EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Boogeyman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Colin MacLellan, Jason Chandler, Rob Savage
Cast
Go Full Cast PageThe Boogeyman (2023) | දරුවන් බිලිගන්නා බුගීමෑන්!
මේ ෆිල්ම් එක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ 2023 ජූනි දෙවෙනිදා 20th Century Studios හරහා. සිනමාශාලාවල් වලට නිකුත් වෙලා මාස දෙකකටත් වැඩි ප්‍රමානයක් ගියාට පස්සෙ තමයි මේකෙ වෙබ් රිලීස් කළේ, එනම් අගෝස්තු 28 වෙනිදා. ඒ අනුව මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 35 යොදා නිෂ්පාදනය කරලා ඩොලර් මිලියන 82 වැඩි ප්‍රමානයක් උපයගන්න හැකිවුණා. මේක අධ්‍යක්ෂණය කළේ Rob Savage මහතා සහ රංඟනයෙන් දායක වුණා Sophie Thatcher, Vivien Lyra Blair, Chris Messina, David Dastmalchian, Madison Hu, Marin Ireland වැනි අය. ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කලොත් මේ වන විට මනාප 13,400කට අධික ප්‍රමානයකින් IMDb 6.1 හොඳ අගයකුත් කුණු තක්කාලි 62%කුත් ගන්න හැකිවෙලා තියෙනවා. එහෙනම් දැං අපි කතාව පැත්තට හැරෙමු,
මේ කතාවට අනුව බුගීමෑන් කියන්නේ ළමයින්ව බිලිගන්න එන රාක්ෂයෙක්ට. ඌ දුර්වල ඉක්මනි බයට පත්වෙන ළමයින් ඉලක්ක කරලා ඔවුන්ගෙ පස්සෙන් එනවා. අන්ධකාරයේ ඉදන් තමා ළමයින්ව බිලිගන්නේ උගේ ඇස් ගැටුනොත් ආයෙ බේරීමක් නම් නෑ කියල තමා කියන්නේ. එහෙනම් දැං අපි මේ කතාවේ ප්‍රධාන චරිත පැත්තට හැරෙමු. සේඩී කියන්නේ මෑතකදී එයාගෙ අම්මා නැතිවුණ නිසා ඒකෙ පීඩනෙන් ඉන්න තරුණියක්. ඒ අහිමි වීම ඇයට වගේම ඇගේ නංගිටත් තාත්තාටත් තදින්ම බලපාලයි තියෙන්නේ. මෙයාලගෙ මේ දුක් කරදර දෙගුණ තෙගුණ වෙන්නේ නාදුනන අමුතු මනුස්සයෙක් හදිසියේ ඔවුන්ගේ ගෙදරට කඩා පැනීමෙන් පසුවයි. ඉතිං කවුද මේ මනුස්සයා? මේ පවුලට බුගීමෑන්ගේ ඇස ගැටෙන්නේ කොහොමද? මෙයාලට මේකෙන් බේරෙන්න හැකිවෙයිද? මේවාට උත්තර මේක බලලාම දැනගන්න පුළුවන්.
ඉතිං මේ වැසි සමයෙ කාට හරි හොල්මන් ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මේක බලන්න කියලා කිසිම බයක් නැතුව නිර්දේශ කරන්න පුළුවන්. මොකද මේක කාලෙකට පස්සෙ ආපු එක තැනකට විතරක් කොටු නොවුන හොල්මන් ෆිල්ම් එකක්. එහෙනම් මීට වඩා මුකුත් කියන්න අදහසක් නෑ











