CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3474 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 31, 2020India133 Min.
Your rating: 0
8.5 4 votes
Aswathama (2020) | සමාජය වනසන විකෘතිකයින්…

චිත්‍රපටිය පැත්තට ගියොත් මේක අධ්‍යක්ෂණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයට මංගල පියවර තබමින් රාමණා තේජා කියන අධ්‍යක්ෂක වරයා විසින්. සමාජයේ සිටින එක්තරා පහත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙකුගේ හැසිරීමක් වටා ගොඩනැගෙන මෙහි කතා වස්තුව සිනමාවට නැගීම වෙනුවෙන් මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ මින් පෙර Chalo සහ Diya වැනි චිත්‍රපට වල රංගනයේ නිරත වුනු Naga Shaurya විසින්. එමෙන්ම Chanakya, Pattas වැනි චිත්‍රපටි වල රංගනයේ නිරත වනු Mehreen Pirzada මෙහි ප්‍රධාන නිළිය ලෙසින් කටයුතු කරනවා Jisshu Sengupta , Sargun Kaur Luthra ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා තම රංගන දායකත්වය සපයා තිබෙනවා. මිනිත්තු 133 ක් පුරා දිවෙන මේ සලරුව නුඹට එක දිගට බලා සිටිය හැකි කුතුහලයක්ද සමගින් ඔබව ඒ කාල පරාසය පුරාවට එක තැනක වාඩිකර තබනවා නිසැකයි. IMDB මීටරය 7.2/10 මෙන්ම ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීම් රැසක් ලැබුණු මේ චිත්‍රපටය මග හැරගන්න එපා කියා ඔබෙන් ඉල්ලා සිටිනවා.

කතාව ගැන කියනවනම් ගුනා සහ ප්‍රියා කියන්නේ පණට පණ වගේ ඉන්න අයියයි නංගියි දෙපලක්. කාලයක් තිස්සේ US ඉන්න ගුනා කෙලින්ම ඉන්දියාවට එන්නේ නංගිගේ විවාහ උත්සවය වෙනුවෙන්. හරිම සතුටින් විවාහ වෙන්න ඉන්න ප්‍රීති තමන්ගේ කසාදෙට දවස් දෙකක් තියල දිවිනසාගන්න උත්සහ කරනවා. එතනින් එහා කතාව කියන්න යන්නේ නැහැ. මොකද එතනින් එහා වෙන්න ඇත්තේ මොකද කියල ඔයාල දැන් හිතන දේ තියෙනව නේද. ඊට වඩා නොසිතු පැත්තකට කතාව මෙතනින් එහාට පෙරළෙනවා. පළමු මිනිත්තු 35න් පසුව චිත්‍රපටය ඔබව නොසිතු පැත්තකට අරන් යනවා වගේම ඉන් පසු කුතුහලය පිරි සෑම විනාඩියක්ම ඔබව චිත්‍රපටය තුළට බැඳ තබාගනිවී. ඒ නිසා ඒ කොලිටිය විනාස කරන්න අපි කැමති නැහැ. ඔබම අරගෙන නරඹන්න කියා ඉල්ලා සිටිනවා. වැඩිය කියන්න යන්නේ නැහැ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද වනවිට සමාජයේ පහත් විකෘති මානසිකත්ව වලින් පිරි මිනිසුන් බහුලව සැරිසරනවා. ඉතින් ඔබේ දුව, නැගණිය. බිරිඳ, පෙම්වතිය මොවුන්ගේ ගොදුරකට ඕනම වෙලාවක භාජනය වීමට ඉඩ තිබෙනවා. ඔබේ දුව, නැගණිය. බිරිඳ, පෙම්වතිය අහිංසක වෙන්න පුළුවන්, නමුත් ඒ අය නොදැනිම ඒ අයගේ ජිවිතයට මෙවන් හෙනහුරන් නොසිතු මොහොතක කඩා පහත් වෙන්න පුළුවන්. ඉතින් එවන් කාරණාවක් වටා ගොඩනැගුනු මේ චිත්‍රපටය අවසානයේ ඔබට හොඳ ආදර්ශයක් සපයාවී. ඔබට හොඳ පණිවුඩයක් කියා දේවී.

Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk)
IMDb 6.4 /10 1,289 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ramana Teja
Director

Cast

Similar titles

Goutham Nanda (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathya (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Constantine (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Original K.G.F: Chapter 2 (2022) KANNADA With Sinhala Sub
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attack (2022) Part 01 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published