EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Strays (2023) | වල් බල්ලෝ [සිංහල උපසිරැසි] 18+

හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්.

ඔය අතරේ තව බල්ලෝ කණ්ඩායමක් ඉන්නවා අපි හැමෝටම පාරේ යනකොට හම්බවෙන. උන්ට අපි සරලවම කියන්නේ වල් බල්ලෝ කියලා. මම මේ කියන්නේ කකුල් හතරේ වල් බල්ලෝ ගැන හොඳේ. අන්න එහෙම වල් බල්ලන් ගැන කියවෙන කතාවක් තමයි අද මමයි යුරාන් මල්ලියි ඔයාලට අරන් එන්නේ.

චිත්‍රපටයේ නම Strays. රඟපාන්නේ බල්ලෝ. එක බැල්ලියෙකුත් ඉන්නවා. මේ කතාව බලන කොට මට මුලින්ම මතක් උනේ Cats & Dogs චිත්‍රපටය. වෙනසකට තියෙන්නේ මේ චිත්‍රපටයේ පූසෝ නැහැ. ඒ වෙනුවට ඇති තරම් කුණුහරුප නම් තියනවා. ඉතින් කියන්න ඕන සමහර කුණුහරුප අපි ඒවායේ ඇත්ත සිංහල වචන වලට කිට්ටු වෙන්න පරිවර්තනය කරා නැත්නම් කතාවේ රසය අඩු වෙන නිසා. ඒ වගේම කියන්න ඕන මේක විහිලු කතාවක් නිසා මුල ඉඳන් අග වෙනකල්ම හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ඔයාලා හැමෝටම.
එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රෙජී (Will Ferrell) කියන්නේ හුරතලේට ඇති කරපු බල්ලෙක්. එයාගේ හාම්පුතා තමයි ඩග් (Will Forte). හැබැයි ඩග්ට රෙජීව පේන්න බැහැ. මොකද රෙජී නිසා ඩග්ගේ හොර වැඩ කෙල්ලට මාට්ටු වෙනවා. ඒ වගේම ගෙදර පිළිවෙලට තියා ගන්නත් අමාරු වෙනවා. ඒ නිසා ඩග් තීරණය කරනවා රෙජීව ඈතක ගිහින් දාලා අතරමං කරන්න. එහෙම අතරමං කරන රෙජීට පාරේ ඉන්න වල් බල්ලෝ තුන් දෙනෙක් සෙට් වෙනවා. ඒ තමයි බග් (Jamie Foxx), හන්ටර් (Randall Park) සහ මැගී (Isla Fisher). ගජ යාළුවො වෙන මේ කට්ටිය එකතු වෙලා ඩග් ගෙන් ඒ කියන්නේ රෙජීගේ හාම්පුතා ගෙන් පළි ගන්න හැටි තමයි කතාවෙන් කියන්නේ. ඒ පළි ගන්න විදිහ නම් බලන්නම ඕන කියලා වැඩක් නැහැ.

Strays ලංකාවේ නම් පෙන්නුවේ නැහැ. සමහර විට තියන කුණුහරුප නිසා වෙන්න ඇති. චිත්‍රපටය විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ උනේ අගෝස්තු 18. Universal Pictures විසින් බෙදා හැරපු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Josh Greenbaum. ඒ වගේම මේකට IMDb 6.3 අගයකුත් Rotten Tomatoes 55% අගයකුත් ලැබිලා තියනවා. පුද්ගලිකව මගේ අදහස නම් මීට වඩා රේටින් ලැබෙන්න ඕන කියන එකයි. මොනවා උනත් කතාවේ රසයට නම් මේ රේටින් අදාල නැහැ.

Josh Greenbaum ප්‍රධාන නළු නිලි බල්ලන් 4 දෙනා එක්ක

චිත්‍රපටය රූගත කරන අවස්ථාවක්

 

 

 

ලිපිය ඉවර කරන්න චිත්‍රපටයේ වල් බල්ලන් වෙනුවෙන් රෙජී හඳුන්වා දෙන නීති තුනක් සඳහන් කරන්න හිතුනා.
1. වල් බල්ලන්ට දෙයක් අයිති කරගන්න ඕන නම් ඒකට හුජ්ජ කරන්න ඕන
2. වල් බල්ලන්ට කැමති දේකට ඇති තරම් අරින්න (සෙක්ස් කරන්න) පුළුවන්
3. වල් බල්ලෝ තනි වෙලා නැහැ

එහෙනම් කතාව බලලා කමෙන්ට් එකකතු දාගෙන යන්න. හැමෝටම ජය වේවා!

Comments

September 25, 2023

Jawan nadda bro thama