EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fall (2022) | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් !

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර

-දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්.

චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ

-එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්.

මිනිත්තු තුනයි තත්පර පනහ

-ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්.

චිත්‍රපටයේ ඊළඟ මිනිත්තු කිහිපය

-ඩෑන්ගේ මරණයෙන් වසරකට පමණ පසුත් ඔහුගේ භෂ්මාවශේෂ නිවසේ සුරැකිව තබාගනිමින් ඩෑන් නොමැති දුකින් කල් ගෙවන බෙකී.

-සිදු වුනු සියල්ල අමතක කර ජීවිතය ඉදිරියට ගෙන යාමට බෙකීට උදව් කීරීමට වෙර දරනා ‌බෙකීගේ පියා.

-ඩෑන්ගේ අනතුරින් වසරකට පමණ පසු ‌බෙකීව සොයා විත් අඩි දෙදාහක් පමණ උස කුලුනක් නැගීමට ආරාධනා කරනා පැරණි මිතුරිය හන්ටර්.

චිත්‍රපටයේ දාහත්වන මිනිත්තුව දක්වා ඊළඟ මිනිත්තු කිහිපය

-මුලින් අදිමදි කළද පසුව හන්ටර්ගේ ඇරයුම පිළිගෙන කුලුණ නැඟීමට සූදානම් වෙන බෙකී සහ හන්ටර්.

චිත්‍රපටයේ ඉතිරි මිනිත්තු අසූ පහ තුළ බෙකී සහ හන්ටර්ගේ ඉරණම කෙසේ නම් විසඳේද?

-6.4 ක IMDB අගයක් හා Rotten Tomatoes අගය 75% ක් දිනා ගනිමින් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්,

-Scott Mann ගේ අධ්‍යක්ෂණයෙන් හා Grace Caroline Currey, Virginia Gardner යන නිළියන්ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වුනු,

-විශිෂ්ඨ රංගනයටම සරිලන ආකාරයේ සුපිරි පසුබිම් සංගීතයක් කැටි කර ගත්,

-උස් ස්ථානවලට ඇති ඔබේ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත්,

-කලාතුරකින් දක්නට ලැබෙන Survival/Thriller චිත්‍රපටය Fall 2022 සිංහල උපසිරැසි සමඟ නැරඹීමට ඔබ සැමට ආරාධනා!

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments