EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Leo (2023) | සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

 

Welcome to LCU…..
තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… බලාපොරොත්තු වුණා වගේම සුභ අසුභ ප්‍රතිචාර මැද මාත් බලන්න ගියා.. වෙනදා වගේම FDFS miss වුණා..  දෙවනි දවසෙ ගියා.

මගේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ..  පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster 

 

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා.  සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්..  මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. 

 

අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න..  Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities  )

කතාව spoil කරන් නෑ.. බලන්න.. enjoy කරන්න.

ලිපි සැකැස්ම : Nithya Rupasinghe

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments