EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageIndiana Jones and the Temple of Doom (1984) | කාළි මෑණියගේ මරණයේ දෙවොල
චිත්‍රපටය මීට දශක දෙකකට පමණ ඉහතදී අතිශය ජනප්‍රිය වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ එක සන්ධිස්ථානයක්. මෙය අධ්‍යකෂණය කොට තිබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂක ස්ටීවන් ස්පිල්බර්ග්. මේ චිත්‍රපටය තවත් එක බටහිර සිනමා සිත්තමක් පමණක් නම් නෙවෙයි. මෙහි බොහෝ කොටස් තිරගත කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී. ඒ විතරක් නෙවෙයි. එදා යුගයේ ජනප්‍රිය සිංහල නලු නිලියනුත් මෙහි රඟපානවා. නැසීගිය රංගධර ඩී. ආර් නානායක්කාර, දෙනවක හාමිනේ වගේම අයිරාංගනී සේරසිංහත් මෙහි චරිත රඟපානවා. හින්දි සිනමාවේ දුෂ්ට නළුවා ලෙස විරුදාවලිය ලත් අම්රිෂ් පූරිත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.
චිත්‍රපටය ගැන කියනවානම්, අනතුරකට ලක්වන ඉන්ඩියානා ජෝන්ස් ලෙස රඟපාන හැරිසන් ෆෝඩ් රැගත් ගුවන් යානය කඩා වැටෙන්නේ ශ්‍රී ලංකාවට. අනතුරෙන් පසු ලංකාවේ එක් දුප්පත් ගම්මානයකට යන ඉන්ඩියානා ජෝන්ස් ට ව්‍යසනයකට පත්ව සිටින අසරණ ගම්මුන්ගේ ඉල්ලීමකට සවන් දෙන්නට සිදුවනවා. එය ඉටුකිරීමට යාමේදී හමුවන අමුත්තන් හා සිද්ධි විටෙක විනෝද ජනකයි, විටෙක පිළිකුල් සහගතයි, තවත් විටෙක ලොමු දැහැගන්වන සුළුයි. විශේෂයෙන් මෙහි ඇති භෝජන සංග්‍රහය ඔබට කිසි දිනෙක අමතක නොවනු ඇති.











