EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Perdida (2023) | Lost Sofia (2023) සැබෑ ආදරය සොයා අතීතයට

Lost Sofia (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේ වසරේ නිකුත් වුනු තවත් ආදරණීය සලරුවක් තමයි මෙවර අරගෙන ආවේ. ඒ තමයි අතිශය ජනප්‍රිය වුනු Carina Rissi ගේ “Perdida” නවකතාව ඇසුරෙන් නිපදවන ලද, Romance, Fantasy, Drama වර්ගයේ බ්‍රසීල නිර්මාණයක් වූ Perdida. මුලින්ම තිරගත වුනේ 2023 ජුලි 13 දින බ්‍රසීලයේදී. භාෂාව පෘතුගීසි. ධාවන කාලය මිනිත්තු 115 යි. රංගනයෙන් දායක වෙන්නේ Giovanna Grigio ( සොෆියා ), Bruno Montaleone ( ඉයන් ක්ලාක් ), Bia Arantes ( තියෝඩෝරා ), Nathália Falcão ( එලිසා ) සහ Emira Sophia ( වැලන්ටිනා ).
කෙලින්ම කතාවට යමුකෝ. මේක ලස්සන ආදර කතාවක්. සොෆියා ප්‍රකාශන ආයතනයක වැඩ කරන, තමන්ගේම ශක්තියෙන් ජීවත්වෙන, නව පරම්පරාවේ තරුණියක්. දෙමාපියන් නෑ. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩස්, එමා යන පොත් වල රචිකාව වූ ජේන් ඔස්ටන්ගෙ නොම්මර එකේ රසිකයෙක්. ඒ පොත් වල තියෙන ලෝකයට තමයි එයා කැමති. වත්මන් ලෝකයේ සංකර ජීවන රටා ඇයට දිරවන්නෙ නෑ. ඒ නිසා ඇය බැඳීම් වලට බයයි. සොෆියට වෙලාවකට හිතෙනවා තමා උපන්නෙ වැරදි යුගයකද කියලා. දවසක් මෙයාගෙ පෝන් එක අවුල් වෙලා, මෙයා එක්තරා ගෑනු කෙනෙක්ගෙන් පෝන් එක ගන්නවා, කෝල් එකක් ගන්න. ඒ පෝන් එකේ යම් බලපෑමක් නිසා සොෆියාව යැවෙනවා කාලය හරහා අවුරුදු 200 ක් විතර අතීතයට, 1830 වර්ෂයට. ඉතින් ඇය පැතූ ලෝකය ඇයට ලැබේවිද? ඇය විශ්වාස කරන ආදරය ඇයට ඒ පැරණි ලෝකයෙන් හම්බවේවිද? ඇයට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වේද? මේ බ්‍රසීලයානු ආදර සලරුව බලමු. තදින් සිපගන්නා දර්ශන ඇරුනම අසභ්‍ය දර්ශන නම් මොකුත්ම නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.

Comments