EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSanda Kozhi 2 (2018) | පොර කුකුළා
2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර තිබෙනවා. සුපිරි නළු Vishal සමඟින් සුරූපී නිළි Keerthi Suresh සහ Rajkiran ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
එක්තරා ගමක කුඩා ආරවුලක් දුර දිග යාම නිසා මුළු ගමක්ම බලා ඉද්දී පේචී කියන කාන්තාවගේ ස්වාමියාව මරලා දානවා. ඒ මරණයට වගකිවයුතු අයගෙන් එක්කෙනෙක් හැරෙන්න අනෙක් අයව මරා දාන්න ඒ අයට හැකියාව ලැබෙනවා.ජීවත් වෙලා සිටින අන්තිම පුද්ගලයාව ආරක්ෂා කරගන්න දුරෙයි අයියා කියන පුද්ගලයාට සිද්ද වෙනවා. ඔය අතරේ වසර හතක් නිව් යෝක් වල හිටිය දුරෙයි අයියාගේ පුතා, එහෙමත් නැත්නම් බාබු(විශාල්) ආපහු තමන්ගේ ගමට එනවා. ගමට එන බාබුට සෙම්බරුතී(කීර්ති) කියන ගෑණු ළමයාට හිත යනවා. ඉතින් බාබු නැවත තමන්ගේ ගමට ආවට පස්සේ මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ කොහොමද? මේ සෙම්බරුති කියන ගෑණු ළමයා කොහොමද මේ ප්‍රශ්නෙට මැදි වෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.








