EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Monkey King (2023) | වඳුරු රජා!
The Monkey King කිව්ව ම කවුද නොදන්නෙ? දශක ගනනාවක් තිස්සෙ දීර්ඝ චිත්‍රපට මාලවකින් සහ Animation චිත්‍රපට මාලාවකින් ප්‍රේක්ෂක හිත දිනාගත්ත චරිතයක් තමා මංකි කින්ග් කියල කියන්නෙ. ඉතින් ඒ කතා මාලවෙ තවත් එක් නමක් සනිටුහන් කරමින් Netflix ල විසින් The Monkey King නමින් prequel චිත්‍රපටයක් පසුගිය 18 වෙනිද නිකුත් කරා. ඉතින් එහි සිංහල උපසිරැසි සබැඳුම තමා මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙන්නෙ.
මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ මංකි කින්ග් ට කොහොම ද එයාගෙ අමරණීය බලය ලැබුනෙ සහ එයා කොහොම ද දෙවියෙක් බවට පත් වුනේ කියන කාරණය. කුඩා කාලයෙ ඉඳලම සමාජයෙන් ගැරහීමට ලක් වෙන මංකි කින්ග් තමංට අයිති තමංගෙ තැන වෙන අමරණීයත්වය සහ දේවත්වය හොයාගෙන එයගෙ ආයුධය වන “පොල්ල” (Stick) සහ සහයිකාව ලින් එක්ක යන ත්‍රාසජනක සහ වික්‍රමාන්විත චාරිකාවක් තමා මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ. ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 7.2/10 වගේ ඉහළ Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව වගේම තමා සෑහෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර කලින් චිත්‍රපට මාලාවට සාපේක්ෂව ලැබිල තියෙනව.




