CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2601 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 05, 2023United States93 Min.
Your rating: 0
9.2 20 votes
The Super Mario Bros. Movie (2023) | දෙලොවක් ජය ගත් මාරියෝ!

කවුද මේ Super Mario සහ Luigi?
හ්ම්ම්.. මෙයාලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඉතින් unfriend වෙන්න ප්ලීස්. ලොල්. අඩුම තරමේ හැඩරුව වත් දන්නේ නැත්නම් වැඩක් නැහැ. සරලවම කියනවා නම් ඉතින් වැඩිය උස නැති, චබී, රතුයි නිලුයි ඇඳුමක් ඇඳන් ඉන්න, M අකුර ගහපු රතු පාට තොප්පියක් දාල ඉන්න, උඩු රැවුලක් තියන හාදයා තමයි Super Mario (කෙටියෙන් කියන්නේ Mario කියලා). එතකොට එයාගේ නිවුන් සහෝදරයා තමයි Luigi. අර කෙට්ටු, උස, කොලයි නිලුයි ඇඳුමක් ඇඳන් ඉන්න, L අකුර ගහපු කොල පාට තොප්පියක් දාල ඉන්න, Mario ට වගේ උඩු රැවුලක් තියන බුවා. දෙන්නා නිවුන්නු කියලා කියන්නත් බැහැ නේද? හැබැයි ඉතින් එහෙම කියලා තමයි කියන්නේ.

Super Mario සහ Luigi දෙන්නා චිත්‍රපටයේ දකින්න ලැබෙන අන්දම

මේ ඩබලගේ ඉතිහාසය
මේ දෙන්නගේ (විශේෂයෙන්ම Mario ගේ) ඉතිහාසය හරිම රසවත් එකක්. අන්තර්ජාල දත්ත අනුව Mario මුලින්ම කරලියට ආවේ 1981 අවුරුද්දේ “Donkey Kong” කියන Nintendo arcade game එක හරහා. ඇත්තටම Mario ගේ මුල් නම “Jumpman”. ඒ වගේම මේ Jumpman කියන චරිතය ඒ game එකේ මහා ලොකු චරිතයක් විදිහට සලකලා නැහැ. ඒ game එකේ හැටියට Jumpman ට කරන්න තිබිලා තියෙන්නේ Donkey Kong විසි කරන බැරල් වලින් කුමාරිව පරිස්සම් කරන්න. ඒ වගේම Mario දැන් පයිප්ප බාස් කෙනෙක් උනාට මිනිහා මුලින්ම කරලා තියෙන්නේ වඩු වැඩලු නේ.

1981 වසරේ දී Mario මුල් වරට හඳුන්වා දුන් Donkey Kong game එක

තව දෙයක්. Mario නිර්මාණය කරපු ජපන් ජාතික Shigeru Miyamoto ට මුලින්ම ඕන වෙලා තිබිලා තියෙන්නේ Popeye (පපායි) ව මේ game එකට දාන්න. හැබැයි ඒකට අවශ්‍ය අයිතය එයාට ලැබුණේ නැති නිසා Jumpman ව ( ඒ කියන්නේ Mario ව) නිර්මාණය කරා කියලා කියනවා. බලන් ගියාම Mario කියන්නේ බොහොම අහම්බෙන් නිර්මාණය වූ චරිතයක්.

Mario නිර්මාණය කරපු ජපන් ජාතික Shigeru Miyamoto

එතකොට Luigi කියන චරිතය නිර්මාණය වෙන්නේ 1983 අවුරුද්දේ Mario Bros. (Arcade) game එක හරහා. මේ දෙන්නා නිවුන්නු කිව්වට අවුරුදු දෙකක ඉපදුනේ කොහොමද කියල නම් දෙයියෝ තමයි දන්නේ. Game එකේ නම් Luigi ව ඕන වෙන්නේ දෙන්නෙක් එකතු වෙලා සෙල්ලම් කරන කොට තමයි.

1983 වසරේ දී Luigi මුල් වරට හඳුන්වා දුන් Mario Bros. (Arcade) game එක

Mario ට මොනවද කරන්න පුළුවන්?
Mario ට තියෙන බලයන් ගැන කතා කරනවා නම් ඒක සෑහෙන ලොකුවට කතා කරන්න පුළුවන් දෙයක්. ඒ ගැන මේ ලිපියේ දාලා පිරිමහන්න බැරි නිසා මම කෙටියෙන් විස්තරයක් දෙන්නම්.

Mario ගේ මේ වැඩ කිඩ ඔක්කොම වෙන්නේ Mushroom Kingdom එකේ කියලා ඔයාලා දන්නවා ඇති නේ. සරලවම කියනවා නම් ඒක තමයි කුමාරිගේ රාජධානිය. මේ රාජධානියට පිටස්තර කෙනෙක් විදිහට එන Mario ට කුමාරිව පරිස්සම් කරන්න ලැබෙන සුපිරි බලයන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්.

