CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2344 Views

  • Player 01 [With Ads]
  • Player 03 [NoAds]
  • Player 03 [With Ads]
The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2010Germany105 Min.
Your rating: 0
8.7 3 votes
The Albanian aka Der Albaner (2010) | ඇල්බේනියානුවා

කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 71% අගයක් තියෙනවා .ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂක Johannes Naberවිසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. Nik Xhelilaj, Amos Zaharia, Xhejlane Terbunja, Ivan Shvedoff වගේ අය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තියන සාර්ථකත්වය නිසාම සම්මාන කිහිපයකට නිර්දේශ වෙන්න වගේම ජයග්‍රහණය කරන්නත් හැකිවෙලා තියනවා. ඒ තමයි,
Antalya Golden Orange Film Festival – හොඳම නලුවා සම්මානය.
Moscow International Film Festival – හොඳම නලුවා සම්මානය, ජූරියේ විශේෂ සම්මානය.
Max Ophüls Festival – හොඳම චිත්‍රපටය සම්මානය.
Nuremberg Film Festival “Turkey-Germany” – හොඳම නලුවා සම්මානය, හොඳම චිත්‍රපටය සම්මානය.

මුලින්ම ඇල්බේනියාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඇල්බේනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ තියන සුන්දර රටක්. නමුත් දූෂිත දේශපාලනය සහ උග්‍ර ආගමික අන්තවාදි කල්ලි, මැර කල්ලි,මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා යුරෝපයේ තියන දුප්පත්ම රටක් බවට පත්වෙලා තියනවා. ඇල්බේනියා ජනතාවගෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකක් වගේ පොඩි මුදලක්. රටේ විරැකියා අනුපාතය ඉතාම ඉහලයි. මේ නිසා රටේ තරුණ තරුණියන් බහුතරයක් ජර්මනිය,ඉතාලිය,ප්‍රංශය වගේ රටවලට රැකියා සොයාගෙන සංක්‍රමනය වෙනවා.වර්තමානයේ අපේ රටට ගොඩක් සමානයි.

කතාව පැත්තට ගියොත්, ආර්බෙන් ශෙහු කියන ඇල්බේනියන් තරුණයා ආර්ථික ප්‍රශ්න නිසා පවුලේ අය එක්ක ග්‍රීසියට ගිහින් සුළුු වැටුපක් වෙනුවෙන් සේවය කරනවා. ආර්බෙන් තමන්ගේ ගමේ ඉන්න එට්ලේවා පෙට්‍රිටි කියන තරුණියට කාලයක ඉදන් ආදරය කරනවා.ඇල්බේනියාවේ සම්ප්‍රදාය අනුව පවුලේ තීරණ ගන්නේ වැඩිමහලු පිරිමි අය. එට්ලෙවාගේ තාත්තගේ තීරණය තමයි ආර්බෙන් එට්ලෙවා විවාහ කරගන්නවා නම් යූරෝ 10000ක් දෙන්න ඕන .ඇල්බේනියානු සම්ප්‍රදාය අනුව විවාහයකදි මනාලයා විසින් මනාලියගේ පවුලට දෑවැද්ද ලබා දෙන්න ඕන. මාසෙකට යුරෝ 500ක වත් ආදායමක් නැති ආර්බෙන්ට මේක ලොකු මුදලක්.

මේ මුදල හොයාගන්න ජර්මනියේ රැකියාවකට නිත්‍යානුකූල නොවෙන විදියට යන්න ආර්බෙන් තීරණය කරනවා. මේ අතරේ එට්ලෙවා ගැබ් ගන්න නිසා ආර්බෙන්ට සිද්ධ වෙනවා කොහොමහරි මාස කිහිපයක් ඇතුලත යූරෝ 10000 හොයාගන්න.ජර්මනියට යන්න කලින් ආර්බෙන් එට්ලෙවාට පොරොන්දුවෙනවා දරුවා ලැබෙන්න කලින් සල්ලි හොයාගෙන ආයෙත් ඇල්බේනියාවට එනවා කියලා. ස්ථීර රැකියාවක් නැති ජර්මානු භාෂාව අකුරක් වත් බැරි නීත්‍යානුකූල වීසා බලපත්‍ර නැති ආර්බෙන්ට පුලුවන් වෙයිද යුරෝ 10000ක් හොයාගන්න. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තිලින සඳරුවන් (Baiscopelk)
IMDb 7.1 /10 705 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Member Rameshan 9am Ward (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BomBhaat (2020) With Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Trial of the Chicago 7 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Ka Rishta (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vada Chennai (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published