CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3149 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vacation Friends (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vacation Friends (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 27, 2021United States103 Min.
Your rating: 0
7.1 8 votes
Vacation Friends (2021) | යාලුවො තමයි! හැබැයි නිවාඩුවට විතරයි!! [18+]

ඔයාලටත් ඉන්නවද ට්‍රිප් එකක් ඒම ගියාම විනෝදෙට විතරක් බර, කිසිම දෙයක් ගනන් නැති, හැමතිස්සෙම පිස්සු කෙලින, පිස්සු යාලුවො. අනිව අපි හැමෝටම ඒම යාලුවො එකෙක් හරි ඉන්නවා. සමහර විට මේ ලිපිය කියවන ඔයත් ඒ වගේ පිස්සු යාලුවෙක් වෙන්න පුලුවන්.. ඔයා එහෙම කෙනෙක් නම් මේ ෆිල්ම් එක ඔයාට…!!! ඇයි පිස්සු කෙලින යාලුවො නිසා අමාරුවෙ වැටෙන අය…? ඔව්, ඔව්, ඔයාලත් මේ ෆිලුම ඇතුලෙ ඉන්නවා… ඉතින් මොකද්ද මේ ෆිල්ම් එක.. “Vacation Friends..!”-“යාලුවො තමයි! හැබැයි නිවාඩුවට විතරයි!!”

ඉතින් ඔයාල දන්නවනේ අර වගේ පිස්සු යාලුවො සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ඒම ගියාම කොච්චර ආතල් උනත්, සාමාන්‍ය ජීවිතේ දී උන් කරන වැඩ නිසා වෙලාවකට උන්ව මල ඇණයක් වෙනව කියල.. මෙන්න මේ ෆිල්ම් එකේ ඉන්නෙත් අන්න ඒ වගේ ඔයාලට හිතාගන්නවත් බැරි තරම් තමන්ගෙ යාලුවොන්ට වද දෙන පිස්සු හුටන් දෙකක්.. ඇත්තටම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත 4 ක් ඉන්නවා. කපල් දෙකක්.. එක කපල් එකක් පිස්සු! අනිත් කපල් එක සීරියස්! මේ දෙගොල්ලො හම්බවෙන්නෙත් හරිම පුදුම සහගත දෛවෝපගත සිදුවීමක් නිසා. හරියටම කිව්වොත් අර පිස්සු කපල් එක නිසා අනිත් කපල් එකට වෙන අකරතැබ්බයකින් තමයි මේ දෙගොල්ලන්ගෙ මිතුදම පටන් ගන්නෙ. පටන් ගද්දිම ජරමර නම් එතනින් එහාට කෝම ඇද්ද.. හිතාගන්න පුලුවන්නෙ.

ඇත්තටම මේ චිත්‍රපටියේ මුල් ටික වත් මට කියන්න විදිහක් නෑ, මුල්ම ටික කිව්වත් කතාවෙ ස්පොයිල් නොකරන්න ඕනෙ කොටසක් ස්පොයිල් වෙනව. මොකද මේ කතාවේ විනෝදාත්මක ගතිය තියෙන්නෙ අපි හීනෙකින්වත් නොහිතන සිදුවීම් එක පාරටම සිදු වීම මත. මට ඒ ගැන නම් ඔයාලට පොරොන්දු වෙන්න පුලුවන්, අපි හීනෙකින්වත් හිතන දේවල් නම් මේක ඇතුලෙ සිද්ධ වෙන්නෙ නෑ. 😁

