CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1844 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 05, 2023India126 Min.
Your rating: 0
7.3 3 votes
Afwaah (2023) | කටකතාව

තවත් ලස්සන හිංදි සිනමා පටයක උපසිරැසියක් අද ගෙන එනවා.මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා රසිකයින් බොහෝ විට විවිධාකාරයෙන් බෙදී ගිය පිරිසක්. ජාතිය, ආගම ,කුලය හා දේශපාලන සාධක මත තම සිනමා රුචිකත්වය තෝරා ගන්නා නිසා ඉතා සිනමාත්මක නිර්මාණයන් පවා රේටිංස් වලදි අඩු වීමක් දක්වනවා.ඒත් මේ සිනමා පටය නම් කළාත්මක සිනමාව ප්‍රිය කරන රසිකයෙකුට බලන්නම ඕනැ එකක්.

දේශපාලනය හා කටකථා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයක්. කටකතා සහ වැරදි තොරතුරු පැතිරවීම සඳහා හොඳම උත්ප්‍රේරකයක් තමයි සමාජ මාධ්‍ය (Social media) ඒ මගින් සමාජයට ඇති කල හැකි බලපෑම සුළුපටු නෑ. එකම ආරංචිය වුවත් එකිනෙකට වෙනත් අර්ථකථනයන් සමගක් සමාජ ගතකිරීම ඉතා පහසු කාර්‍යයක්. එක් අසත්‍ය තොරතුරක් පාලනයෙන් මිදී වේගයෙන් මිනිසුන්ගේ ජීවිත තුලට රිංගන ආකාරය සහ ඒ තුලින් සමාජය තුළ අසමගිය වපුරන ආකාරය පිළිබඳ පණිවිඩයක් දෙමින් මිස්ට්‍රි ත්‍රිලර් එකක් ලස්සනට මෙහි ඉදිරිපත් වෙනවා

කතාවට බැස්සොත් නිවි කියන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගෙ එකම දියණිය. ඇය පළාතේ නැගී එන බලවත් තරුණ දේශපාලකයෙකු වන වික්‍රම් සමග විවාහ ගිවිස ගෙන සිටින්නේ.අසනීපයෙන් සිටින ඇගේ පියාගේ බලතලත් පරිහරනය කරමින් වික්‍රම් ගෙන යන ක්‍රියා මාර්ග නිවීගේ සතුටට හේතු වන්නෙ නෑ.ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා ඇති වන ආගම්වාදී කෝළාහලයක් අතරතුර වික්‍රම්ගෙන් ඈත් වී පළා යාමට නිවි තීරණය කරනවා.

ඇමරිකාවේ සිට ආපසු පැමිණි රහාබ් ටෙලිකොම් සමාගමක හිමි කරුවෙක් වගේම අභිප්‍රේරණ දේශකයෙක්.පැන යන නිවී වික්‍රම්ගේ ආධාර කරුවන්ගෙන් මිදීමට ගන්නා උත්සාහයට ඔහු මැදි වන්නේ අහම්බෙන්. ඔහුගේ දේශන වලදී තමන් ගැනම අතිශයෝක්තියෙන් පවසන ලද වීරත්වයන් සැබෑ ලෙස ක්‍රියාවට නැංවීමට ඔහුට සිදු වෙනවා. අනපේක්ෂිත ලෙස ඔහුටත් සිදු වන්නේ නිවී සමගම ජාති වාදී කෝළහාල මැද ජීවිතය බේරා ගැනීමට පැන යාමටයි.වික්‍රම්ගේ සගයින් තම පෙම්වතිය හා ඇයට සහය වූ මුස්ලිම් තරුණයා හා සම්බන්ධව කට කතාවක් සමාජ මාධ්‍ය තුලින් නිර්මාණය කරනවා. එය සමාජය තුල වේගයෙන් පැතිරෙනවා.මේ සියල්ල සිදු වන්නේ එකම රැයක. රැය පහන් වන විට මොවුන්ගේ ය දිවි ගලවා ගැනීමට දරන උත්සාහයට කුමක් වේද?

පරම්පරා දෙකක් සිය ස්වාමියා වෙනුවෙන් කල දර දිය ඇද අවසානයේ ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දන්ගෙඩියට බිලිවීමට නියමිත මැරයෙක් සහ ඔහු මරා දැමීමට පන්නන සිය අනාගත ලාභාපේක්ෂා උදෙසා දේශපාලකයින්ට කඩේ යන පොලිස් නිලධාරියෙක්ඇ තුළු විවිධ අතුරු චරිත රැසක් මෙහි දැක ගන්න පුළුවන්. ජරා ජීර්ණ අවස්ථාවාදී මිනීමරු දේශපාලනය මිනිස් ජීවිත වලට කරන බලපෑම මෙම සිනමා පටයේ ඉතා අපූරුවට පෙන්වා දෙනවා.වැඩි වෙනසක් නෑ අපට මේක ගොඩක් සමීප බව දැනෙයි.

මෙහි ප්‍රධාන චරිත ද්විත්වය හින්දි සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පීන් දෙපළක් වන Nawazuddin Siddiqui, සහ Bhumi Pednekar රඟපාන අතර Sumit Vyaas,Sumit Kaul,Shareeb Hasmi ,T. J.Bhanu ආදීන් රංගනයෙන් දායක වෙනවා.අධ්‍යක්ෂනය Sudhir Mishra.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.6 /10 3,295 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Bhumi Pednekar isNivedita Singh aka Nivi
Nivedita Singh aka Nivi
Sumeet Vyas isVicky Banna
Vicky Banna
Sharib Hashmi isChandan Singh
Chandan Singh
Sumit Kaul isSandeep Tomar
Sandeep Tomar
TJ Bhanu isRiya Rathod
Riya Rathod

Similar titles

Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viswasam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Marsh King’s Daughter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akshara (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outfit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Dog (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Heist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published