CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4381 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 01 [No Ads]
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 26, 2023Australia95 Min.
Your rating: 0
9.5 33 votes
Talk to Me (2022) | මාරක සෙල්ලම!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු හොල්මන් ෆිල්ම් එකක්. මේක කවුරුත් ආස කරපු Truth or Dare(2018), Countdown (2019), Ouija (2014) ෆිල්ම් වගේ කතා තේමාවක් රැගත් ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් වලට වඩා ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ ෆිල්ම් එකට ගන්න හැකිවෙලා තියෙනවා. මේක ලංකාවෙත් ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වුණේ ජූලි 27 වෙනිදා. මේකෙ වෙබ් පිටපත් ආවේ ඊයෙ උදේ(12). ෆිල්ම් එකේ බෙදාහැරීම් කටයුතු කළේ A24 ආයතනය විසින්. එයාලගෙ වැඩ ගැන අමතුවෙන් කියන්න ඕන්නෑනෙ, Everything Everywhere All at Once (2022), Past Lives (2023), X(2022), Midsommar (2019), Hereditary (2018), Pearl (2022) වැනි බොහෝ ජනප්‍රිය ෆිල්ම් බලපු අය ඒ ගැන දන්නවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 4.5 වගේ පොඩි මුදලක් තමා වියදම් වෙලා තියෙන්නේ ඒත් මේකෙන් උපයල තියෙනවා ඩොලර් මිලියර් 67.1 වැනි සැලකිය යුතු මුදලක්. ඒ වගේම මේක තමයි A24ලගේ පස් වෙනියට වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක වෙන්නෙත්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂ්‍යනය කරන්නේ අපි කවුරුත් හොඳින් දන්නා RackaRacka යූටියුබ් චැනල් එක කරන Danny Philippou සහ Michael Philippou යන දෙදෙනායි. එයාලගෙ වැඩ මොනවගේද කියලා බලලා නැත්තම් අනිවාරෙන් එයාලගෙ යූටියුබ් චැනල් එකට ගිහින් බලන්න, ඒකෙ මේ ෆිල්ම් එක ගැන විස්තරත් සෑහෙන්න ඇති. මේ ෆිල්ම් එකට තව රංගනයෙන් දායක වෙනවා Zoe Terakes, Sophie Wilde, Miranda Otto, Chris Alosio, Otis Dhanji, Joe Bird වැනි අය.

මං මේකෙ කතාව ගැන වැඩිය මුකුත් කියන්න යන්නෑ මොකද ඔයාල මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක එහෙම බලලා ෆිල්ම් ගැන දැනුවත් නම් අනිවාරෙන් ඔයාල මේක බලනව කියලා දන්නවා, ඉතිං ඔයාලගෙ කුතුහලේ නැති කරන්න ඕන්නෑනෙ. ඒත් වැඩිය දැනුවත් නැති අයට පොඩි විස්තරයක් කියන්නම්, මේ ෆිල්ම් එකේ තියෙන්නේ අතක් එක්ක කරන මාරක සෙල්ලමක් ගැන. අද කාලෙ තරුණ තරුණියො ගැන දන්නවනේ, එයාල සෝශල් මීඩියා වල ජනප්‍රිය වෙන්න එක එක විදි හොයාගන්නවා. ඉතිං මේකෙ ඉන්න සෙට් එකත් සෝශල් මීඩියා වල ජනප්‍රිය වෙන්න වෙනම විදිහක් හොයාගෙන තියෙන්නේ. ඒ තමයි මං කලින් කිව්ව මේ මාරක සෙල්ලම. ඉතිං මේ මාරක සෙල්ලම මොකක්ද? ඒකෙන් මොකක්ද වෙන්නේ? මේකෙ අත මොකක්ද? කියන ප්‍රශ්න වලට උත්තර මේ ෆිල්ම් එක බලලා ඔයාලට දැනගන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන මගේ අදහස කිව්වොත් මේක නියම හොල්මන් ෆිල්ම් එකක්, මොකද මේකෙ මුල මැද හොඳට ගලපලා ෆිල්ම් එක හදල තියෙයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එකේ අවසාන සිද්ධියෙන් තේරෙයි. ඒ විතරක් නෙවේ ෆිල්ම් එකේ තියෙන ගුණාත්මකබාවෙ නිසාම IMDb 7.4 ඉතා ඉහල අගයක් ගන්න හැකිවෙලා තියෙනවා මනාප 36, 100 අධික ප්‍රමානයකින්. තවද කුණු තක්කාලි 95% ගන්නත් හැකිවෙලා තියෙනවා.

දැං තේරෙනව ඇතිනේ ෆිල්ම් එකේ තත්වෙ කොහොමද කියලා. එහෙනම් සුපිරි හොරර් ෆිල්ම් එකක් බලන්න කැමති අයට මේක බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 7.3 /10 43,896 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Greg Cobain
Director

Cast

Similar titles

Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman King (2022) | “ගැහැණු රජුගේ ආගමනය”
The Other (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
The Man in the White Van (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raaz 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Banker (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published