EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRocky Aur Rani Kii Prem Kahaani (2023) | රොකි සහ රානීගේ ආදර අන්දරය…
මේ තමයි මගේ ආදර කතාව. අපි සුපිරි ධනවත් ඉන්දියානුවෝ. ඒ කියන්නේ රන්ධාවා පරම්පරාව. අපි සුපිරි ලඩ්ඩු අත්තිවාරමක් මත තමයි ගොඩ නැගුනේ. මේවා ඔයාලගේ සාමාන්‍ය ලඩ්ඩු වගෙ නෙවෙයි කියන එක මතක තියාගන්න. මගේ ආච්චි වන් ඇන්ඩ් ඔන්ලි ධන්ලක්ශ්මී රන්ධාවාගේ විශේශ වට්ටෝරුවකට හදපු හාල්පිටි ලඩ්ඩු. ආච්චි ලේ දහඩිය වගුරුවලා ධන්ලක්ශ්මී රසකැවිලි ව්‍යාපාරය කෝටි ගනනක් බවට පත් කලා. නියම ගැහැනියෙක්! වොන්ඩර් වුමන් කෙනෙක්! ආච්චි කියන විදිහට වතුර බිංදු එකතු වෙලා මුහුද හැදෙනවා පිටි බෝල බෝල එකතු වෙලා ලඩ්ඩු හැදෙනවා.
ආච්චි කසාද බැන්දේ ලුන්ඩ් කෙනෙක්ව. කවල් ලුන්ඩ්. ලුන්ඩ් රසකැවිලි කාරයාගේ පුතා. එයාලගේ ගොඩක්ම තිත්ත වුනා. ඒ කියන්නේ එයාගේ නැන්දම්මා. නැන්දම්මා මායාකාරියක් වුනා. ඒ වගේම සැමියා සම්පූර්නයෙන්ම අසාර්තක වුනා. එයාට ඕනේ වුනේ ව්‍යාපාරිකයෙක්. ඒත් ලැබුනේ ජාවේඩ් ගුල්සාර්ගේ රසිකයෙක්. දවසක්දා නැන්දම්මා ෆොටෝවක රාමු වුනා. ආච්චි ගෙදර ලක්ශ්මී බවට පත් වුනා. ධනලක්ශ්මීට ධනය උපයන්න කොච්චර පිස්සුවක් තිබුනද කියනවනම් එයාගේ පුතාගේ නම තිජෝරි කියලා තිබ්බා. ඇත්තටම මගේ තාත්තගේ නම තිජෝරි. (මුදල් පෙට්ටිය)
ආච්චි ලොකු බයකින් හිටියේ තාත්තත් සීයා වගේ කවියෙක් වෙයි කියලා. ඉතින් එයා තාත්තව සීයගෙන් ඈත් කරලා තියාගත්තා. දවසක්දා සීයා කවි කිය කිය ඉන්න ගමන් අනතුරක් වුනා. අවාසනාවට ඒ හානිය සදහටම පැවතුනා. අසරනයට ඒකෙන් කවදාවත් ගොඩ එන්න බැරි උනා. සමහර වෙලාවට එයාගේ මතකේ එනවා… යනවා. මගේ ආදරනීය සීයා සදහටම සිහින ලෝකයක ජීවත් වෙනවා. ඒ වගේම ධන්ලක්ශ්මී රසකැවිලි ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් වුනා.
ඊට පස්සේ අපේ ගෙදර මගුල් බෙර වැයුනා. අන්තිමේදී ආච්චි අපේ ගෙදර ලොකුම ප්‍රදර්ශන භාන්ඩය ගෙනාවා. ඒ මගේ අම්මා, පූනම්.
‘ කවදාවත් කකුල් අල්ලන්න එපා.
හැමදාම ඔලුව වහගෙන ඉන්න.’
ඒ නැන්දම්මගෙ උපදේශය. අපි පැනි රස ව්‍යාපාරයක් කලත් තිත්ත බව අපේ පරම්පරාවෙන්ම පැවත එන දෙයක් වුනා.
ඉතින් මේ තමයි මගෙ පවුලේ කතාව. එතනින් පටන් ගන්නවා මගේ ආදර කතාව. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමු.
ඉතින් කරන් ජොහාර්ගේ අධ්‍යක්ශනයෙන් එලියට ආපු අලුත්ම චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. රන්වීර් සිං, ආලියා බාත්, ධර්මේන්ද්‍ර, ජයා බච්චන් ඇතුලු සුපිරි නලු නිලියන් රැසක් දායක වෙනවා. මේක පවුල සහ ආදරය අතරේ දිවෙන කතාවක්. කබි කුශි කබි ගම් චිත්‍රපටියේ ප්‍රධාන සංකල්පය මතක් වෙනවා නියතයි. හැබැයි කරන් ඉතා රසවත් ආකාරයට නව තාලයට ගැලපෙන ආකාරයිට එය හසුරුවා තිබෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් හතර වෙනි ස්ථානයේ රැඳෙනවා.
ඉතින් ලස්සනම ලස්සන පරන සහ අලුත් සිංදු රැසක්ම තියෙන මේ චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.











