EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStuart Little 2 (2002) | අමුතු සහෝදරයා 2
සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff විසිනුයි. නළු නිළි කැල මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් ලිට්ල් විදිහට Michael J. Fox තම හඬ දායකත්වය ලබාදෙනවා. ස්නෝව්බෙල් සඳහා Nathan Lane ද, මාගලෝ ලෙස Melanie Griffith ද, මොන්ටි විදිහට Steve Zahn ද, ෆැල්කන් ලෙස James Woods ද මෙම චිත්‍රපටය සඳහා හඬ දායකත්වය ලබා දෙනවා. ස්ටුවර්ට්ගේ මව ලෙස Geena Davis ද, ස්ටුවර්ට්ගේ පියා විදිහට Hugh Laurie ද, ස්ටුවර්ට්ගේ සහෝදරයා වෙන ජෝර්ජ් විදිහට Jonathan Lipnicki ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටය බෙදා හරින්නෙ Colombia Pictures චිත්‍රපට සමාගම විසිනුයි. හරි එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
මුල් කතාව බලපු අය දන්නවා ඇතිනේ ස්ටුවර්ට් කියන්නෙ පුංචි මීයෙක් කියලා. ඉතින් දවසක් මෙයාට මුණ ගැහෙනවා එයාගෙම ප්‍රමාණයට ගැලපෙන යාළුවෙක්ව. එයා පුංචි කුරුල්ලෙක්. ඊට පස්සෙ මෙයාගෙ හොඳම යාළුවා වෙන්නෙ මේ පුංචි කුරුල්ලා තමයි. හැබැයි මේ පුංචි කුරුල්ලා මේ ස්ටුවර්ට් හිතන් ඉන්න විදිහෙ කෙනෙක් නෙවෙයි. ඉතින් මම කතාවෙ විස්තරෙට කියන්නෙ මෙච්චරයි. චිත්‍රපටය නරඹලා ඔයාලම ඉතිරිටික දැනගන්න.
- Stuart Little (1999)
- Stuart Little 2 (2002)





