CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3538 Views

  • Player 01 [ With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 28, 2023India158 Min.
Your rating: 0
8.1 24 votes
Chandramukhi 2 (2023) | චන්ද්‍රමුකිගේ ශාප ලබා මරණය පතමින්…

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

චන්ද්‍රමුකි චිත්‍රපටියෙන් පටන් ගත්ත Horror-Com ට්‍රෙන්ඩින් එකේ වඩාත් සාර්ථක වුණ අධ්‍යක්ෂකවරයෙක් තමයි රාඝවා ලෝරන්ස් කියන්නෙ. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකේ නිර්මාතෘවරයා සහ රාඝවා නැවත වරක් එක් වෙද්දි ලොකුවට දෙයක් බලාපොරොත්තු වුණා. මීට කලින් මේ දෙදෙනා එක්ව Shivalinga (2017) චිත්‍රපටය තැනුවා. මදිවට වඩිවේළුත් මේ චිත්‍රපටයේ රඟපෑවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ වුණේ චන්ද්‍රමුකි දෙවන කොටස විදියට හඳුන්වමින්. මේ ශිවලිංගා චිත්‍රපටිය වාසු විසින්ම අධ්‍යක්ෂණය කල ශිවරාජ්කුමාර් රඟපෑ Shivalinga (2016) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ කන්නඩ ශිවලිංගා චිත්‍රපටය ආදායම් වශයෙන් සාර්ථක වුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් මුලින්ම රජිණිටත්, ඊලඟට අජිත්ටත් ඇරයුම් කලත් දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. රාඝවාගේ ශිවලිංගා චිත්‍රපටයත් ආදායම් වශයෙන් සාර්ථක වුණා.

කලින් කිව්වා වගේම චන්ද්‍රමුකි චිත්‍රපටිය කොලිවුඩ් සිනමාවේ ඉහළින්ම බැබලෙන නිර්මාණයන්ගෙන් එකක්. ඒ වගේ චිත්‍රපටියක දෙවෙනි කොටසක් නිර්මාණය කරද්දි අධ්‍යක්ෂකවරයා බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ වෙද්දි චන්ද්‍රමුකි බහුතරයකගේ චිත්තවේගික හැඟීමක්. ගොඩක් අය බය වුණා වාසු නාගවල්ලි/ අප්ත රක්ෂකා කතාවම ආයේ චන්ද්‍රමුකි 2 විදියට රීමේක් කරාවි කියලා. චන්ද්‍රමුකි 2ට නාගවල්ලි හෝ අප්ත රක්ෂකා චිත්‍රපටි රීමේක් කිරීමක් කරලා නැහැ. පලමු චිත්‍රපටයම තමයි ආයෙත් රීමේක් කරලා තියෙන්නෙ. වෙනසකට Kaashmora (2016) චිත්‍රපටියේ කතාවත් එක්ක නාගවල්ලි/අප්ත රක්ෂකා කතාව මේක අස්සට ඔබලා තියෙනවා. ඔව්, මේ සෙංකෝට්ටෛයන්ගේ කතාව කාෂ්මොරා චිත්‍රපටියේ එන රාජ් නායක්ගේ කතාව. අහම්බයක් වෙන්න පුළුවන් වුනත් කතාව සමානයි. වාසු සාකච්ඡාවකදී කිව්වා රාඝවා මේ චිත්‍රපටියේ රජිණි ආවේෂ වුණ විදියටම රඟපානවා කියලා. කොහොමත් රාඝවා රඟපාද්දි රජිණිව ගොඩක් අනුකරණය කරනවා දකින්න පුළුවන්. ඒත් මේ චිත්‍රපටියේ ආරම්භක ජවනිකාවෙන්ම බලාගන්න පුළුවන්, රාඝවාට ආවේශ වුණේ රජිණිව නම් නෙවෙයි තෙළිඟු සිනමාවේ අපේ බාලයියාව. පරිඝණක ග්‍රැෆික් නිර්මාණ යූටියුබ් චැනල් මට්ටමට තිබුණ එක පුදුමයෙන් පුදුමයක්. හොල්මන් හොල්මන් අතරෙ රණ්ඩුවක්. ඒක රටම විනෝදයෙන් බලනවා.”(Peikum Peikum Sanda. Athu Oore Vedikka Pakuthe.) මේ Kanchana 2(2015) චිත්‍රපටියේ හුඟක් ජනප්‍රිය දෙබසක්. පේයි විතරක් නෙවෙයි නායි එක්කත් මේ චන්ද්‍රමුකි 2දි රණ්ඩු කරනවා විනෝදයෙන් බලාගෙන ඉන්න පුළුවන්. කලා අධ්‍යක්ෂණය දිහා බලද්දි අවුරුදු දෙසිය ගණනකටත් කලින් රාජ මාළිගාවේ නවීන පන්නයේ විදුලි බුබුළු, කොන්ක්‍රීට් මල් පෝච්චි, ජනේල් දොරවල් දැක්කම ඇත්තටම මේක කාලය හරහා ගමන් කරපු කතාවක්ද කියලා සැකයක් හිතෙනවා. ඇත්තටම චන්ද්‍රමුකි 2 තිරකතාවම දෝෂ පිරුණු එකක්. තවත් දෝෂ, අතාත්ත්වික, තර්කයානුකූල නොවන අවස්ථා බොහෝමයක් තිබුණත් Spoil වෙන නිසා කියන්න යන්නෙ නැහැ. මේ චිත්‍රපටියට කලින් චිත්‍රපටයෙදි වගේ මනෝවිද්‍යාව සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒ නිසා චන්ද්‍රමුකි කියන හොල්මන පාන්ඩියන්ව වේට්ටෛයන් කියලා හිතන්නෙ මොකටද කියන එක ලොකූ ගැටළුවක්. චන්ද්‍රමුකිට විභේදන තදාත්ම ආබාධය/බහු පෞරුෂත්ව ආබාධය වැළඳිලා ද? එක වතාවක්, දෙවතාවක් නම් කමක් නැහැ, මේ චන්ද්‍රමුකිව අවුරුදු ගණනාවක අත්දැකීම් තිබුණත් ලස්සනට ගොනාට අන්දන්න පුළුවන්. චන්ද්‍රමුකි ආයෙත් ඒවි, ආයෙත් රැවටිලා යන්න යාවි. පලමු කොටසේ ගොඩක් ජනප්‍රිය හාස්‍යජනක කොටසක වඩිවේළු “ගෝපාල්, ගෝපාල්” කියන් කෑ ගහනවා. ඒ ගෝපාල්ව මේ චිත්‍රපටියෙදි හඳුන්වා දුන්නා. කොහොම වුණත් දැන් ගෝපාල් අපතේ ගිය චරිතයක්. ගෝපාල් විතරක් නෙවෙයි තවත් අපතේ දැම්ම චරිත ගණනාවක්ම ඉන්නවා. Varisu (2023) චිත්‍රපටිය බලපු අයට මතක ඇති ගෙදර දොරකඩ ලඟ හැංගිලා ඉන්න පවුලේ දොස්තර මහත්තයා(ප්‍රභූ). ඒ දොස්තර මහත්තයා වගේම රංගනායගීගේ පවුලේ ගුරුජිත් හරියටම ගෙදර ඇතුලෙ කෑ ගහන සද්දයක් ඇහෙද්දිම ඇතුලට ඇවිත් මොකද කියලා හොයලා බලන්න එක පිම්මෙන්ම එනවා. හරි ඔස්කාර් දිනපු කීරවානිගේ සංගීතය ගැන කිව්වොත්, පලමු චිත්‍රපටයට සංගීතයෙන් ලැබුණු රුකුල ගැන උඩින් සඳහන් කරා මතක ඇති. පලමු චිත්‍රපටියේ තිබුණු විදියටම අභිප්‍රේරණය කරවන ආකාරයේ ගීතයක්, පවුලේ සැමරුම් ගීතයක්, යුග ගීතයක් වගේම “රා රා” ගීතයේ සතුටින්, ශෝක‍යෙන්, කෝපයෙන් යන තුන් ආකාරයෙන් ගයන ගීත ඇතුලත්. කොහොම වුණත් නිකුත්වන්නට කලින් හෝ පස්සෙදි පවා මේ එක ගීතයක් ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇඳ බැඳ ගන්න සමත් වෙන්නෙ නැහැ. ඒ ගැන අහද්දි වාසු කිසිම සම්බන්ධයක් නැතුව කියන්නේ “විද්‍යාසාගර්ව එපා කියන්නෙ නැහැ, කීරවානිව ඕනේ කියනවා” කියලයි. දැවැන්ත අසාර්ථක වීමක් විදියට පලමු චිත්‍රපටියෙන් ඉපයූ ආදායම පවා පහුකර යන්නට මේ දෙවනි කොටසට බැරි වුණා. රාඝවාටම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බාර දුන්නා නම් මොන ගැටයක් හරි දාලා ගොඩදාලා ඇති කියලා හිතන්න පුළුවන්. මොකද Muni/ Kanchana සීරීස් එක කොලිවුඩයේ සාර්ථකම වගේම දීර්ඝතම චිත්‍රපට මාලාව ද වෙනවා.

