EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMuppet Treasure Island (1996) | නිධන් සොයා ගිය රූකඩයෝ
රොබර්ට් ලුවී ස්ටීවන්සන් ගේ Treasure Island නම් නවකතාව ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතුවාට නිසැකයි. එයම සිනමා පටවලට පවා නිර්මාණය වී තිබෙනවා, මේ වනවිට ඔබත් නරඹා ඇතුවා විය හැකියි. මේ එහි රූකඩ අනුවාදයයි. මෙ මෙගින් අප රූකඩයන්ව මුහුදු සවාරියක් ගෙනගොස් ඇත.
රිසෝ හා ගොන්සෝ සමග ජිම් හෝකින්ස් සේවය කරනුයේ අද්මිරාල් බිම්බෝ තානායමේය. බිලී බෝන්ස් නැවතී ඇත්තේද මේ තානායමේමය. දිනක් බිලීගේ මිතුරු කොල්ලකාරයන් තානායමට පැමිණෙන්නේ බිලීව මරා හෝ නිදන් දූපතට යන සිතියම ලබා ගැනීමටයි. නමුත් ඊට පෙර සිතියම ජිම් අතට ලබා දීමට බිලී සමත්වෙයි.
තානායමේ ඇතිවන ගැටුමෙන් දිවිබේරාගන්නා ජිම්, රිසෝ හා ගොන්සෝ සිතියමට අනුව නිධානය සොයා යාමට තීරණය කරයි. හිස්පැනියෝලා නම් නැවත්, කපිතාන් ස්මොලස්ට් සමග නවතම කාර්‍ය මණ්ඩලයක් මේ සදහා පිටත්ව යයි.නමුත් කිසිවකු නොදන්නා කරුණ නම් මේ කාර්‍ය මණ්ඩලය නිධානය ගැන ඉව වැටුන මූදු කොල්ලකාරයක් පිරිසක් වීමයි.ඒ ගැන කපිතාන්ට සැකයක් ඇතිවනවිට ප්‍රමාද වී අවසානය.
නැවේ කැරැල්ලක් ඇති කරන මේ කොල්ලකාර පිරිසට නිධානය හිමිකරගත හැකිවේද? දූපතේදී කපිතාන් ස්මොලස්ට් හට හමුවන සුරූපිණිය කවුරුන්ද? ලෝන්ග් ජෝන් සිල්වර් හට කුමක් සිදුවේද? සුන්දර ගීත කීපයක්ද සහිත රූකඩයන්ගේ විස්මිත වීර චාරිකාව ඔබත් නරඹන්න.








