CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2578 Views

  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 08, 2005India180 Min.
Your rating: 0
8.7 3 votes
Lucky: No Time for Love (2005) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky – No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. “ලකී” විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.

මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා.
බලන්න මේ ගීත ටික මතකද කියලා?

  1. චොරි චොරි – අල්කා යාග්නික් // සෝනු නිගම්
  2. ජාන් මේරි ජා රහී සනම් – උදිත් නාරායන් // අනුරාධා පෝද්වාල්
  3. සුන් සරා – සෝනු නිගම්
  4. ලකී ලිප්ස් – ආශා බෝස්ලේ
  5. ශායඩ් යහී තෝ ප්‍යාර් හේ – ලතා මංගේෂ්කාර් // අද්නාම් සාමි
  6. හම් දිවා නේ – සෝනු නිගම් // අනුරාධා පෝද්වාල්

එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද? ඔයාලම බලන්න…

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4.7 /10 3,794 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Radhika Rao
Director

Cast

Salman Khan isAditya
Aditya "Adi" Sekhri
Sneha Ullal isLucky Negi
Lucky Negi
Mithun Chakraborty isRetd. Colonel Pindi Das Kapoor
Retd. Colonel Pindi Das Kapoor
Navni Parihar isAnjali Negi
Anjali Negi
Ravi Baswani isMr. Negi
Mr. Negi
Vikram Gokhale isAmbassador Sekhri
Ambassador Sekhri

Similar titles

Anel Meley Pani Thuli (2022) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Action Jackson (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Commando (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Heist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published