EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pachuvum Athbutha Vilakkum (2023) | පාචුගේ මැජික් පහණ.

Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය වෙන්න ඕනෙ.ඒ කවුරුත් නෙමෙයි Fahadh Faasil.

පාචු කියන්නෙ මුම්බායි වල පාමසියක් කරගෙන යන අහිංසක මලයාලි කොල්ලෙක්.එයාගෙ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ කෙල්ලක් කසාද බැදල ලස්සන ජීවිතයක් ගත කරන එක එයාගෙ හීනය. අහිංසක උනාට ටිකක් විතර තියෙන අහංකාර කම නිසාද කොහෙද බලපු එකම කෙල්ලෙක්වත් මෙයාට සෙට් උනේ නෑ.දවස් තුනකට ගමට එන පාචුට ආපසු යන ගමනෙ මුල ඉඳලම අනපේක්ෂිත සිද්ධි ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා.එයාට ‘මැජික් පහණ’ ලැබෙන්නෙ ඒ ගමනෙදි.අනේ මන්ද මම නම් කියන්නෙ මේ ඔක්කොටම හේතුව මාළු කටුවක් කියල.

ෆෆා මේකෙ ප්‍රධාන චරිතය කරද්දි Viji Venkatesh ,Anjana Jayaprakash,Dhwani Rajesh, Mukesh Rajan සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂනය Akhil Sathyan.

Comments