CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1820 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 15, 2009United States109 Min.
Your rating: 0
6 1 vote
Law Abiding Citizen (2009) | නීතියට එරෙහිව නොලද යුක්තිය… (18+)

මේ වතාවේ මා ඔබ වෙත රැගෙන ආවේ Law Abiding Cityzen (2009) සිනමාපටයේ සිංහල උපසිරැසියයි. මේ සිනමා නිර්මාණය සහාසික පළිගැනීමක නිරතවන පුද්ගලයෙකු වටා ගෙතුණු කතන්දරයක් අන්තර්ගත, අතිශය ත්‍රාසජනක සහ උද්වේගකර ලෙස නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණයක්. Gerard Butler සහ Jamie Foxx අතිශය උද්වේගකර ලෙස ප්‍රධාන චරිත දෙක ගොඩනඟන අතර ආරම්භයේ සිටම අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව ඔබව ඇද බැඳ තබාගැනීමට මේ සිනමාපටය සමත් වෙනු ඇති. F. Gary Grayගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ප්‍රතිචාර 311,068කින් IMdb දර්ශකයේ 7.4/10 අගයක් ලබාගන්නට සමත් වී තිබෙනවා. නිකුත් වීමෙන් අනතුරුව, අනවශ්‍ය ලෙස සාහසික බවට ඇතැම් විචාරකයන්ගේ විවේචන වලට ලක්වුණත්, ඩොලර් මිලියන 53ක නිෂ්පාදන වියදමට එදිරිව ඩොලර් මිලියන 127.9ක ආදායමක් ලබන්නට Law Abiding Cityzen සමත් වන අතරම, වසරේ හොඳම ක්‍රියාදාම/ත්‍රාසජනක සිනමාපටය ලෙසින් Saturn සම්මානයටද, හොඳම සිනමා නළුවා, සහ හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් NAACP සම්මානයටද නිර්දේශ වීමට සමත් වුණා.

මේ සිනමාපටයේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. චිත්‍රපටය ආරම්භ වන්නෙම සාහසික උද්වේගකර ජවනිකාවකින්. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන ක්ලයිඩ් ෂෙල්ටන්ගේ (Gerard Butler) නිවෙසට රාත්‍රියේ කඩාවදින පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුවත් බිරියත් දෑත් දෙපා ගැට ගසා පහර දෙනවා. අනතුරුව ඔවුන් දෙදෙනාටම පිහි පහර එල්ල කරන අතර දියණියව ද සහාසික ලෙස ඝාතනය කරනවා. තම දෑස් ඉදිරිපිටම බිරිඳත් දියණියත් ඝාතනය වන අන්දම දකින ක්ලවුඩ් එල්ල වුණු පිහිපහර නිසා සිහිසුන් වනවා. මේ ඝාතන ගැන විමර්ෂණ වලින් අනතුරව ක්ලැරන්ස් ඩාබි (Christian Stolte) සහ රූපට් ඒම්ස් දෙදෙනාව (Josh Stewart) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මෙහිදී ක්ලයිඩ්ගේ නීතිඥයා ලෙස කටයුතු කරන නික් රයිස් (Jamie Foxx) සාක්ෂි නිවැරදිව මෙහෙයවීමට අසමත් වන අතර, ඩාබි වරදකරුවෙක් බවට ඔප්පු කළ හැකි DNA සහ අනෙක් වෝහාරික සාක්ෂි පිළිගනිම විනිසුරු ප්‍රතික්ෂේප කරනවා. විමර්ෂණ අතරතුරදී සත්‍ය මිනීමරුවා වන ක්ලැරන්ස් ඩාබි රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වෙමින් තම සගයා වන රූපට් ඒම්ස් විසින් ඝාතන සිදු කළ බවට සාක්ෂි ලබා දෙනවා.