1) විශේෂ හැකියාවන් හරහා ලැබෙන බලය – ගඩොල් කඩන්න ඇති හැකියාව, අධික වේගයෙන් දුවන්න ඇති හැකියාව, මාෂල් සටන් කිරීමට ඇති හැකියාව, උඩ පැනීමට ඇති හැකියාව, ටොනේඩෝ එකක් මෙන් හැසිරීමට ඇති හැකියාව, දරා ගැනීමේ හැකියාව, නොපෙනී ඉන්න ඇති හැකියාව වගේ දේවල් මීට අදාල උදාහරණ විදිහට දෙන්න පුළුවන්.

2) උපකරණ හරහා ලැබෙන බලය – මිටියෙන් ලැබෙන බලය, තොප්පියෙන් ලැබෙන බලය, ලෝගුවෙන් ලැබෙන බලය, ඔරලෝසුවෙන් ලැබෙන බලය වගේ දේවල් මීට අදාල උදාහරණ විදිහට දෙන්න පුළුවන්.

චිත්‍රපටයට අදාලව Mario ලබා ගන්නා හරිම ආකර්ෂණිය බලයන් දෙකක් තමයි Tanooki Mario සහ Cat Mario කියන්නේ. ඊට අදාල පින්තූර දෙකක් පහලින් දාලා තියනවා.

Tanooki Mario

Cat Mario

 

 

 

 

 

 

Mario ගේ ලව් එක Princess Peach
මහ ලොකු උසක් නැති උනාට Mario ටෝක් කරන්නේ ලස්සනම ලස්සන කුමාරිකාවකටනේ. Princess Peach, එහෙම නැත්නම් Mushroom Kingdom එකේ පාලිකාව තමයි ඒ. අනේ රෝස පාටට ඉන්න එයාට කවුද අකමැති? Game එකේ හැටියට නම් ඉතින් Bowser කුමාරිව හිර කරන ඉන්නවා, Mario තමයි බේර ගන්නේ. චිත්‍රපටයෙත් එහෙම වෙයි ද? නොවෙයි ද?

Princess Peach ගැන කතා කරන කොට කියන්න ඕන තව කාරණයක් තියනවා. ඒ Princess Peach නමින් ආපු Game එක. මම හිතන්නේ ඒක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මේ Game එක ආවේ “Super Princess Peach” කියලා 2005 අවුරුද්දේ.

තවත් පුංචි දෙයක්. මේ Princess Peach වගේ තව ලස්සන කුමාරිකාවෝ දෙන්නෙක් ඉන්නවා Mario series එකට අදාළව. එක්කෙනෙක් Rosalina අනිත් කෙනා Princess Daisy. හැබැයි මේ දෙන්නා වැඩිය ප්‍රසිද්ධ නැහැ.

Princess Peach

Mario ගේ පරම හතුරා Bowser
ආදරේට කොහෙදෝ බාධා නැත්තේ? ඉතින් Mario ගේ පරම හතුරා තමයි Bowser. මම නම් පොඩි කාලේ හිතාගෙන හිටියේ පොර මකරෙක් කියලා. බලන් ගියාම කැස්බෑවෙක්. Bowser ජීවත් වෙන්නේ Koopa Kingdom එකේ. පොරගේ සතුට තමයි අනිත් රාජ්‍යයන් ආක්‍රමණය කරලා ඒවායේ බලය තමන් අතට ගන්න එක. ඒ වැඩේට පොර ලොකු හමුදාවක් තියන් ඉන්නවා. ඉතින් කුමාරි ඉන්න Mushroom Kingdom එකට හොට දාන්නත් Bowser අමතක කරන්නේ නැහැ. හැබැයි Bowser කුමාරිට පට්ට ලව්. පොරට ඕන කුමාරිව බැඳලා රාජ්‍යයන් දෙක එකතු කරගෙන පාලනය අරන් යන්න.

Mario ට වගේම Bowser ටත් විශේෂ හැකියාවන් සහ බලයන් ගණනාවක් තියනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්නේ අහිංසක රාජධානි අල්ලන් තමන්ගේ බලය වැඩි කර ගන්නයි.

Bowser

චිත්‍රපටයේ මොකද වෙන්නේ?
තවම චිත්‍රපටය බලපු නැති අය – හ්ම්ම්.. උපසිරැසිය හදපු කෙනා විදිහට කතාවේ මොකද වෙන්නේ?
මම – ඒක චිත්‍රපටය හදපු කෙනාගෙන් අහන්න.
තවම චිත්‍රපටය බලපු නැති අය – එහෙම කොහොමද කියන්නේ?
මම – ඒ ගැන අහලා නිකං කාලේ කන්න එපා.
තවම චිත්‍රපටය බලපු නැති අය – නෑ.. නෑ.. එහෙම කොහොමද කියන්නේ?
මම – මං කියන් නෑ. මං කියන්නෙම නෑ. මං කියන්නෙම නෑ.
තවම චිත්‍රපටය බලපු නැති අය – චිත්‍රපටය හදපු කෙනාගෙන් අහන්න බැරි නම් ඔයාගෙන් තමයි අහන්නේ.
මම – දන්නෑ.. ඒකෙ උත්තරේ දන්නෑ..
තවම චිත්‍රපටය බලපු නැති අය – වගකිය යුතු කෙනෙක් විදිහට උත්තෙරේ දන්නේ නැද්ද?
මම – වගකීමෙන් කියනවා දන්නේ නෑ කියලා.

