CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2572 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Badla (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Badla (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2019India120 Min.
Your rating: 0
10 8 votes
Badla (2019) | පලිගැනීමක වේදනාව…

මෝඩයා…
සත්‍යය පරතරයෙන්ම දනී
නමුත් සත්‍යය සහ බොරුව අතර වෙනස…
මෝඩයා නොදනී…

ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ දුන් සිය ගණනක් මිනිසුන් අතරින් දිවි අහිමිවූවන් හට හද පත්ලෙන්ම නැගෙන ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාලයන්ට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නට බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම වෙනුවෙන් අප මෙය අවස්ථාවක් කරගන්නවා.

Big B එහෙමත් නැත්නම් අමිතාබ් බච්චන් එක්කලා Sujoy Ghosh, බොලිවුඩ් කිං කාන් ශාරුක් සහ ගෞරි ඇතුලු Red Chillies Entertainment ආයතනය එකතුවෙලා පහුගිය අරුවුද්දෙ ලොකු වැඩකට අත තිබ්බා. ඒ The Invisible Guest නම් සුපිරි ස්පැනිශ් මිස්ට්‍රි, ත්‍රිලර් චිත්‍රපටය බොලිවුඩයේ යලි ප්‍රති නිර්මාණය කිරීමට. අමිතාබ් බච්චන් එක්කලා තප්සී පන්නු ප්‍රධාන චරිත සදහා යොදාගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට තීරණය කරන Sujoy Ghosh ඇතුලු කණ්ඩායම මිනිත්තු 118ක් පුරා දිවෙන අතිශය සාර්ථක සිනමා සිත්තමක් නිර්මාණය කරනවා. එසේ නිර්මාණය වුනු බද්ලා චිත්‍රපටය මේ වසරේ මාර්තු මස 08 වැනිදා ලෝක කාන්තා දිනයට සමගාමීව ලොවපුරා තිරගතවීම ආරම්භ කරන්නේ වසරේ නිකුත් වුනු තවත් දැවැන්ත සිනමා සිත්තමක ගමන් මග අරඹමින්. ඉන්දියානු රුපියල් කෝටි විස්සක වියදමින් තැනූ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 138 කට ආසන්න මුදලක් උපයමන් තවමත් නොදැවී ගමනක නිරතවන්නේ ඉහල විචාරක ප්‍රසාදයක ආශිර්වාදාත්මක ආරම්භයකින්.

 

පලිගැනීම කියන්න හරි දෙයක් නෙමෙයි. ඒත් සමාව දීම කියන්නෙ කොහෙත්ම හොද දෙයක් නෙමෙයි…
සත්‍යය කියන දෙයට මොනතරම් විග්‍රහයන් තිබ්බත් නීතිය ඉදිරියේ “සාක්ශි සහ තොරතුරු” කියන්නෙ පරම සත්‍යයයි.

පින්ක් චිත්‍රපටයෙන් පස්සෙ තමයි අමිතාබ් සහ තප්සී එකම රිදී තිරයක දැකගන්න ලැබෙන්නෙ. පින්ක් චිත්‍රපටයේ වගේම අමිතාබ් මේකෙ නිරූපණය කරන්නෙ තප්සී විසින් කුලියට ගන්න නිතිඥයෙක්ගෙ චරිතය. ඒ වගේම තප්සී සහ අමිතාත් අතිශය කැපීපෙනෙන රංගනයක නිරත වන්නට මේ චිත්‍රපටයේදි සමත් වෙනවා. මේ මොවුන්ගේ රංගනය සිනමාවේදීන්ගේ දැඩි පැසසුමකට ලක් කෙරුනා.

අමිතාබ් සහ තප්සීට අමතරව Amrita Singh, Tony Luke, Manav Kaul, Tanveer Ghani ද මේ සදහා තම සුවිශේශී රංගන දායකත්වය සපයනවා. Sujoy Ghoshගේ අධ්‍යක්ශනයෙන් හැඩවන මේ චිත්‍රපටය මං කලින් සදහන් කරා සේම ශාරුක් කාන්. ගෞරී කාන්, ඇතුලු Red Chillies Entertainment ආයතනය විසින් සිදු කරනු ලබන අතර Amaal Mallik, Anupam Roy, Clinton Cerejo තුන්කට්ටුවගේ සංගීතයෙන් හැඩවනවා.

කතාව ගැන කියනවනම් නේනා සේටි කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉහලින්ම ඉන්න ව්‍යවසායිකාවක් විවාහක කාන්තාවක් වන ඇයට කුඩා දැරියක්ද සිටින අතර අවුරුදු 3ක් තිස්සෙ නේනා අර්ජුන් කියලා පුද්ගලයෙක් එක්ක අනියම් සබදතාවක් පවත්වගෙන යනවා. ඉතින් මේ අනියම් පෙමින් වියරු වැටිච්ච දෙන්නට අන්තිමේ ජීවිතේ කණපිට හැරෙන සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන් දෙදෙනාව බ්ලැක්මේල් කරන්න පැමිණෙන අලුත් චරිතයක් නිසා මේ දෙන්නගේ නිහැඬියාව දෙදරන්න පටන් ගන්නවා. ඉතින් මේ බැලැක්මේල් කරුවා මේ දෙදෙනාව හෝටලේකට ගෙන්වා ගත්තත් එහිදි සිදුවන කලබලයක් නිසා නේනාට සිහි නැතිවනවා. නේනාට සිහි පැමිණෙනවිට ඔහු ඉදිරියේ ඉතිරිව තිබෙන්නෙ නිසල අර්ජුන්ගේ මල සිරුර සහ විසිරුනු මුදල් නෝට්ටු කිහිපයක්ය. මේ මරණයට නේනා සැකකරු වනවා. ඇයගේ සහයට බාදල් ගුප්තා නම් නිතිඥවරයකු පැමිණෙනවා. එතැන් පටන් අප ඉදිරියේ අංක “6” ලෙසින් පෙනෙන්නට තිබුනු දේ අංක “9” ලෙසින් පෙනෙන්නට ගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 7.8 /10 29,887 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sujoy Ghosh
Director

Cast

Amitabh Bachchan isBadal Gupta
Badal Gupta
Taapsee Pannu isNaina Sethi
Naina Sethi
Tony Luke isArjun Joseph
Arjun Joseph
Amrita Singh isRani Kaur
Rani Kaur
Manav Kaul isJimmy Panjabi
Jimmy Panjabi
Denzil Smith isDetective Sodhi
Detective Sodhi
Mark Mansfield isTV Reporter
TV Reporter
Rachel Flynn isRachael Joseph
Rachael Joseph

Similar titles

The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ae Dil Hai Mushkil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dear Friend (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadaseela Biriyani (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanju (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published