CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2131 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 03, 2023United States131 Min.
Your rating: 0
9.8 4 votes
Sound of Freedom (2023) | නිදහසේ හඬ…

“මෙය සත්‍යය කතාවක්ද මත පදනම් වී ඇත” එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් “Based on a True Story” කියල ෆිල්ම් එකක් පටන් ගන්නකොටම වැටෙනව කියන්නේ ආයේ ඉතිං ඒ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැති බව ඔයාල දන්නවනේ? මේ අරගෙන ආවේ නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙමෙයි “අදහාගත නොහැකි සත්‍යය කතාවක්” මත පදනම් වූ ෆිල්ම් එකක්.

මේක හරිම මානුෂීය සිනමාපටයක්. අනේමන්දා, හරියට බැලුවොත් මානුෂීයමද කියලත් හිතෙනවා. ඔයාල දන්නවද ලෝකේ වයල් සේවය නිත්‍යානුකුල වෙලා තිබුණු කාලෙටත් වැඩියෙන් වහල් සේවය තියෙන්නේ වර්තමානයේ බව? ඒ වහල් ශ්‍රමිකයින්ගෙන් මිලියන ගණනාවක් ඉන්නේ ළමුන් විධියට සලකන අය බව ඔයාල දන්නවද? මේ අන්න ඒ මාතෘකාවේ ජුගුප්සාජනකම පැතිකඩක් හෙළිදරව් කරන කතාවක්.

මේ සිනමාපටය වෙනුවෙන් මේ ලිපිය ලියන මොහොත වෙනකොට ජන්ද පනස් හයදහසක් ප්‍රකාශ වෙලා තියෙනව. ඒ 7.8ක් වගේ ඉහළතම අගයකට imdb මීටරය කරකවමින්. විචාරකයින් විසින් ලබාදෙන TOMATOMETER එකේ 60%ක අගයක් ලැබුනත් ෆිල්ම් එක බලපු ප්‍රේක්ෂකයින් ලබාදෙන AUDIENCE SCORE අගය 99%කට රඳවාගෙන සුපිරිම තැනක ඉන්න මේ ෆිල්ම් එක සමත් වෙනවා. මේ ඕඩියන්ස් ස්කෝර් එක සාධාරණ අගයක් කියන්න තියෙන සාක්ෂිය තමයි මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරලා දවස් දෙකක් ඇතුලත මෙහි වියදමටත් වඩා ආදායමක් ලැබීම. ඉතිං මේ සුපිරි සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක වෙන්නේ Jim Caviezel විසින්. ඔහු ප්‍රකාශ කරලා තියෙනවා The Passion of the Christ 2004 සිනමාපටයේ ජේසුගේ චරිතය රඟපෑවට පස්සේ තමන් රඟපාන වැදගත්ම චරිතය වෙන්නේ මේ චරිතය කියල. ඇත්තටම මේ සිනමාපටය වැඩ අවසන් කෙරෙන්නේ 2018. හැබැයි ඩිස්නිලා ෆොක්ස් ආයතනය මිලට ගැනීමත් එක්ක මේ සිනමාපටයේ ගිවිසුම් ගැන අවුලක් ඇවිල්ලා බෙදාහරින්නෙකු නොමැති කමින් ප්‍රදර්ශනය කිරීම කල් යනවා. ඒ නිසා මේක කලඑළි බහින්නේ 2023 වසරේදී. මේ සිනමාපටය ඩොලර් මිලියන 14ක වියදමකින් ඩොලර් මිලියන 200+ ආදායමක් ලබාගනිමින් 2023 වසරේ ආදායම අතින් සාර්ථකම සිනමාපටයක් බවට පත්වෙලා තියෙනව මේ වෙනකොට.

ඉතිං මොකක් ගැනද මේ කතාව එතකොට? Tim Ballard කියන්නේ ඇමරිකානු Homeland Security Investigations (HSI) නියෝජිතයෙක්. එයා තීරණය කරනවා රැකියාවෙන් ඉවත් වෙන්න. ඉවත් වෙලා එයා Vigilante කෙනෙක් වෙන්න තීරණය කරනවා. vigilante කෙනෙක් කියන්නේ රැකවලෙක් කියන අදහස එන වචනයක්. ඒ වචනයට හරියටම ගැලපෙන සිංහල වචනයක් නිර්මාණය වෙලා නැහැ. උදාහරණයකට කිව්වොත් බැට්මෑන්, ඇරෝ වගේ කෙනෙක් Vigilante කෙනෙක්.

Tim Ballard ගන්න ඒ තීරණය නිසා ලිංගික ශ්‍රමිකයින් වෙන්න හිටිය කුඩා දරුවන්, විවිධ වූ අපයෝජනයන්ට ලක් වෙන්න ඉඩ තිබුණු ළමුන් 3800+ මේ වෙනකොට බේරිලා තියෙනව. ඒ කොහොමද? මේ ලෝකේ මොන තරම් අධම තැනක්ද? එහෙව් අධම ලෝකයක ටිම් වගේ මිනිස්සු නිසා සුන්දර වෙන හැටි බලන්න පුළුවන් ඔයාලට.

Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.8 /10 71,280 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jim Caviezel isTim Ballard
Tim Ballard
Mira Sorvino isKatherine Ballard
Katherine Ballard
Bill Camp isVampiro
Vampiro
Gerardo Taracena isEl Alacrán
El Alacrán
Kurt Fuller isJohn Bryant
John Bryant
Gary Basaraba isEarl Buchanan
Earl Buchanan

Similar titles

Careful What You Wish For (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midway (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Election Year (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reunion Escape from the Monstrous Snake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudikkum Karangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published