EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

No Bears (2022) | වලසුන් නැත

ඉරාන සිනමාව කියන්නෙ අමුතුම රහක් තියෙන සිනමාවක්.තමන්ටම ආවේණික වුන අනන්‍යතාවයක් ගොඩ නගා ගත් ඉරාන සිනමා කරුවෝ ලෝකයේ කිසිදු සිනමාවකින් දැකිය නොහැකි අමුතුම නිර්මාණ රැසක් ඉරානයෙන් බිහි කර තිබෙනවා. ඒ නිසා ලෝක සිනමාවේ වෙනම විශේෂ තැනක් ඉරානයට තියෙනවා. Abbas Kiarostami, Mohsen Makhmalbaf, Bahman Ghobadi, Asghar Farhadi, Majid Majidi, Jafar Panahi ආදී ඉරාන සිනමා කරුවන්ගේ නිර් මාණ ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා.ඉරානය මූලධර්මවාදී ආගමික අධිකාරියකින් පාලනය වන රටක්.එහි සිනමා කරුවන්ට වෙනත් රට වල වගේ අත දිග හැර නිර්මාණය කරන්න හැකියාවක් නෑ. ඒ ඔවුන්ව දැඩි නීති රාමුවක් ඇතුලේ කොටු කර ඇති නිසා. ඒත් ඔවුන්ගේ නිර්මාණශීලිත්වයට එය කිසිදු බාධාවක් කර ගෙන නෑ. ඒ රාමුව ඇතුලේ ඔවුන් පාන දස්කම් හරි අපූරුයි, ඒ අතරින් Jafaar Panahi රාමුව තුල කොටු නොවී සූක්ෂම ලෙස එයින් පිටතට පැමිණ පාලන අධිකාරියට අභියෝග කරන සිනමා කරුවෙක්.මේ නිසාම ඔහු රජය සමග විවිධ ගැටීම් ඇති කර ගන්නවා.2010 වසරේ ඔහු අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව සය වසක සිර දඬුවමකට හා නැවත සිනමා නිර්මාණ කිරීමේ තහනමක් සමග රටින් පිටවීමේ තහනමකටත් යටත් කරනවා.එම සිර දඬුවම පසුව වසරකට ලිහිල් කරනවා. තහනමක් පැනවීමෙන් පසු වුවද ඔහු චිත්‍රපට නිර්මාණකරණයේ යෙදෙනවා. This Is Not a Film (2011), Closed Curtain(2013), Taxi (2015) සහ 3 Faces(2018) ඔහුගේ තහනම් යුගයේ නිර්මාණයි.මේ සියළු චිත්‍රපට කෑන්ස්, බ‍ර් ලින් වැනි සිනමා උළෙල වල සම්මාන වලට පාත්‍ර උනා.

No Bears (2022) AKA Khers Nist Sinhala Subtitles
No Bears ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. ඉහත නි‍ර්මාණ මෙන්ම මෙයද ඉතා රහසි ගතව නිර්මාණය කරන ලද්දක්.මෙහි ප්‍රධාන චරිතය අධ්‍යක්ෂක පනාහි විසින්ම රඟ පානවා ඔහු ලෙසම.ඔහු ඉතා රහසිගතව තුර්කි ඉරාන දේශ සීමාව අසල නගරයක චිත්‍ර පටයක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහය මෙම චිත්‍රපටයට පාදක වෙනවා.රටින් පිට වීමට බැරි නිසා ඔහු ජබාන් නැමැත් තූර්කි දේශ සීමාවේ පිහිටි දුෂ්කර ගමක ස්ථාන ගතවී දුරස්ථ ලෙස ඔහුගේ කණ්ඩායම යොදා ගනිමින් එය අධ්‍යක්ෂනය කරනවා. ඒ නිසා අන්තර්ජාලය මගින් සජීවීව සම්බන්ධ වී ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂනය කලත් ඉතා දුර්වල සංඥා හේතුවෙන් ඊට නිතරම බාධා පැමිනෙනවා.ඔහුගේ එම චිත්‍රපටයේ සාරා සහ බක්තියාර් නැමැති ඉරාන යුවලක් නීති විරෝධීව ප්‍රංශය කරා සංක්‍රමනය වීමට දරන උත්සාහය ප්‍රතිනිර්මාණය කිරීමක්.තම ජීවිතයේ සත්‍ය සිදු වීම සමගාමීව ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය වද්දී සාරාට පමණක් විදේශ ගත වීමට අවස්ථාවක් හිමි වෙනවා. එහෙත් ඇය තනිව විදේශ ගත වීමට සූදානම් නෑ.මේ පිළිබඳව ගැටළුවක් ඇති වෙද්දී මෙතෙක් චිත්‍රපට ගත වෙමින් පැවති ඔවුන්ගේ ජීවිත කතාවෙන් පිටතට යතාර්ථය ඇදී යනවා.සාරාට එය ඉවසුම් නොදෙන්නක්.

No Bears (2022) AKA Khers Nist Sinhala Subtitles
නූගත් අහිංසක මිනිසුන් වෙසෙන කුඩා දුෂ්කර ගමක කුලියට ගත් කාමරයක සිටිමින් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන පනාහි එහිදී තවත් යුවලකගේ පෙම් පලහිලව්වකට මැදි වෙනවා.අන්ධ විශ්වාසයන් මුල් බැසගත් එම ගමේ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් මෙම යුවලගේ එක් වීමට බාධාවක්. ඒත් ඒ සඳහා මැදිහත් වීමට ඔහුට හැකියාවක් නෑ.එක්වර සමගාමීව දියුණු නගරයේත් නොදියුණු ගම්මානයෙත් ඇති වන සම්බන්ධතා ද්විත්වය කෙසේ කෙළවර දකියිද?

Comments