EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAndhadhun (2018) | අන්ධයෙකුගේ පුරසාරම…
දිග කතාවක් හොඳේ…මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න..චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න…මොනවද ඇහෙන්නේ…?මොනවහරි ඇහෙනවා නේද?ඔව්…ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න..නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද..හරියට අහන් ඉන්න..අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි..හිනා යනවා නේද?ඉන්න මං අඬවන්නම්..හිතල බලන්න අන්ධ මනුස්සයෙක් ගැන..මේක කියවන ඔයාට වගේ ඇස් දෙකක් නෑ ඒ අයට..ඒක අවාසනාව වෙන්න පුළුවන්, නොලැබීම වෙන්න පුළුවන්, අත් වැරදීමක් වෙන්න පුළුවන්.නමුත් ඒ මිනිස්සුන්ට ජීවිතය කියන එක තියෙනවා.ඒ අය ලස්සනට ඒක ගත කරනවා..කරන්න දෙයක් නෑ. ඒත් ඒක තමයි දෛවය..මං දන්න තරමින් ඇස් දෙකක් නැති මනුස්සයෙක්කවදාවත් පසුතැවෙන්නේ නෑ.. තමන්ගේ ඒ අඩුපාඩුව ගැන.නමුත් හැමදේම තියෙන මේ ඔබ, මම..මොනතරම් පසුතැවිලි වෙලා ඇත්ද? අරක නෑ මේක නෑ කියලා..හිතට එකඟව කල්පනා කරලා බලන්න වෙනස…අන්ධ මනුස්සයට උදයක් දහවලක් රැයක් නෑ..හැමදාම තියෙන්නේ අඳුරක්..ඒත් ඒ අයට අපිට නැති එක දෙයක් තියෙනවා..ඒ තමයි සංගීතය…ඒ අය ලෝකේ ඇසෙන හැම ශබ්ධයකටම ඇස් පෙනෙන කෙනෙකුට වඩා ඔවුන් අවධානයෙන් සවන් දෙනවා.ඒ අයට ඒක තමයි සංගීතය.අඩි සද්දයක්, කුරුල්ලෙක්ගේ හඬක්, මිනිස් කටහඬක්. ආදී මිලියන ගණනක් වූ සංගීත ඛණ්ඩ..ඒ අයගේ මෙමරියේ තියෙනවා.ඇස් පෙනෙන කෙනෙකුට එය විඳින්නට හැකිද?බැරි කමක් නෑ..උත්සයක් දරන්න පුළුවන්…අත්හදාබැලීමක් කරන්න පුළුවන්..හැබයි ඒකට ඇත්තටම අන්ධයෙක් වෙන්න වෙනවා..මේ..එහෙම කෙනෙකුගේ කතාවක්…
- අයුශ්මාන් කුරානා මේ චිත්‍රපටියේ එන අන්ධ පියානෝ වාදකයාගේ චරිතය වෙනුවෙන් මාස දෙකක කාලයක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි අක්ශේ වර්මා නම් පියානෝ වාදකයෙකු යටතේ පුහුණුව ලබා තිබෙනවා.
- මේ චිත්‍රපටිය IMDB ලැයිස්තුවේ විශිෂ්ඨතම ඉන්දියානු චිත්‍රපටි දහය අතරට එක්ව තිබෙනවා
- රූගත කිරීම් ආරම්භයට පෙර මේ චිත්‍රපටියේ නම The Piano Player ලෙසින් නම් කරගෙන තිබුනත්, ඉංග්‍රීසි නමකට කිසිවෙකුගේ උනන්දුවක් නැති නිසා පසුව එය අන්ධාධුන් ලෙසන් වෙනස් කර තිබෙනවා.
- මේ චිත්‍රපටිය සඳහා The Piano Tuner (2010) නම් කෙටි චිත්‍රපටියද පාදක කරගෙන තිබෙනවා.
- මුලින් මේ චිත්‍රපටිය සඳහා අනිල් කපූර්ගේ පුත් හරිෂ්වර්ධන් කපූර් රඟපෑමට ගිවිසුම් ඇතිකරගෙන තිබුනත් යම් හේතුන් නිසා ඔහු මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
- ඒ වගේම ප්‍රවීන නළු අනිල් ධවාන් මේ චිත්‍රපටය සඳහා වසර පහකට පසු නැවත පැමිණෙනවා.
- චිත්‍රපටය ආරම්භයේඩි අයුශ්මාන් විසින් පියානෝවක් වාදනය කරනු ලබනවා. ඒ සඳහා කවායි නම් ජපන් සමාගමකට අයිති පියානෝවක් තමයි යොදාගෙන තියෙන්නේ.
- ඒ වගේම අධ්‍යක්ෂක රාඝවන් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා කිසිදු විෂුවල් දර්ශනයක් යොදා නොගෙන කළු තිරයක දෙබස් වල ශබ්ධය ඇසෙන ආකාරයට පමණක් සකස් කරන්න තමයි මුලින් හිතාගෙන ඉඳල තියෙන්නේ. එයට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ මේ චිත්‍රපටිය අන්ධ පුද්ගලයෙක් ගැන චිත්‍රපටයක් නිසා ඒ හැඟීම ප්‍රේක්ෂකයින්ට දන්වන්නට ඔහුට වුවමනා බවත්, එමෙන්ම පූර්ව ප්‍රචාරක පටයට කිනම් හෝ වීඩියෝ දර්ශනයක් එක්කල හොත් මෙහි ඇති කුතුහලය පොඩ්ඩකින් හරි අඩුවන බවත්ය. කෙසේ හෝ තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව එයට දර්ශන කීපයක් එක්කරන්නට අන්ධාධුන් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. කෝම උනත් කිරුළු නොපැලඳුවත් අයුශ්මාන් කියන්නේ බොලිවුඩයේ සුපිරිම සහ දක්ෂම රංගන ශිල්පියෙක් කියලා නැවතත් ඔප්පු කරන්නට ඔහු මේ චිත්‍රපටියෙන් සමත් වෙනවා. ඉස්සරහට තවත් චිත්‍රපටියක් එන්නට නියමිතව තියෙනවා අයුශ්මාන්ගේ බධායි හෝ කියලා. මේ වසරේ අවසන් කාර්තුව බොලිවුඩ් සිනමා රසිකයින්ට හොඳ චිත්‍රපටි වරුසාවක්ම ලැබෙන ලකුණුයි මේ වෙද්දී පෙනෙන්නට තිබෙන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ චිත්‍රපටියක් මග ඇරගන්න එපා කියල තමයි. එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි. මොකද මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටියක් වගේම බලල ඉවරවෙද්දි හික් ගෑවෙන්නම හදපු චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටය.




