EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anna Brabbins, Kenneth Branagh, Martin Curry
Cast
Go Full Cast PageA Haunting in Venice (2023) | හැලෝවීන් සාදයේ ඝාතන අභිරහස
ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ. ඔයාලා එයා ගැන දැනගන්න කැමතිනම් Death on the Nile (2022) උපසිරසිය එක්ක මම පොයිරෝ ගැන සංක්ෂිප්ත ලිපියක් දීලා තියෙනවා කැමති අයට බලන්න පුළුවන්.
ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.
ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.











