EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Banshees of Inisherin (2022) | ඉනිෂෙරින්හි අවතාර
IMDB 7.7.ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය tragicomedy ඝණයට වැටෙන්නක්
වර්ෂ 1923 අයර්ලන්තයේ කුඩා (කල්පිත) දූපතක් ඉනිෂෙරින්. ඒ අයර්ලන්ත සිවිල් යුද්ධයේ අවසන් වෙඩි හඬ නිකුත් වක කාල සමයයි. ඉතා අඩු පහසුකම් යටතේ ඒකාකාරී දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන් අතර සිටින අඹ යහළුවන් දෙදෙනෙක්.
හිටි ගමන් එක මිතුරෙක් අනෙකා සමග ඇති මිත්‍රත්වය අත අරිනවා. සිය ඒකාකාරී බවෙන් මිදී ඉතිරි ජීවිත කාලය යම් අරමුණකින් යුතුව ගෙවීමට ඇති අවශ්‍යතාවය වන අතර මිතුරා එයට බාධාවක් ලෙසයි ඔහු දකින්නේ.නමුත් මේ තනි කම අනෙකාට දරා ගත නොහැකියි.සිඅය සම්බන්ධතාව නැවත ඇති කර ගැනීමට දරණ විවිධ උත්සාහයන් හා අනෙකා ඉන් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග අවසානයේ දෙදෙනා අතර දැඩි ආරාවුලකට මග පාදනවා.
දූපතේ ජීවත් වන අද්භූත මහළු ගැහැණිය ‘මරණය, දූපත කරා පැමිණීමක් ගැන අනතුරු අඟවනවා.( අයිරිෂ් මිත්‍යා විශ්වාස අනුව මෙවැන්නන් අවතාර හෝ මායාකාරියන් හෙවත් බන්ෂී ලෙස හඳුන්වනවා) ඇයගේ අනාවැකිය අනුව මරණය දූපත් කරා පැමිණෙයිද?
Martin McDonagh අධ්‍යක්ෂනය කල මේ සිනමා පටයේ Colin Farrell, Brendan Gleeson, Barry Keoghan වැනි ලෝක පූජිත නළුවන් කිහිප දෙනෙකුගේ අතිවිශිෂ්ඨ රංගනය නම අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුත්තක්. ඔවුන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතුද නැහැ.











