EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rustum (2019) | අපරාධ මැඩලීමට පැමිණි රණශූරයා

ආයුබෝවන් කියල පිලිගන්නවා සිනමාලෝලී රසික , රසිකාවියන් හැමෝම ඔන්න කාලෙකට පස්සෙ තවත් සුපිරි කන්නඩ ෆිල්ම් එකකට උපසිරැසිත් අරගෙන තමයි කට්ටිය හම්බෙන්න ආවේ..
ඉතින් වැඩි කතා නැතුව කෙලිම්ම යමු ෆිල්ම් එක පැත්තට.

2019 ජුනි 28 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු මෙහි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ..Drama / Action වර්ගයට අයත් මෙය IMDB 6.3 ක අගයකුත් Google Users Like 90% කුත් මේ සඳහා හිමිවෙලා තියෙනවා..

ප්‍රධාන නලු නිලියන් ලෙසින් කන්නඩ සිනමාවේ ප්‍රධාන පෙලේ නලුවෙක් වෙන Shiva Rajkumar , හින්දි සිනමාවේ කව්රුත් දන්න නලුවෙක් වන Vivek oberoi , jersey තෙලිඟු සිනමාපටයේ විශිෂ්ඨ රංගනයක් එක් කල සුරූපිනිය Shradda Srinath යන අය එක් වනවා..

කතාව මතක් කලොත් මෙහෙමයි.කතාව ආරම්භයේදීම IAS ඔෆිසර් කෙනෙක් අතුරුදහන් වෙන සිදුවීමක් වාර්තා වෙනවා..ඒ සමඟම ඒ ප්‍රදේශයේ පදිංචි වෙන්න අභිශේක් කියල කෙනෙක් තමන්ගෙ පවුලෙ අයත් එක්ක එනවා.

ඒ අතර අර අතුරුදහන් වුනු ඔෆිසර්ගෙ ගෙදර අය එයා හොයන්න උත්සාහ ගත්තත් පොලීසියෙන් නිසි සහයෝගයක් ලැබෙන්නෑ.ඉතින් ඒකට උදව් කරන්න අභිශේක් ඉදිරිපත් වීමත්  එක්ක ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා..

ඉතින් මේ පිටිපස්සෙ සැගවුනු ලොකු කතාවක් තියෙනවා ..කවුද මේ අභිශේක් ? මේ දේවල් පිටිපස්සෙ සැගවුනු කතාව මොකක්ද ? හැමදේම දැනගන්න අනිවාරෙන්ම අරන් බලන්න කම්මැලි නැතුව බලන්න පුලුවන් නියම කතාවක්…

Comments