CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2756 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
What Will People Say (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

What Will People Say (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2017Norway106 Min.
Your rating: 0
6.4 5 votes
What Will People Say AKA Hva vil folk si (2017) | තාරුණ්‍යයේ නිදහස සොයා (18+)

මම මේ සැරේ අරන් ආවේ නෝවේජියන් චිත්‍රපටියකට උපසිරසියක්. හැබැයි මේකෙ ඉන්දියානු නළු නිළියෝ තමයි වැඩි පුර ඉන්නෙ. මේකේ භාෂාව ගත්තොත් නෝවේ භාෂාව සහ උර්දු භාෂාව යන දෙකම මේ චිත්‍රපටියට අන්තර්ගතවෙලා තියෙනවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ වෙනස්ම තාලේ චිත්‍රපටියකට උපසිරසියක්. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැනත් දන්නෙ නෑ. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ කාන්ත සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් විවිධ චිත්‍රපටිවලට sub කරන්න කියලා ඉල්ලලා තිබුණා. ඒවා හැම එකකටම බැරි උනත්, ටිකකට හරි sub කරන්න උපරිමයෙන් උත්සාහ ගන්නවා. පරක්කු වුනත් දෙන්න බලනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු හසන්ත වික්‍රමරත්න සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හයවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ What Will People Say හෙවත් Hva vil folk si කියන චිත්‍රපටියයි. 13 July 2018 (USAවල) වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

1h 46min ක ධාවන කාලයක්  සහිත IMDB අගය 7.5ක් ගත්, Rotten Tomatoes හි reviews 21කින් 81% ක ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් What Will People Say හෙවත් Hva vil folk si සිනමා පටය Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ කතාව Iram Haq ගෙනි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Maria Mozhdah, Adil Hussain, Ekavali Khanna, Rohit Saraf යන අයයිමෙය සම්මාන කිහිපයක්දලබා ගැනීමට සමත්වෙලා තියෙනවා.

91 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නිර්දේශය
නෝර්වීජියානු සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය

අවුරුදු 16 ක් වයසැති නිෂා ද්විත්ව ජීවිතයක් ගත කරයිඇගේ පවුල සමඟ නිවසේදී ඇය පරිපූර්ණ පකිස්තානු දියණියකිනමුත් ඇය නිවසින් පිටතදී සාමාන්‍ය නව යොවුන් තරුණියකිඇය නිදහසේ කාලය ගත කරයිමේකේ නිදහස විදියට මට නම් හිතෙන්නෙ මෙයා වැඩි කාලයක් පිටරටක හැදුණු නිසා ඒ සංස්කෘතියට ඇබ්බැහි වීමක් තමයි. දවසක් ඇගේ පියා ඇය පෙම්වතා සමඟ කාමරයේ සිටිද්දී අල්ලා ගන්නවාඉන් පසු නිෂාගේ දෙමව්පියන් ඇයව බලෙන් රැගෙන ගොස් පාකිස්තානයේ ඥාතීන් සමඟ තැබීමට තීරණය කරයි. ඇය මීට පෙර කවරදාකවත් ජීවත් නොවූ රටකඇගේ දෙමාපියන්ගේ සංස්කෘතියට අනුගත වීමට නිශා තැත් කරයි. මම වැඩිය කියන්නේ නෑඉතුරු හරිය ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්නමේක මම (18+) කාණ්ඩයට දාලා තියෙන්නෙ මේකෙ අසභ්‍ය දර්ශන තියෙන නිසාම නෙවෙයිමේකේ එහෙමම දර්ශන ඇතුලත් වෙන්නෙ නෑඒත් මේකෙ දෙබස්වල අසභ්‍ය වචන ඇතුළත් වෙනවා. sub 1 හදද්දී ඒ වචන වෙනස් කරෙත් නෑ චිත්‍රපටියේ රසයට බාධාවක් වෙන නිසාඒ නිසා ඒ ගැනත් හිතලා බැලුවොත් හොඳයි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පුබුදු ප්‍රසන්න (Baiscopelk)
IMDb 7.4 /10 5,797 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Iram Haq
Director

Cast

Similar titles

Adithya Varma (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unda (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mohenjo Daro (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Confidental (2020) With Sinhala Subtitles
Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ammu (2022) Sinhala Subtitles
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action Replayy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published