CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3660 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 08, 2023United States164 Min.
Your rating: 0
9.4 23 votes
Mission: Impossible – Dead Reckoning Part One (2023) | “ඊතන් හන්ට් නැවතත් මෙහෙයුමේ..!!”

(Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles) (Mission: Impossible – Dead Reckoning (Part One (2023) Sinhala Subtitle) (Mission Impossible Dead Reckoning Part One Sinhala Subtitle) (Mission Impossible Sinhala Subtitle) (Mission Impossible 07 Sinhala Subtitle) (Mission Impossible 7 Sinhala Subtitle)

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට මං අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. වෙනදා වගේම කැම් පිටපතට සබ් එක කල්තියා කරලා තියාගත්ත නිසා තමයි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.

හොඳයි අද මං ගෙනාවේ වෙන එකක් නෙවෙයි ඔයාලා එනකල්ම බලාගෙන හිටපු Tom Cruiseගේ Mission Impossible – Dead Reckoning Part One.

2022දී හොලිවුඩයේ සාර්ථකම තරුව වුණ Tom Cruise, “Top Gun: Maverick” සිනමාපටයෙන් ලෝකය වසඟයට අරන් ඇමරිකානු ඩොලර් බිලියන $1.4ක ආදායමක් හොයාගන්නවා. ඉන් අවුරුද්දකට පස්සේ Tom Cruise සුපුරුදු ජවසම්පන්න රංගනයත් එක්ක ජනප්‍රිය “Mission Impossible” චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය “Dead Reckoning: Part One” එක්ක ආයෙත් කරළියට එනවා.

අපි Mission Impossible මාලාවේ ඉතිහාසය ගැන මුලින්ම ටිකක් බලමු.

1966දී Bruce Gellerගේ රචනයෙන් නිර්මාණය වුණ Mission Impossible, එපිසෝඩ් 171කින් සමන්විත කතාමාලාව CBS නාළිකාව හරහා විකාශය වුණා අතර පසු කාලයක Mission Impossible vs. the Mob නමින් චිත්‍රපටියක්ද නිකුත්වුණා.Tom Cruiseගේ Mission Impossible මාලාව ආරම්භ වුණේ 1996දී ඒ Ethan Hunt ප්‍රධාන චරිතයෙන්. ඒවා නම් වශයෙන් බැලුවොත්,

1. Mission: Impossible (1996)
2. Mission: Impossible 2 (2000)
3. Mission: Impossible III (2006)
4. Mission: Impossible – Ghost Protocol (2011)
5. Mission: Impossible – Rogue Nation (2015)
6. Mission: Impossible – Fallout (2018)
7. Mission: Impossible – Dead Reckoning Part One (2023)

එතකොට මේ අද ආව Mission: Impossible – Dead Reckoning චිත්‍රපටිය කොටස් දෙකකට තමා නිකුත්වෙන්නේ. දෙවනි කොටස 2024දී නිකුත්වෙන්න දැනට නියමිතවෙලා තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018) කියන චිත්‍රපටි 2ත් අධ්‍යක්ෂණය කරපු Christopher McQuarrie. Tom Cruise හා McQuarrie එකතුවෙන් නිෂ්පාදනය වුණ චිත්‍රපටිය බෙදාහැරීම් කරන්නේ Paramount Pictures හරහා.

Tom Cruiseට අමතරව Hayley Atwell (ග්‍රේස්), Ving Rhames (ලූතර්), Simon Pegg (බෙන්ජි), Rebecca Ferguson (ඉල්සා), Esai Morales (ගේබ්‍රියල්) සහ තවත් නලු නිළියන් රැසක් මෙහි රංඟනයෙන් දායාකත්වය සපයනවා.

Dead Reckoning: Part One තුළින් Tom Cruise තමන්ගේ ජවසම්පන්න රංගනය අපිට පෙන්නන්නේ ඇස් අදහාගන්න බැරි දර්ශනත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා ඇති චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා බයික් එකත් එක්කම කන්දකින් පහළට පනින එකක්. ඒක ඉතින් අපේ Tom Cruiseම කරපු කතාවත් දන්නවා ඇති සමහරු. ඉතින් ඒකම මදිදි Tom Cruiseගේ ගැම්ම පෙන්වන්න. මොකද Tom Cruise කියන්නේ දැන් තරුණයෙක් නෙවෙයි. වයස අවුරුදු 61ක පුද්ගලයෙක්. ඒවගේම McQuarrie නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ලස්සන රුප මවන්නට සමත්වෙලා තියෙනවා. CIG උපයෝගී කරගෙන තියෙන්නෙත් හුඟක් අඩුවෙන්. කොහොමහරි අවසානෙක කියන්න තියෙන්නේ මඟෑරගන්නේ නැතුව අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ.

ෆිල්ම් එක ගැන කතා කරොත්, ස්පොයිල් වෙන නිසා මං ස්ටෝරිය නොකියා ඉන්නම්. ඔයාලම අරගෙන ත්‍රාසජනක අත්දැකීමක් ගන්න.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cineru)
IMDb 7.9 /10 146,215 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Cruise isEthan Hunt
Ethan Hunt
Ving Rhames isLuther Stickell
Luther Stickell
Simon Pegg isBenji Dunn
Benji Dunn
Vanessa Kirby isThe White Widow
The White Widow
Henry Czerny isKittridge
Kittridge

Similar titles

Tenacious D in the Pick of Destiny (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Silence (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Room 203 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Flintstone Christmas (1977) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published