CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2651 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 31, 2023United States100 Min.
Your rating: 0
9.8 10 votes
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) | මියුටන් කෝලහාලය

Jeff Rowe සහ Kyler Spears දෙන්න තමයි මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. මේකේ නිෂ්පාදකයින් වෙන්නේ ගොඩක් අයට හුරු පුරුදු කෙනෙක් වෙන Seth Rogen සහ Evan Goldberg, James Weaver යන දෙදෙනා. මේ අතරින් Seth Rogen සහ Evan Goldberg දෙන්නා මේකේ කතාව වෙනුවෙන් දායක වෙනවා. ඒ අතරිනුත් Seth Rogen මේකේ හඬකැවීම් සඳහාත් එකතු වෙනවා. ඒ වගේම මේකේ හඬකැවීම් සිදුකරන්නේ තනි තනි වශයෙන් නෙමෙයි. සමුහයක් එකතු වෙලා. උදාහරණයකට නින්ජා ටර්ටල්ලා 4 දෙනාගේ සිදුවීමකට හඬ කවන්න නම් ඒ හතරදෙනාම එතනට ගෙනල්ලා හඬකැවීම සිද්දකරලා තියෙනවා. ඒකෙන් ලැබෙන ස්භාවික ගතිය ඔයාලට මුවි එකේදී අත්විඳින්න ලැබේවි. ඒ වගේම පසුබිම් සංගීතය ගැනත් මතක් කරන්නම ඕනා. ටොප් ලෙවල් ආ. 😉

හඬකැවීම් ගැන කියපු නිසාම මේ ෆිල්ම් එකට ඉතාම ජනප්‍රිය අය කිහිප දෙනෙක්ම තමන්ගේ හඬින් දායක වෙන බව මතක් කරන්න ඕනා. ඒ අතර Jackie Chan, John Cena, Ice Cube සහ Paul Rudd වැනි අය ඉන්නවා. ප්‍රධානම චරිත වශයෙන් අපිට දැකගන්න ලැබෙන කිහිප දෙනා තමයි පහල ඉන්නේ.

Micah Abbey – Donatello
Shamon Brown Jr. – Michelangelo
Nicolas Cantu – Leonardo
Brady Noon – Raphael
Ayo Edebiri – April O’Neil
Jackie Chan – Splinter
John Cena – Rocksteady
Seth Rogen – Bebop
Ice Cube – Superfly
Paul Rudd – Mondo Gecko

අපි දන්න කියන රජ ඉබ්බන්ගේ කතාව නිර්මාණය කලේ Kevin Eastman සහ Peter Laird දෙන්න එකතු වෙලා. මේ සිනමාපටයේ Kevin Eastmanගේ කැමියෝ එකක් එහෙමත් තියෙනවා. ඒ මාස්ටර් එහෙම නැත්නම් Splinterට උදව් කරන කෙනෙක් විධියට. ඔයාල පොඩ්ඩක් බලන්නකෝ ෆිල්ම් එකේදී ඔයාලට අඳුරගන්න පුලුවන්ද කියල. ලිපිය අවසානයේ තියෙන ජායාරුපයේ ඉන්නේ එයා.

ඉතිං මේකේ සිද්ධවෙන කතාව ගැන කියනවා නම්, “මූවී එක පටන් ගන්නේ බැක්ස්ටර් ස්ටොක්මන් කියන විද්‍යාඥයා එයාගේ තනිකම මකාගන්න එයාටම කියලා මියුටන්ට් පවුලක් හදාගන්න උත්සහ කරන තැනින්. ඒත් ඒ අතරමගදී එයා වැඩ කරන සංවිධානය වන TCRI එකෙන් එයාව අල්ලගන්න කණ්ඩායමක් එවන්වා. මේ දෙගොල්ලෝ අතර වෙන පොරබැදීමෙදී මියුටන්ට් දියරය කුණු කාණුවක් දිගේ ගිහින් ඉබි පැටව් 4 දෙනෙක් උඩට සහ මීයෙක් උඩට වැටෙනවා.

මෙන්න මෙතනින් තමා අපේ රජ ඉබ්බන්ගේ සහ මාස්ටර් ස්ප්ලින්ටර්ගේ කතාව පටන් ගන්නේ. මනුස්ස ලෝකය එක්ක එක පාරක් ගනුදෙනු කරන්න ගිහිල්ලා හම්බවුනු නරක අත්දැකීම් නිසා මෙයාලා කුණු කාණුව ඇතුළෙමයි ජීවත් වෙන්නේ. රහසින් තමයි එළියට යනවා නම් යන්නේ. ඉතින් මෙයාලගේ නමේම “Teenage” කියලා කෑල්ලක් තියෙනවනේ. ගැටවරයෝ වුනාම දන්නේ නැද්ද; එපා කියන එකමයි කරන්න කැමති. සහෝදරයෝ හතර දෙනාට ඕනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා එයාලත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්නයි. මේ අතරේ තමයි එයාලට ඒප්‍රිල් ඔ’නීල් කියන මනුස්ස ගෑනු ළමයා මුණ ගැහෙන්නේ.

ප්‍රවෘත්ති වාර්තාකාරියක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒප්‍රිල් මෙයාලට කියනවා සුපර්ෆ්ලයි කියලා විලන් කෙනෙක් නගරයේ එක එක තැන් මංකොල්ල කන බවත්, එයාව නැවැත්තුවොත් මිනිස්සු රජ ඉබ්බන්ව පිළිගනීවි කියලත්. එතකොට තමයි සහෝදරයින්ට හොයාගන්න ලැබෙන්නේ සුපර්ෆ්ලයි සහ එයාලා ඥාති සහෝදරයෝ බව සහ එයා හොරකම් කරපු බඩුවලින් හදපු යන්තරේකින් පෘථිවියේ ඉන්න හැම සතෙක්ම මියුටන්ට් කෙනෙක් කරලා මනුස්ස වර්ගයාව අතුගාලා දාන්න හදන බව.”

ප.ලි. :- Post credit scene එක බලන්න නම් අමතක කරන්න එපා. 😀

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] | සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 7.5 /10 22,329 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jeff Rowe
Director

Cast

Micah Abbey isDonatello (voice)
Donatello (voice)
Shamon Brown Jr. isMichelangelo (voice)
Michelangelo (voice)
Nicolas Cantu isLeonardo (voice)
Leonardo (voice)
Brady Noon isRaphael (voice)
Raphael (voice)
Ayo Edebiri isApril O'Neil (voice)
April O'Neil (voice)
Maya Rudolph isCynthia Utrom (voice)
Cynthia Utrom (voice)
John Cena isRocksteady (voice)
Rocksteady (voice)
Seth Rogen isBebop (voice)
Bebop (voice)
Rose Byrne isLeatherhead (voice)
Leatherhead (voice)
Natasia Demetriou isWingnut (voice)
Wingnut (voice)

Similar titles

Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Goofy Movie (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thodari (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Iron Crown (2016) With Sinhala Subtitles
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
Evanukku Engeyo Matcham Irukku (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mastizaade (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published