චන්ද්‍රමුකි 2 පසුගිය සැප්තැම්බර් 27 දා නිකුත් වුණ මේ චිත්‍රපටියේ, චන්ද්‍රමුකිගේ චරිතය දේශීය සම්මාන 4ක් හිමි කංගනා රනවුත් රඟ දක්වන නිසා විශාල වශයෙන් බලාපොරොත්තු ඇති වුණා. ඒ නිසාම දකුණු ඉන්දියාවේ විතරක් නෙවෙයි, හින්දි ප්‍රේක්ෂකයින්ගේත් ආකර්ෂණය මීට ලැබුණා. කංගනා රසිකයෝ චිත්‍රපටිය නිකුත්වෙලා දවස් තුනක් විතර යනකල් චන්ද්‍රමුකි ගැන කතා කර කර ඉඳලා, Tejas (2023) ටීසරේ ආවත් එක්කම ඒ පස්සෙන් යන්න ගියා. දැන් ඊයේ පෙරේදා චිත්‍රපටියක් ආවද කියලා වත් මතකයක් නැහැ. අවසානයේ මේ චිත්‍රපටයට සෘණාත්මක ප්‍රතිචාර විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණා. මීට ලැබුණු Imdb අගය කිරීම 3.2/10ක්. කංගනාගේ රංගනය වෙනුවෙන් බොහෝ ප්‍රශංසා හිමි වුණා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

    Chandramukhi Complete Collection
  1. Chandramukhi (2005)
  2. Chandramukhi 2 (2023)
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 3 /10 1,886 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

P. Vasu
Director

Cast

Kangana Ranaut isChandramukhi
Chandramukhi
Raghava Lawrence isPandiyan / Sengottayan
Pandiyan / Sengottayan
Vadivelu isMurugesan
Murugesan
Ravi Mariya isRanganayagi's elder brother's son
Ranganayagi's elder brother's son
Subiksha isGayathri
Gayathri

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Feeds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Evil Dead Rise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The A-Team (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darbar (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published