Ruby Gillman, Teenage Kraken (2023) | සිංහල උපසිරැසි සමඟ

රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.

Comments