EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේක චීන චිත්‍රපටයක් .තුන්කොන් ආදර කතාවක් මුල් කරගත්තු ඓතිහාසික චීන චිත්‍රපටයක් .මේක අයිති වෙන්නේ Historical / Comedy / Romance ගණයට. මේ චිත්‍රපටය තිරගත කීරීම ආරම්භ කරල තියෙන්නේ 2020 ජූලි මාසයේ 28 වෙනිදා. MyDramaList rating අගය 7 ක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක පැය 1 විනාඩි 36 ක් ධාවන කාලයකින් යුක්තයි.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Lei Dong Sheng. ඒවගේම Yang Chun Bei, Dou Zih, Wu Zhu Xi යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ලින් යූ ෂාන් කියන්නේ ගමක ජීවත් වෙන ගැහැනු ළමයෙක්. අවාසනාවකට වගේ මෙයාගේ පවුල මූල්‍යමය අතින් කඩාගෙන වැටෙනවා. ඒක නිසා මෙයාලගේ නැදෑයෝ ලින් යූ ෂාන් ට සමච්චල් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාගේ යාලුවෙක් මෙයාට විහිලු කරන්න පටන් ගන්නවා. මේක නිසා ලින් යූ ෂාන් යූ වෙනස් කෙනෙක් වෙන්න තීරණය කරනවා. මේ නිසා මෙයා ගමෙන් යනවා අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න . ඉතින් මෙයා ගියපු පළවෙනි දවසෙම මෙයා දකිනවා ජේෂ්ඨ ශිෂ්‍යයෙක් කණිෂ්ඨ ශිෂ්‍යයෙක්ට දඩුවම් කරනවා. ඉතින් මෙයා මේකට මැදිහත් වෙන්න තීරණය කරනවා.මේ වෙලාවේදි ලින් යූ ෂාන් අතින් ජේෂ්ඨ ශිෂ්‍යයාය ලැජ්ජ හිතෙන දෙයක් සිද්ද වෙනවා. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.මේ නිසා ඒ ජේෂ්ඨ ශිෂ්‍යයා ලින් යූ ෂාන්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. එතනින් පස්සේ තමයි කතාවේ හොදම හරිය තියෙන්නේ . හොදට හිනාවෙන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. ඒ වගේම මේකෙ ලස්සන පසුබිම් සංගීතයක් තියෙනවා . එහෙනම් අරගෙනම බලන්න කතාව කොහොමද කියල .ජයවේවා

Comments

September 1, 2023

Thawa me wage film tikak dennako