගේම තමයි මේකත් කොමඩි ෆිල්ම් බලන්න ආස කවුරු හරි ඉන්නවා නම් අනිවා බැලුවට පාඩුවක් නම් වෙන්නෑ. මේක අධ්‍යක්ශනය කරන්නේ Good Boys (2019) ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරපු Gene Stupnitsky විසින්. මේ ෆිල්ම් එක තියටර් වලට නිකුත් වුණේ ජූනි 23 වෙනිදා Sony Pictures ආයතනය හරහා. ෆිල්ම් එක නිශ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 45 වැය වෙලා තියෙනව වගේම ඇමරිකානු ඩොලර් මිලියන 85 මේ ෆිල්ම් එකෙන් උපය ගන්න හැකි වෙලා තියෙනවා. තව මේකට රංගනයෙන් දායක වෙනවා Andrew Barth Feldman/ Laura Benanti/ Natalie Morales/ Matthew Broderick/ Ebon Moss-Bachrach වැනි අය.
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත්, මැඩී කියන්නෙ සල්ලි අමාරුකම් මැද අමාරුවෙන් ජීවත් වෙන සෙල්ලක්කාර චරිතයක්. එයාට තමන්ගෙ දේපල බදු ගෙවාගන්න බැරි වුණ නිසා ඒකට හිලව් වෙන්න නිළධාරියෙක් ඇවිත් එයාගෙ කාර් එක අරන් යනවා. මැඩී රස්සාව විදිහට කලේ ඌබර් ඩ්‍රයිවින් දැං කාර් එකක් නැතුව ඒකත් කරගන්න විදිහක් නැති වෙනවා. ඉතිං දැං මැඩී තමන්ගෙ ගෙදර බේරගන්න බදු ගෙවන්න ඕන නිසා කාර් එකක් හොය හොයා ඉද්දි දැන්වීමක් දකිනවා, සල්ලිකාර ගෙදරක දෙමව්පියෝ දෙන්නෙක් තමන්ගෙ ලැජ්ජශීලී පුතාගෙ ලැජ්ජාව නැති කරලා එයාගෙ හිත ධෛර්‍යමත් කරන්න කෙල්ලෙක්ව හොයනවා ඒ වෙනුවට ඔවුන් ඒ කෙල්ලට කාර් එකක් නොමිලේ දෙනව කියලා. හැබැයි වැඩේ කියන්නෙ කොල්ලට වයස 19 මැඩීට වයස 32යි. ඉතිං දෙමව්පියෝ කැමති වෙයිද මැඩීට මේ වැඩේ බාරදෙන්න? මැඩීට හැකිවෙයිද ඒ වගේ වයසක් තියාගෙන ඒ කොල්ලට ලං වෙන්න? ඒවා දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා, මැඩීගෙ මේ සෙල්ලක්කාර වැඩ නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙනවද කියලා දැනගන්න.
එහෙනම් මෙතන ඉඳං ෆිල්ම් එක බලන එක ඔයාලට බාරයි, තව එකක් මේක අවුරුදු 18 වැඩි කට්ටියට විතරයි බලන්න කියලා නිර්දේශ කරන්නේ. මොකද මේකෙ නිරුවත් දර්ශන අඩංගු වෙන නිසා.











