CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3459 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 17, 2016United Kingdom124 Min.
Your rating: 0
8.3 7 votes
Allied (2016) | යුද්ධයේ බලපෑම…

“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ ජීවිතයේ බිරිද නම් නෙවෙයි. ජර්මානු තානාපති ඝාතනය දවස එනකන් දවස් ගනනක් මේ දෙන්නට එකට ඉන්න සිද්දවෙනවා බැදපු ජෝඩුවක් හැටියට. ඇයගේ නම මරීයාන් බියුසොජෝර්. කොහොම හරි මේ දෙන්නට සාර්ථකව තානාපතිව ඝාතනය කරන්න හැකියාවක් ලැබෙනවා.මේ දෙන්නා මේ මෙහෙයුමට කලින් ගත කරපු කාලෙත් එක්ක සැබෑවටම ආදරෙන් බැදෙනවා. මෙහෙයුම ඉවර වෙලා ඒ දෙන්නා තම තමන්ගේ මාවත් වල ගමන් කරලා සති තුනකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහිලා මේ දෙන්නා විවාහ වෙනවා. පස්සේ කාලෙක යුද්ධේ කාලෙ දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල වෙන වෙලාවක මැක්ස්ගේ හා මරීයාන් ගේ කුලුදුල් දරුවා උත්පත්තිය ලබනවා. ඇයට “ඇනා” කියලා නම තියනවා. ඉතින් දැන් ඇනාවත් මේ දෙන්නට ලැබුනට පස්සේ මැක්ස් මරීයාන් එක්ක වෙනම තැනක ජීවිතේ සතුටින් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. හැබැයි ඒ වැඩි කලකට එහෙම නෙවෙයි. මේ ලස්සන ආදර කතාව සුළු මොහොතකින් සුළු විසුළු වෙලා යන ආරංචියක් මැක්ස්ට ලැබෙනවා. ඒ තමයි මරීයාන් බියුසොජෝර් කියන්නේ ජර්මානු ඔත්තුකාරියක් කියලා. මේක ඇත්තද කියලා හොයාගන්න කරන්න සිදුවුන එකම දේ තමයි පරීක්ෂාවක් කරන එකයි. ඇය සැබෑවටම ඔත්තුකාරියක් කියලා දැනගත්තොත් මැක්ස්ට සිද්දවෙනවා මරීයන් වෙඩිතියලා ,මරලා දාන්න.”

හිට්ලර් යුද්ධ කාල සමය හා කැටි කරලා නිර්මාණය වූවක් තමයි මේ “Allied” කියන්නේ. මේ සලරුව නිර්මාණය වෙන්නේ 2015 වසරේ නිකුත් වුනු සත්‍ය කතාවක් පදනම් කරගත් “The Walk” චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා දායක වුනු “Robert Zemeckis” විසින්. IMDb දර්ශකය තුල 7.1/10 ක වැනි ඉහල අගයක් ලබාගැනීමටද හැකියාවක් ලැබිලා තියෙනවා. ඒවගේම විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අදහස් මත ඇගයීමට ලක්වෙන Rotten Tomatoes තුල 61% අගයක් හිමි කරගෙන තියෙනවා වගේම 67% ප්‍රේක්ෂක කැමැත්තක් දිනාගෙනත් තියෙනවා. Action, Drama, Romance යට අංශ වලට ඇතුලත් මෙම චිත්‍රපටය පැය දෙකකුත් විනාඩි හතරකුත් වගේ ටිකක් දීර්ඝ කාලයක් ධාවනය වෙනවා. Academy Award සම්මාන උළලෙහි “හොදම ඇදුම් නිර්මාණකරණය” වෙනුවෙන් සම්මානයක් ලැබි ඇති අතර තවත් නාම යෝජනා හයකට ඇතුල්වීමට හැකියාව ලැබිලා තියෙනවා. කතාව තනිකරම ගලා යන්නේ දෙවන ලෝක යුද්ධ සමය හා ප්‍රේමාන්විත පැත්තටයි. 2016 නොවැම්බර් 25 වැනි දින තිරගත වීම ආරම්භ කල මෙය පළමු සතිය තුලදීම ඇමරිකානු ඩොලර් 12,701,743 අගයක් උපයාගෙන තියෙනවා. BOX OFFICE දර්ශකය තුලඇමරිකානු ඩොලර් මිලියන 109.1 වැනි අගයක් උපයාගෙන තියෙනවා. චිත්‍රපටය සදහා සම්පුර්ණ ඇස්තමේන්තු අගය සටහන් වෙලා තියෙන්නේ ඩොලර් 85,000,000 පමණයි.

රංගනයෙන් දායක වන නළු නිලි පිරිස ගැන කියනවනම්, World War Z (2013) චිත්‍රපටයේ ගෙරිගේ චරිතයට හා Fury (2014) චිත්‍රපටයේ වර්ඩැඩිට ප්‍රධාන රංගනයෙන් දායක වූ “Brad Pitt” එහෙමත් නැත්තම් ප්‍රධානම චරිතය වන මැක්ස් වැටෑන්ට රංගනයෙන් දායක වනවා. Assassin’s Creed (2016) චිත්‍රපටයේ ඩොක්ටර් සොෆියාට හා The Dark Knight Rises (2012) චිත්‍රපටයේ රාස් අල් ගුල්ගේ දියණිය ටාලියා අල්ගුල්ට රංගනයෙන් දායක වූ, Macbeth (2015) චිත්‍රපටයේ ලේඩි මැක්බේත්ට, ලියනාඩෝගේ රංගනය සුපිරියට විදහා දැක්වුණු Inception (2010) චිත්‍රපටයද රංගනයෙන් දායක වුනු “Marion Cotillard” එහෙමත් නැතිනම් මරීයාන් බියුසොජෝර් හට රංගනයෙන් දායක වනවා. මේ හැරුණු කොට Camille Cottin, Michael McKell, Vincent Latorre, August Diehl වගේ තවත් හුග දෙනෙක් දායක වීමක් සිදු කරලා තියෙනවා.

Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමර සම්පත් (Baiscopelk)
IMDb 7.1 /10 164,441 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Brad Pitt isMax Vatan
Max Vatan
Marion Cotillard isMarianne Beauséjour
Marianne Beauséjour
Jared Harris isFrank Heslop
Frank Heslop
Simon McBurney isS.O.E. Official
S.O.E. Official
Lizzy Caplan isBridget Vatan
Bridget Vatan
Daniel Betts isGeorge Kavanagh
George Kavanagh
Matthew Goode isGuy Sangster
Guy Sangster
Thierry Frémont isPaul Delamare
Paul Delamare

Similar titles

Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hameshaa (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnarjuna Yudham (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Mystery of the Batwoman (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Immortal Demon Slayer (2017) | Wu Kong (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kantara: Chapter 1 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published