කතාව පටන් ගන්න විදිහ චුට්ටක් කියන්නම්. ඔන්න ඉන්නව කපල් එකක්. මුං දෙන්න මෙක්සිකෝවට නිවාඩුවකට ඇවිත් එයාපෝට් එකෙන් එලියට එන සීන් එකකින් තමා කතාව පටන් ගන්නෙ. මේ කොල්ල මේ ටුවර් එකේදී මේ කෙල්ලට ප්‍රපෝස් (“විල් යූ මැරී මී..”) කරන්න තමා හිතාගෙන ඉන්නේ. කොල්ල කිව්වට ඉතින් වයස නම් ටිකක් වැඩියි. Lil Rel Howery කියන නළුවා තමා මේ චරිතෙට පණ පොවන්නෙ, මෑත කාලයෙ ආපු ෆිල්ම් ගොඩක රඟපානවා, වයස නම් 40 ක් විතර වෙනවා, කතාවෙ විදිහට මෙයාගෙ නම “මාර්කස්”. කෝම හරි පොර මේ කෙල්ලව සර්ප්‍රයිස් කරන්නත් හිතාගෙන ලොකු වියදමක් දරල සුඛෝපභෝගී හෝටලයක මෙයාගෙම අදහස් වලට අනුව සැරසිලි කරපු විශේෂ කාමරයක් ඒම වෙන් කරගෙනයි තියෙන්නේ. ඉතින් මෙයාල මේ හොටෙල් එකටත් ගිහින්, හොටෙල් එකේ මැනේජර් එක්ක අර විශේෂ ආකාරයට සැරසිලි කරපු කාමරේට යනවා. ගිහින් ගෑණු ලමයව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කාමරේ දොර අරිනවා. මෙන්න මෙතනදි. මට එක දෙයක් ටක්කෙටම කියන්න පුලුවන්, ඒ ගෑණු ලමය විතරක් නෙමේ ෆිල්ම් එක බලන අපිත් සුපිරියටම සර්ප්‍රයිස් වෙනවා.. 😂

ඒ ඇයි? දන්නෙ නෑ, ඔයාම බලන්න. සොරි, මම කලින්ම කිව්වනේ චුට්ටක් හරි ස්පොයිල් උනොත් ඔයාලටමයි පාඩුව. එතකොට අනිත් පිස්සු කපල් එක?? ඔව්, මුල ඉදන්ම එයාලත් මේ කතාවට සම්බන්ධ වෙනවා. එයාලව හම්බෙන්නෙත් මේ හොටෙල් එකේදිමයි. අන්තිමේදී මේ දෙගොල්ලන්ගෙම ජීවිත එහෙම්පිටින්ම කණපිට හරවන සිදුවීම් රැසක් සිද්ද කරගෙන තමා නිවාඩුව ඉවර වෙලා දෙගොල්ලොම ගම රට බලා යන්නෙ. හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට මේ සිදුවීම් එයාලගෙ නිවාඩුවෙන් පිට බාහිර ජීවිත වලටත් ලොකු බලපෑමක් කරනවා. ඔන්න ඔතනින් තමා කතාව දිග්ගැස්සෙන්නේ. හැම විනාඩියකම හිනායයි කියල නම් හිතන්න එපා, ඒත් හොඳ විනෝදෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල නම් බය නැතුව කියන්න පුලුවන්. අනික IMDb 6.3 ත් කුණු තක්කාලි 60% කුත් මේකට ලැබිල තියනව මේ වෙද්දි, ඒ කියන්නෙ මාසයක් වගේ කාලයක් ඇතුලත, මේ අවුරුද්දෙ අගෝස්තු 27 තමා නිකුත් උනේ.

තව විශේෂ දෙයක් තියනව කියන්න, මේකෙ අර පිස්සු කපල් එකේ නලූව ගැන. සිනමා ක්ෂේත්‍රයෙත් තරු බවට පත්වෙලා ඉන්න WWE තරු තුන ගැන ඔයාලා දන්නව ඇතිනේ. “Rock”, “Batista” සහ “John Cena”. මේ ෆිලුමෙන් ඔබ හමුවට එන්නෙ අපි හැමෝම ආදරේ කරන සීනා. වෙලාවකට හිතෙනවා පොර ඇක්ෂන් ෆිල්ම් වලට වඩා ගැලපෙන්නෙ කොමඩි ඒවට ද කියල. සීනට කැමති උදවියත් මේ ෆිලුම බාගෙන බලන්න, පොරගෙ හොද ඇක්ටින් ටිකක් බලාගන්න පුලුවන්.

හරි කියන්න තියන දේවල් කිව්ව, ආයේ කියන්න දෙයක් නෑ. ඒනම් ෆිලුම බලන අයට හොඳ යාලුවො හතර දෙනෙක් එක්ක සුපිරි නිවාඩුවක් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නව අදට 😊.

    Vacation Friends Complete Collection
  1. Vacation Friends (2021)
  2. Vacation Friends 2 (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සප්තක අර්ථසාද් (Baiscopelk)
IMDb 6.3 /10 28,135 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

American Reunion (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatchet 2 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Mystery of the Batwoman (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaandaar (2015)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Covenant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Songbird (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published