EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSukhee (2023) | රීයුනියන් පාටිය
කාන්තාවකගේ ජීවිතය හරියට පරිච්ඡේද වලින් පිරුණු කතා පොතක් වගේ. ඉතින් ඒ වගේ රස පරිච්ඡේද වලින් පිරිණු ගැහැණියකගේ කතාවක සිංහල උපරැසිය අරගෙන ආවා. නමින් Sukhee (සුකී) මේ ෆිල්ම් එක,
IMDb – 6.9/10
Release Date – September 22,2023
Running Time – 139 minutes
එමෙන්ම මෙම ෆිල්ම් එක,
- Directed By – Sonal Joshi
- Written By – Radhika Anand, Paulmi Dutta, Rupinder Inderjit
- Produced By- Bhushan Kumar, Krishan Kumar, Vikram Malhotra, Shikhaa Sharma
මෙහි නළු/නිළියන් ලෙස (Cast)
- Shilpa Shetty – සුකී ලෙසත්,
- Chaitanya Choudhry – ගුරු ලෙසත්,
- Amith Sadh – වික්‍රම් වර් මා ලෙසත්,
- Kusha Kapila – මෙහෙර් ලෙසත්,
- Dilnaz Irani – මාන්සි ලෙසත්,
- Pavlee Gujrai – තාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන ටිකක් කියන්නම්,
සුකී කියන්නෙ සාමාන්‍ය පවුලක ගෘහණියක්. ඇයට දවසක් තම පාසලේ රියුනියන් පාටියක ආරාධනාවක් ලැබෙනවා. ඉතින් ඇයට පාසල් කාලයේ යහළුවන් මුණ ගැසීමට අවශ්‍ය බැවින් ඇයගේ සැමියා වන ගුරුගෙන් අවසර ඉල්ලනවා. මේ අතරතුරේ ගුරුට එක් කොන්ත්‍රාත්තුවක කාර්‍ය බහුලව වැඩ කිරීම හා සුකීගේ දුව වන ජස්සි විභාගය නිසාත් සුකීට පාටියට යන්න එපා කියනවා. නමුත් ගුරුගේ සීයා සුකීට යෑමට අවසර ලබා දුන්නත් ඔහු හදිසියේම මිය යනවා. මේ සිද්ධිත් එක්ක රියුනියන් පාටිය අමතක කරන සුකීට එහි යාමට දුම්රිය ටිකට් පතක් ලැබෙනවා. එම ටිකක් පත ලබා දී තිබෙන්නේ මියගිය ගුරුගේ සීයා විසින් ය. මේ නිසාම සුකී පාටියට යෑමට නැවතත් අවසර ඉල්ලුව නමුත් ගුරු අවසර ලබා නොදෙනවා.
ඉතින් ඇය හොරෙන්ම රියුනියන් පාටියට යනවා. එහිදී ඇයට පාසලේ හොඳම යාළුවෝ තුන්දෙනාව මුණගැසෙවා අතරම පාසල් කාලයේ සිටම සුකීට හිතින් ආදරය කරපු පුද්ගලයෙක් මුණගැහෙනවා.
ඉතින් මෙතන් පටන් සුකීගේ ජීවිතය කෙසේ වෙනස් වේවිද?