😁😊😁😊😁😊😁😊😁

හඬ දායකත්වය
The Super Mario Bros. Movie (2023) එක මේ තරම් ජනප්‍රිය වෙන්න බලපාපු ප්‍රධානම කාරණයක් තමයි හඬ දායකත්වය ලබා දුන් නළු නිළි පිරිස. Super Mario විදිහට Chris Pratt, Princess Peach විදිහට Anya Taylor-Joy, Luigi විදිහට Charlie Day, Bowser විදිහට Jack Black, Donkey Kong විදිහට Seth Rogen, Toad විදිහට Keegan-Michael Key තම තමන්ගේ හඬ දායකත්වය ඉතා දක්ෂ අන්දමින් මේ චිත්‍රපටයට ලබා දුන්නා. මම මේ සඳහන් කරේ ප්‍රධාන චරිත විතරයි. තව ඉතින් ගොඩ දෙනෙක් ඉන්නවා.

චිත්‍රපටය මේ වන තෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණ
Illumination and Nintendo සමාගම් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් නිෂ්පාදනය කර Universal Pictures හරහා ලොව පුරා බෙදා හරින ලද මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Aaron Horvath සහ Michael Jelenic යන අයයි. චිත්‍රපටයේ වර්තමාන IMDb අගය 7.4 ක් වගේම Rotten Tomatoes අගය 59% ක් වශයෙන් පවතිනවා. රේටින් අති විශිෂ්ට නොවුනට, බලන්න මේ චිත්‍රපටය ලබපු ජයග්‍රහණ දිහා.

1) චිත්‍රපටය එළි දක්වා පළමු සති අන්තය වන විට Animated චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම. ඒ Frozen 2 චිත්‍රපටය තැබූ වාර්තාව බිඳ දැමීමෙනුයි.

2) චිත්‍රපටය එළි දක්වා පළමු සති අන්තය වන විට Video game එකක් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම.

3) එදා මෙදා තුර Video game එකක් පදනම් කරගෙන නිපදවූ චිත්‍රපටයක් වෙනුවෙන් ලද ඉහලම දළ ආදායම.

4) දැනට 2023 වර්ෂයේ හොලිවුඩ් චිත්‍රපටයක් ලැබූ ඉහලම දළ ආදායම. ඒ Ant-Man and the Wasp: Quantumania චිත්‍රපටය තැබූ වාර්තාව බිඳ දැමීමෙනුයි. කරට කර සටනක් දෙන්න මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ John Wick: Chapter 4 විතරයි.

2023 අප්‍රේල් 5 එළි දක්වලා දවස් 15 ක් ගියාම, ඒ කියන්නේ 2023 අප්‍රේල් 20 වෙනකොට ලැබූ සමස්ථ දළ ආදායම ඇමරිකානු ඩොලර් 730 කට ආසන්නයි. මගේ ප්‍රාර්ථනාව නම් ඉක්මනටම බිලියනයේ ආදායම පහු කරන්න ලැබෙන්න කියලයි. ඒ වගේම මේ ආදායම් වාර්තා වලට මටත් දායක වෙන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

හරි එහෙනම්. මගේ බයිස්කෝප් ජීවිතයේ ලියපු ලොකුම ලිපිය මේක වෙන්න ඇති. වෙලාව අරන් කියවපු අයට බොහොම ස්තූතියි. මම විශ්වාස කරනවා Mario සම්බන්ධ ගොඩක් දේවල් ඔයාලා අලුතෙන් දැනගන්න ඇති කියලා.

එහෙනම් උපසිරැසිය අරන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ජය වේවා!

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (චාමි) (Baiscopelk)
IMDb 7.1 /10 186,540 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Chris Pratt isMario (voice)
Mario (voice)
Anya Taylor-Joy isPrincess Peach (voice)
Princess Peach (voice)
Charlie Day isLuigi (voice)
Luigi (voice)
Jack Black isBowser (voice)
Bowser (voice)
Keegan-Michael Key isToad (voice)
Toad (voice)
Seth Rogen isDonkey Kong (voice)
Donkey Kong (voice)
Fred Armisen isCranky Kong (voice)
Cranky Kong (voice)
Charles Martinet isMario's Dad / Giuseppe (voice)
Mario's Dad / Giuseppe (voice)

Similar titles

Legend of Deification (2020) Sinhala Subtitles
DD Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knives Out (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age (2020) With Sinhala Subtitles
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Boy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published