CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3275 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2023United States134 Min.
Your rating: 0
9 34 votes
The Creator (2023) | නිර්මාටා සොයා…

ඉතින් මේ අරගෙන එන්නේ නියම විද්‍යා ප්‍රබන්ධයක්. Artificial Intelligence එහෙම නැත්නම් කෘතිම බුද්ධිය කියන දේ ගැන මේ වෙද්දි පොඩි ළමයි පවා දන්නව. අපි අතේ තියෙන ස්මාට් ෆෝන් එකේ තියෙන Siri, Google Assistant කියන්නේ ඒ වගේ දියුණු කරමින් පවතින කෘතිම බුද්ධීන් දෙකක්. ChatGPT වගේ දේවල් ඉඳලා තව වඩා දියුණු කෘතිම බුද්ධීන් අපිට අද දැකගන්න පුලුවන්. ෆිල්ම් පැත්තට ආවොත් Avengers: Age of Ultron (2015) එකේදි දැකපු අල්ට්‍රෝන්ගේ වැඩ මතක ඇතිනෙ? ඒ වගේම The Mitchells vs. the Machines (2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ මිනිස් රොබෝ ගැටුමත් මතක ඇති. තව ගොඩක් තියෙනව ඉතින් ලිපිය දිග වැඩි වෙන නිසා ඔතනින් උදාහරණ ටික නවත්වන්නම්.

ඒත් හදිසියේ හරි කෘතිම බුද්ධිය මිනිස්සුන්ට වඩා දියුණු වුණොත්? කවදාහරි අපිව ඒ විසින් යටත් කරගන්න උත්සහ දැරුවොත්? අපිට ඔවුන් යුධ තර්ජන කළාත්? මොන වගේ තත්වයක් උදා වෙයිද? ඒක හිතාගන්නත් බැරි තත්වයක් වෙයි නේද? මොකද නිකමට හිතන්න ඔවුන්ට අපි තාක්ෂණය හරහා කරන හැමදේටම ලේසියෙන්ම පිවිසෙන්න පුලුවන්. යුධ හමුදා ස්ථාන ගැන, ආයුධ රහස් ඇතුලු හැමදේම ඔවුන් අතට පහසුවෙන් ලැබෙනවා. හරි හමං ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තත් නැතත් ඒකේ භයානක කමක් තියෙනවා. මොකද අපියි තාක්ෂණයයි අතර තියෙන පරතරයට වඩා තාක්ෂණයයි තාක්ෂණයමයි අතර පරතරයක් නැහැ.

හරි The Creator (2023) චිත්‍රපටය ගොඩක් දෙනෙක් වගේම මමත් හරිම ආසාවෙන් එනකල් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි. මේකේ ප්‍රධාන චරිතය ජොෂුවා විදිහට John David Washington රංගනයෙන් දායක වෙනවා. එයා ගැන ඉතින් කවුරුත් දන්නවා ඇතිනේ? ඔව් මේ තමයි TENET (2020) එකේ එහෙම හිටපු ඩයල් එක වගේම Denzel Washington මහතාගේ පුත්‍ර රත්නය.

මේ ච්ත්‍රපටයෙ කියවෙන කතාව බොහොම කෙටියෙන් කියන්නම්. නිර්මාටා, ඒ කියන්නේ නේපාල භාශාවෙන් නිර්මාතෘ නැත්නම් නිර්මාණකරු. මේ නිර්මාටා නමින් හඳුන්වන්නේ කවුරුත් දන්නේ නැති අභිරහස් A.I. ඒ කියන්නේ ගොඩක් දියුණු ආකාරයේ කෘතිම බුද්ධි නිර්මාණකරුවෙක්. ඔහු අලුතෙන්ම නිර්මාණය කරන තව දෙයක් තමයි සිමියුලන්ට් රොබෝවරු. ඒ කියන්නේ මිනිස් ස්වරූපය, මතකය සහ ගති ගුණ දීල⁣ හදන මිනිස්සුන්ට ඉතා ආසන්න රොබෝවරු වර්ගයක්.

හැබැයි එක දවසක් ලොස් ඇන්ජලීස්වලදි සිදු වෙන මහා න්‍යෂ්ටික පිපිරුමක් නිසා නිර්මාටාට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙනවා. මේ පිපිරුම A.I. විසින් පුපුරවා හැරිය බවටයි මිනිස් හමුදා අංශ කියන්නේ. ඉතින් මේ නිසා A.I. තහනම් කරනවා. හැබැයි නව ආසියා ජනරජයේ ජනතාව ඇර. ඔව් නිර්මාටා ඉන්න ප්‍රදේශය පිහිටලා තියෙන තැන.

මේ යුද්ධය වෙනුවෙන් හමුදාව නෝමෑඩ් කියන ගුවනේ යානයක් විදිහට හදලා තිබෙන ප්‍රබල හමුදා ස්ථානය පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් බලවත් මිසයිල පිරුණු මේ හමුදා ස්ථානය ඔවුන් A.I. මුලිනුපුටා දැමීම වෙනුවෙන් සූදානම් කරනවා. හැබැයි මේ නිර්මාටා මේ හමුදා ස්ථාවය විනාශ කරන්න පුලුවන් ආයුධයක් මේ වන විටත් හදලා අවසන්. මේ ආයුධය මොකක්ද කියලා මම කියන්නේ නෑ ඒක ඔයාලා චිත්‍රපටයෙන්ම දකින එක වටිනවා.The

ඉතින් හමුදාව ඔවුන් එක්ක ඒ කියන්නේ මිනිසුන් කෘතිම බුද්ධියට එරෙහිව කරන සටනත්, ආයුධය සොයා එය විනාශ කර, නිර්මාටා සොයාගෙන ඔහුව ඝාතනය කරන්න දරන උත්සහයත් මේ චිත්‍රපටයෙන් ඔයාලට දැක බලාගන්න පුලුවන්. මේ වෙනුවෙන් හමුදාව කෙනෙක්ව කෘතිම බුද්ධි රොබෝවරුන් සහ ඔවුන්ට සහය දෙන මිනිස්සු ගැන ඔත්තු හොයන්න යවනවා, ඒ තමයි සාජන් ජොෂුවා.The Creator (2023) Sinhala Subtitles

අපි බලමු සාජන් ජොෂුවා ඒක මොන විදිහට කරාවිද? ඔහු සාර්ථක වෙවිද? අවසානයේ මෙම යුද්ධයෙන් මොන පාර්ශවය ජයග්‍රහණය ලබාවිද කියලා…

ඉතින් දැන් භාරයි ඔබට දැක බලාගන්න මේ මිනිස් – කෘතිම බුද්ධි යුද්ධය… The Creator (2023) Sinhala Subtitles

The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එල්.සී.දමැල් (Baiscopelk)
IMDb 7.1 /10 51,510 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Allison Janney isColonel Howell
Colonel Howell
Amar Chadha-Patel isOmni / SEK-ON / Sergeant Bui
Omni / SEK-ON / Sergeant Bui
Ralph Ineson isGeneral Andrews
General Andrews

Similar titles

Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Splice (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antidote (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magadheera (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Pilot. A Battle for Survival (2021)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Avengers (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published