CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2140 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Last Lions (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Lions (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 11, 2011United States88 Min.
Your rating: 0
7.5 2 votes
The Last Lions (2011) | පෘථිවියේ සිටින අවසාන සිංහයින්

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ දරුවන් තිදෙනාට බේරීමට හැකි වුවත් ඇයගේ පිරිමි සිංහයාට බේරෙන්නට පුලුවන් වෙන්නේ නෑ. ඇයට ඉන්‍ෙදිවි ගලවා ගැනීමට හැකි වුවත් තමා හා දරු තිදෙනා හොයා මරා දමන තුරු විජයග්‍රාහී සිංහයන් නවතින්නේ නෑ කියලා ඇය දන්නවා. ඉතින් ඇය ඩුබාදූපතේ ඈතින් ඈතට තම පැටවුන් සමඟ ගමන් කරනවා. මේ යන ගමනේදී ඉදිරියට හමුවන දැවැන්ත කිඹුලන් ගෙන් හා රංචු පිටින් සැරි සරන අති විශාල ගවයන් ගෙන් මොවුන්ට බේරීමට හැකි වේවිද? සිංහ පැටවුන් තිදෙනාම දිවි ගලවා ගනීවිද? තම භූමිය අල්ලා ගත් සිංහයන් නැවතත් තමා පසු පස නොඒවි යැයි සහතිකයක් තිබේද?

2011 නිපදවපු National Geographic’s wildlife Adventure Movie එකක්. මොනව උනත් ගොඩක් මහන්සි වෙලා දිවා රෑනොබලා රූගත කරපු දර්ශන පෙලක් තමා තියෙන්නේ. ඒ මහන්සියේ වටිනාකමට හරියන්න දැනට IMDB දර්ශකයේ 8.4 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoesදර්ශකයේ 87%ක ප්‍රතිශතයකටත්  හිමිකම් කියන මේ වාර්තාමය චිත්‍රපටය Dereck Joubert ගේ අධ්‍යක්ෂණයක්. මිනිත්තු 108ක් පුරා දිග හැරෙන සුපිරිම වාර්තාමය චිත්‍රපටියක්. බැලුවෙ නැත්නම් වැඩක් නෑ. අති හරින්නේ නැතුව අනිවා බලන්නම කියලා යෝජනා කරනවා. ජය වේවා!

සිංහයින් ගැන පූර්විකාවක් –
අවුරුදු 50කට කලින් අප්‍රිකාවේ සිංහයින් 450,000 ක් පමණ ජීවත් වුනා. නමුත් අද වෙද්දී ඒ ගණන 20,000කටත් අඩුයි. ඒ විසි දහසෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ බොට්ස්වානාවේ ඔකවැන්ගෝ ඩෙල්ටාවේ (In the middle of the Okavango delta) මැදට වෙන්නට පිහිටා ඇති ඩුබා (Duba Island)නම් වූ හුදකලා පාඵකරයේ. ඉතින් මේ අප්‍රිකාවේ දුර ඈත අඳුරු අහු මුඵ කියන්නේ විවිධාකාරයේ අපූරු නාට්‍ය රඟ දැක්වෙන රංග භූමියක්. තව වසර 15 කින් ලෝකයේ ජනගහණය බිලියන 8ක් වේවි. අපේ ලෝකයේ වගේ අපිරිසිදු තැනක් බවට මිනිසුන් විසින් මේ නොඉඳුල් වනාන්තරයත් පත්කලොත් මොකද වෙන්නේ. ඉතින් මේ අවසාන සිංහයින් විසි දහස නොමැරී ඉඳී කියලා කොහොමද කියන්නේ? සිංහයෝ කියන්නේ පෘථිවියේ තියෙන එක්තරා මුද්‍රාවක් (Iconic Animals). ඔවුන් නැති ලෝකයක් ගැන හිතන්න පුලුවන්ද? මේ තමයි පෘථිවියේ ඉන්න අවසන් සිංහයන්ගේ කතාව. දත් සහ නිය වලින් ජීවිත අරගලය ගෙනියන සිංහයින්ගේ වෘතාන්තයයි මේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දමිත් තරංග (Baiscopelk)
IMDb 8.2 /10 4,267 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jeremy Irons isNarrator
Narrator

Similar titles

400 Bullets (2021) Sinhala Subtitles
Ash (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pompeii (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Run Hide Fight (2021) Sinhala Subtitles
MaXXXine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | (18+)
See For Me (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Splice (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published