EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGhoomer (2023) | සිංහල උපසිරැසි සමඟ
චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..
ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.
”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”