මේ නිසා ඩාබි මරණීය දණ්ඩනයෙන් ගැලවෙන අතර තුන්වන ගණයේ මිනීමැරුමක් සඳහා තුන් වසරක සිර දණ්ඩනයක් පමණක් ලබනවා. මේ අතර ඝාතන සඳහා නිදොස් අහිංසකයෙක් වුණු රූපට් ඒම්ස් මරණීය දණ්ඩනයට නියම වෙනවා. උසාවියෙන් බැහැරදී සිය නීතිඥයා වන නික් රයිස් ඝාතක ඩාබි සමඟ අතට අත දෙන දර්ශනය දකින ක්ලයිඩ් බෙහෙවින් කළකිරීමට පත්වනවා. අධිකරණ පද්ධතියෙන් සහ තම නීතිඥයාගෙන් තමන්ට බරපතළ අසාධාරණයක් වන අන්දම දස වසරක් තිස්සේ බලාසිටි ක්ලයිඩ්, අවසානයේ සමස්ත අධිකරණ පද්ධතියටම එරෙහිව යමින්, යුක්තිය සහ සාධාරණත්වය තමන්ගේම ආකාරයකට නිර්වචනය කරගෙන සැහැසි පළිගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට තීරණය කරනවා. මුලින්ම ඔහුගේ ගොදුර වන්නේ විෂ එන්නත්කරණයෙන් වේදනා රහිත මරණීය දණ්ඩනයට නියම වුණු රූපට් ඒම්ස්. ෂෙල්ටන් විසින් මරණීය දණ්ඩනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය වෙනත් රසායනික ද්‍රව්‍ය වලට මාරු කරවීම නිසා අධික වේදනා විඳ මරණයට පත් වීමට ඒම්ස්ට සිදුවෙනවා. අනතුරුව මරණයෙන් ගැලවුණු ඝාතක ඩාබිව කොටු කරගන්නා ක්ලයිඩ්, ඔහුගේ සිරුර අකර්මණ්‍ය වන රසායනික සංයෝගයක් ශරීරගත කර හෙලවිමටවත් නොහැකි ලෙස ගැටගසා අතිශය දරුණු වධහිංසා පමුණුවා අවසානයේ මරණයට පත් කරනවා. (සංවේදී දර්ශන නැරඹීමට අපහසු අයට නම් නැරඹීමට අපහසු ඒ කොටස මඟහැර ඉදිරියට යවන්න සිදුවෙන්න පුළුවන්!)

මේ ඝාතන දෙක සඳහා ක්ලයිඩ් සැකපිට අත්අඩංගුවට පත්වන අතර රජයේ පැමිණිලි පාර්ශවයේ නීතිඥයා ලෙස පෙර නඩුවේ ක්ලයිඩ් වෙනුවෙන් පෙනී සිටි නික් රයිස්, මෙම නඩුවේ ක්ලයිඩ්ට එරෙහිව පැමිණිලි පාර්ශවයේ නීතිඥයා බවට පත්වෙනවා. මින් ඉදිරියට ගලා යන්නේ සිරමැදිරිය තුල සිටින අතර සුක්ෂම උපායන් යොදවමින් මිනීමැරුම් වලින් ගැලවෙන්නට උත්සහ කරන ක්ලයිඩ් ෂෙල්ටන් සහ නීති පාර්ශවය නියෝජනය කරන නික් රයිස් අතර ඇතිවන උද්වේගකර ඝට්ටනය සමඟ ඇතිවන බිහිසුණු අතුරු ප්‍රතිපලයි. තමන්ට අසාධාරණය කළ සියලු දෙනාගේ ජිවිත වලින් වන්දිය ගැනීමට උත්සහ කරන ෂෙල්ටන්ට සිය අරමුණු මුදුන් පත් කරගැනීමට හැකිවේද? ඔහුට එදිරිව තමා සහ නීති පද්ධතිය රකින්නට උත්සාහ කරන නික් රයිස්ට ෂෙල්ටන්ගේ සැලසුම් අඩාල කරමින් ජයගන්නට හැකිවේද? මීළඟට ෂෙල්ටන්ගේ ගොදුරු ඉලක්ක බවට පත්වන්නේ කවුරුන්ද? වියරු පළිගැනීමේ ආශාව ක්ලයිඩ්ව රැගෙන යන්නේ කොතනටද? මේ සියල්ල ඔබට චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්නට හැකි වෙයි.

කෙසේ වෙතත් ඔබ සංවේදී දර්ශන නැරඹීමෙන් කම්පනයට පත්වන්නේ නම් සහ 18ට අඩු නම් මෙය නැරඹීමෙන් වැළකීම වඩාත් සුදුසු යැයි අදහස් කරමි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 7.4 /10 311,334 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

F. Gary Gray
Director

Cast

Jamie Foxx isNick Rice
Nick Rice
Gerard Butler isClyde Alexander Shelton
Clyde Alexander Shelton
Colm Meaney isDetective Dunnigan
Detective Dunnigan
Bruce McGill isJonas Cantrell
Jonas Cantrell
Leslie Bibb isSarah Lowell
Sarah Lowell
Michael Irby isDetective Garza
Detective Garza
Gregory Itzin isWarden Iger
Warden Iger
Regina Hall isKelly Rice
Kelly Rice
Brooke Stacy Mills isClyde's Wife
Clyde's Wife

Similar titles

Rush Hour 3 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants 2 (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consumed (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lion King 3 Hakuna Matata (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Guilty (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published