EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageFrozen (2010) | ලස්සන හිම අතර සැඟවුන මාරයා!
හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්. ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ ඔවුන්ගෙ යාළුවා, ලින්ච් යනවා හිම මත ලිස්සීමේ ක්‍රීඩා කරන්න. අපිට ඒක ආගන්තුක වුනත් ඒක හිම වැටෙන රටවල බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් . ඉතින් මෙයාලට ඒකට යන්න සල්ලිත් නැහැ. කපටිකමක් කරලා තමයි එතනට යන්නෙ. ඉතින් තුන්දෙනා හොඳට විනෝද වෙලා එද්දි රෑ වෙලා. ඉතින් මෙයාලා ආපහු එන්න ඕන කේබල් කාර් එකේ. එතන ඉන්න මනුස්සයාට කියලා බොහොම අමාරුවෙන් ඒකෙ නැගලා මගක් එද්දි ඒක නවතිනවා.ඉතින් ගොඩක් වෙලා බලන් ඉන්නවා ආපහු ඒක යන්න පටන් ගනියි කියලා. ඒත් නෑ… ඒත් දිගටම හිම නම් වැටෙනවා. රෑ දවල් ගෙවෙනවා.ඉතින් කොහොමද එයාලා මේකෙන් බේරෙන්නෙ? කොහොමද ආපහු යන්නෙ? යන්න පුළුවන් වෙයිද? ඒවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.







