CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2094 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 21, 1995United States103 Min.
Your rating: 0
10 3 votes
While You Were Sleeping (1995) | ඔබ නිදනා අතරතුරේ…..

මෙය තිරගත වී තිබෙන්නෙ 1995 වසරේදී. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නීරෑපණය කරන්නෙ Sandra Bullock සහ Bill Pullman. Sandra Bullock කියලා කියන්නෙ ඔස්කාර් සම්මාන දිනු ගොඩක් දක්ෂ හොලිවුඩ් නිළියක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලුසීගේ චරිතය ඇය ඉතාමත් දක්ෂ විදිහට නිරෑපණය කරනවා. මොවුන් දෙදෙනාට අමතරව Peter Gallagher, Peter Boyle, Jack Warden යන රංගන ශීල්පීනුත් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 182ක ඉහල බොක්ස් ඔෆිස් ආදායමක් උපයා තිබෙනවා. එමෙන්ම මෙය 6.7 ක IMDB අගයකුත් හිමි කරගෙන තිබෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය මං මෙතෙක් නරඹපු හොඳම ආදර කතා වලින් එකක්. ආරම්භයේ ඉඳින් අවසානය වෙනකම්ම එකම රිද්මයක් තිබෙන හාස්‍ය රසය, කුතුහලය සහ ආදරණියත්වය මිශ්‍ර උන මේ වගේ නිර්මාණ අපට දකින්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 103ක්. ඒත් චිත්‍රපටය බලලා ඉවර වෙනකොට මේ කාලය ගත උනාද නැද්ද කියලා හිතාගන්න අමාරැයි. මොකද ඒ තරම්ම එක හුස්මට මේ චිත්‍රපටය බලලා ඉවරයක් කරන්න පුළුවන්.

දැන් මං මෙහි කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලුසී නැමැති තරැණියකගෙන්. ඇයගේ මව සහ පියා මිය ගොසින්. ඇය කාත් කවුරැවත් නොමැතිව තනියම ජීවිතය ගෙවන කෙනෙක්. ඇය දුම්රිය ස්ථානයක ටෝකන් භාරගන්නියක් හැටියට තමා රැකියාව කරන්නෙ. මෙන්න මේ ලුසීට, දිනපතා රැකියාවට යෑම සඳහා දුම්රියේ යෑමට පැමිණෙන තරැණයෙක් ගැන සිතක් පහල වෙනවා. ඒත් ඇයට මේ පිළිබඳව ඔහුට පැවසීමට අවස්තාවක් නම් ලැබෙන්නෙ නෑ. නමුත් නොසිතු මොහොතක සිදුවන අපූරැ සිදුවීමක් නිසා මේ දෙන්නාට එක් වීමට අවස්තාවක් ලැබෙනවා. නමුත් ඒ ලුසී කිසිසේත් බලාපොරොත්තු වු ආකාරයකට නම් නෙමේ. ඉතිං මේ සිදුවීම නිසා ලුසීට තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවු සිදුවීම් රාශියකට මුහුණ පාන්නට ලැබෙනවා. ඉතිං ලුසීට තම ආදරවන්තයාව හිමි කරගැනීමට අවස්තාවක් ලැබෙයිද?

ඇත්තටම මං මේ චිත්‍රපටයට පුංචි ප්‍රවිශ්ට වීමක් පමණයි ලබා දුන්නෙ. හරියම කිව්වොත් මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම James DC (Baiscopelk)
IMDb 6.8 /10 109,428 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sandra Bullock isLucy Eleanor Moderatz
Lucy Eleanor Moderatz
Bill Pullman isJack Callaghan
Jack Callaghan
Peter Gallagher isPeter Callaghan
Peter Callaghan
Peter Boyle isOx Callaghan
Ox Callaghan
Micole Mercurio isMidge Callaghan
Midge Callaghan
Ally Walker isAshley Bacon
Ashley Bacon

Similar titles

Let Him Go (2020) With Sinhala Subtitles
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son (2021) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ (Re – Uploaded)
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers II (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published