EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tagaru (2018) | වෙඩිල්ල

මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා නායකයා තමයි. තගරු (Shiva Rajkumar). එයා ඒ.එස්.පී කෙනෙක් . ඒවගේම ඒ පැත්තෙ ඉන්නවා ඩොන් අන්කල් කියලා මැර නායකයෙක්. එයාගෙ දකුණු අත වගේ ඉන්නෙ ඩොලී කියලා මැරයෙක්. ඩොලීගෙ දකුණු අත තමයි කොක්‍රොච්. ඩොලීගෙ එක කුස උපන් සහෝදරයා. ඩොලීගෙ හොදම යාලුවා තමයි චිට්ටි.

ඩොන් අන්කල් නමට විතරයි නායකයා. ඔක්කොම අපරාධ වැඩ කරන්නෙ ඩොලී..ඩොලී කියන්නෙ ගෑනු පෙරේතයෙක් . දකින දකින කෙල්ලො පස්සෙ ගිහින් රවට්ටලා. වීඩියෝ කරලා කප්පම් ගන්නවා. හැබැයි චිට්ටි කියන්නේ බොක්කෙන්ම කෙල්ලෙක්ට ආදරෙ කරන කෙනෙක්.ඔය අතරේ කප්පන් ගන්න ඩොලී ඇමතිගෙ පුතා ගෑනු එක්ක ඉන්න වීඩියෝ එකක් ගන්නවා. ඇමති මේක ඩොන් අන්කල්ට කියනවා. එයා ඇවිල්ලා වීඩියෝ එක ඩොලීගෙන් ඉල්ලනවා. ඒත් ඩොලි දෙන්නෙ නැ.

ඔය අතරෙම චිට්ටිව මහ පාරේ මරලා දානවා. ඉතින් මේකට ඩොලී සැක කරන්නෙ ඩොන් මාමව. ඉතින් ඩොලී ඩොන් අන්කල්ට ගේමක් දෙන්න සැලසුම් හදනවා. ඔය අතරේ තමයි ආරංචි වෙන්නෙ ඩොන් අන්කලුත් මරලා දාලා කියලා . එතකොට තමයි ඩොලීට තේරෙන්නෙ කවුරුහරි සුපිරි ගේමක් ගහනවා කියලා. ඊටපස්සෙ ඩොලීගෙ දකුණු අත එයාගෙ මල්ලිත් පොලිසියට අරන් යනවා. ඊටපස්සෙ තගරු මිනිහගෙ දත් කඩලා ඇදුම් ගලවලා. පාරේ දුවවනවා.

ඒ වෙච්ච නින්දාවට කොක්‍රොච් පළිය ගන්න හිතාගෙන තගරුට තර්ජනය කරනවා. අන්තිම කොක්‍රොච්ගෙ ඔලුවටම තගරු වෙඩි තියනවා. ඊටපස්සෙ මේක ඩොලීගෙයි තගරුගෙයි මාරාන්තික සටනක් බවට පත්වෙනවා.

ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා .

Comments