EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Amala (2023) | “ආදරෙන් උමතු වුණු මනෝ ව්‍යාධියා”
ඔන්න මං ආයෙත් ආවා අලුත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන. මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.
මේ චිත්‍රපටය ගැන මගේ පෞද්ගලික මතය ගැන කිව්වොත්, කතාව පුරාම කිසිම සැකයක්, ත්‍රාසයක් දැක්කෙ නැහැ. Plot එකේ වුනත් thriller ෆිල්ම් එක්ක තිබිය යුතුම kick එක හම්බුනේ නෑ. මොනවා වුනත් ඔයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් ඔන්න සබ් එක අරගෙන ආවා. ඒ වගේම එක එක්කෙනාගෙ පෞද්ගලික මත වෙනස් වෙන්න පුලුවන් නිසා කතාව බලලම ඔයාලගෙ මතය මොකද්ද කියලා තීරණය කරන්න කියලත් මේ ගමන් ආදරෙන් ඉල්ලනවා.


